දිවුලපිටිය වෙඩි තැබීමට පළාත් සභා මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට

මියගිය පුද්ගලයා මිනුවන්ගොඩ අයෙකි පදිංචි කරුවෙක්

දිවුලපිටිය වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ වැගොවුව ප්‍රදේශයේ පදිංචි නාවලගේ තක්ෂිල කුරේ යන අයෙකි මොහු කලක් නාවික හමුදාවේ සේවය කර ඇති අතර පසුව මත්ද්‍රව්‍ය සහ මත්පැන් සම්බන්දයෙන් අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයෙකි. සිද්ධිය ස්ථානයේදී අත්අඩංගුවට පත්ව ඇති පිරිස අතර ගම්පහ ප්‍රදේශයේ පළාත් සභා මන්ත්‍රී වරයෙකුද සිටින බවට වාර්තා වී ඇත.

මුලින්ම පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තැබීම සිදුකර ඇත සිධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි තවත් පුද්ගලයෙකු වෙඩි තැබීමේදී තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත් කර ඇත. ඔහු මිනුවන්ගොඩ අලුතපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සිද්ධිය වන අවස්ථාවේ දෙපිරිස අතර වූ වෙඩි තබා ගැනීම යුධ පිටියක් වූ බව ප්‍රදේශ වාසීන් ප්‍රකාශ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී තුමන්ගේ මෙහෙය වීමෙන් දිවුලපිටිය පොලීසිය පරීක්ෂණ සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *