60,000 ක් මරා දමන විට නිහඩවු සජිත් තරුණ ප්‍රඥප්තියක් ගෙන ඒම සියවසේ ලොකුම විහිළුවයි

60,000 ක් මරා දමන විට නිහඩවු සජිත්
තරුණ ප්‍රඥප්තියක් ගෙන ඒම සියවසේ ලොකුම විහිළුවයි

88-89 භීෂණ කාලයේදී සිය පියාගේ ආණ්ඩුව මෙරට තරුණ තරුණයින්ව
60,000 ක් මරා දමන විට ඒ පිළිබඳව කිසිවක් නොකියූ සජිත් ප්‍රේමදාස මහතා
තමන් බලයට පත්වූ විට තරුණ ප්‍රඥප්තියක් ගෙන එන බවට ප්‍රකාශ කිරීම
තරම් විහිළුවක් නැතැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා
ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි . ඔහු පෙන්වා දෙන්නේ
සජිත්ගේ තරුණ ප්‍රඥප්තිය මේ සියවසේ ලොකුම විහිළුව බවයි
.
කටුනායක සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව
මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් ඇමතිවරයා මේ බව සඳහන්
කළේය . එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ
ද කීවේය.
” පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ තරුණයන්ට ලක්ෂ 10 ක් රස්සාවල්
දෙනවා කියලා කිව්වා . එහෙම බොරු කියලා තමයි යහපාලන ආණ්ඩුව
බලයට පත්වුණේ . හැබැයි යහපාලන ආණ්ඩුව තරුණ තරුණයින්ට කරපු
දෙයක් නෑ . එදා සජිත් ප්‍රේමදාස යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමති . පක්ෂයේ
නියෝජ්‍ය නායකයා . ඔහු කළේ උස අයට සිකියුරිටි කම්, මිටි අයට කම්කරු
රස්සා දෙන්න කටයුතු කරපු එකයි .මුහුදු වෙරළක කොට කලිසමකුත් ගහගෙන
සජිත් තරුණ ප්‍රඥප්තිය හදන විධිහ ඔය අන්තර්ජාලයේ තවමත් තියෙනවා .
උස අයට සිකියුරිටි රස්සාවයි , මිටි අයට කම්කරු රස්සාවයි දෙන්න කතා කරපු
මනුස්සයා මේ රටේ තරුණ ප්‍රඥප්තියක් ගැන කතා කරන එක විහිළුවක් .

1
4

එයාගේ තාත්තා තමයි 88-89 මේ රටේ තරුණයන්ව මැරුවේ . ඒ තරුණයන්ගේ
දෙමාපියන්ට , පවුල් වලට සාධාරණයක් ඉටු කරන්න කතා නොකරන සජිත් මේ
කරන්නේ තරුණයන් රැවටීමක් . තරුණ ප්‍රඥප්තියක් හදන්න ඉස්සසෙල්ලා 88-
89 තමන්ගේ තාත්තා කරවපු තරුණ ඝාතන ගැන ජාතියෙන් සමාව ගත යුතුයි.
සජිත් දන්නවා එතුමාට ජීවිතේට අගමැති කමවත් , ආණ්ඩුවක්වත් ගන්න බැරි
බව . එහෙම වුණාම ඕන තරම් බොරු පොරොන්දු දෙන්න පුළුවන් ,
ආකර්ෂණීය පොරොන්දු දෙන්න පුළුවන් . සජිත් ජනාධිපතිවරණයට කියපු
දේවල් මිනිස්සුන්ට අමතක නෑ . මම නම් කියන්නේ නියත පරාජය හමුවී
සජිත්ලා මරු කියවන බවයි.
ප්‍රශ්නය – කොහොමද මෛත්‍රී සිරිසේන ජනාධිපතිතුමත් එක්ක ඔබතුමාට
තියෙන සම්බන්ධතාවය ?
උත්තරය – එයත් එක්ක මොන සම්බන්ධතාද .
ප්‍රශ්නය – ඔබතුමා එයත් එක්ක තරහයිද ?
උත්තරය – මට එයත් එක්ක පෞද්ගලික තරහක් නෑ.හැබැයි එයා රටත්
කෑවා,පක්ෂයත් කෑවා.රනිල් එක්ක එකතු වෙලා රට විනාශ කලා.ඒකට මම
තරහයි.දැන් එයා පොහොට්ටුවත් එක්ක තරඟ කරනවා.
ප්‍රශ්නය – සහයෝගය ලැබෙයිද ?
උත්තරය – මොන සහයෝගයක්ද. පොළොන්නරුව මිනිස්සු පොහොට්ටුවට ඡන්ද
දුන්නට මෛත්‍රීට ඡන්ද දෙන එකක් නෑ . මොකද මෛත්‍රී රටට කරපු හානිය
පොළොන්නරුව මිනිස්සුන්ට අමතක නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *