ගතවූ පැය 24 තුල ඇදිරි නීතිය උල්ලංගනය කල 588 අත්අඩංගුවට
ගත් වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.ඒ සමඟ වාහන 132 ක් ද පොලිස් බාරයට ලත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.රටපුරා කොරොනා වසංගතය නිසා ඇඳිරි නීතිය පැන වු දින සිට ඊයේ (22) දක්වා කාලය තුළ අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් ගණන 35321 ක් වන අතර වාහන 9015 ක් ද පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිකුත් කළ හඩ පටයේ සදහන් කර තිබේ.