56කට කොරෝනා . කන්දකාඩු පොකුරක් මතුවේ..
56කට කොරෝනා . කන්දකාඩු පොකුරක් මතුවේ..
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි 56 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
එහි 450 දෙනෙකුට කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
පසුගිය දින කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක් කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක්කළ අයෙකි.