ජාතික පෙරමුණේ පස්වන සංවත්සර සැමරුම ගම්පහ දී

යක්කල සීෂෙල් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත

වැව් බැදී රටේ ජන හදවතේ සලකුණ වන වී කරල ලකුණින් ආරම්භ කල අපේ ජාතික පෙරමුණ පක්ෂයේ පස්වන සංවත්සර උත්සවය හෙට දිනයේ (28) යක්කල සීෂෙල් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පක්ෂ නායක රංජිත් පීරිස් මහතා සදහන් කරයි.

වාම ප්‍රගතිශීලී ජනතාව වෙනුවෙන් බිහිකළ අපේ ජාතික පෙරමුණ අද වනවිට රට තුළ හොද පිළිගැනීමකට ලක්වෙලා මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධාන ගතවීම තුලින් මෙරට දේශපාලනයේ ගාමක බලවේගය ලෙස පෙනීසිටීම අපේ ප්‍රධාන අරමුනයි .ඒ වෙනුවෙන් රට පුරා විසිරී සිටින අපේ පක්ෂ සාමාජිකයින් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් හෙට දිනයේ ගම්පහ යක්කල පැවැත්වෙන සංවත්සර උත්සවයට සහභාගී වීමට නියමිතයි.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් රෝහණ ලක්ෂමන් පියදාස, එකසත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරුන් සහභාගී වීමට නියමිතයි. අතිගරු ජනාධිපතිතුමන් සමග එකතුව මේ රට වෙනස් කරන ජනහිතකාමී ගමන වෙනුවෙන් අපේ ජාතික පෙරමුණ පෙනී සිටිනවා.

One thought on “ජාතික පෙරමුණේ පස්වන සංවත්සර සැමරුම ගම්පහ දී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *