උතුරේ ජලගැලීම් නිසා පවුල් 16,872 කට අයත් පුද්ගලයන් 54,819 දෙනකු පීඩා

දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි

පසුගිය දින කිහිපයේදී  මුලතිව් ,කිලිනොව්ච්.මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක ඇතුළුව උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වු ජල ගැලීමෙන් පවුල් 16,872 කට අයත් පුද්ගලයන් 54,819 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් හා ප්‍රදේශයේ ආරක්ෂක අංශ පවසයි. ජල ගැලීම් හේතුවෙන් උතුරු පළාතේ වැඩිම පිරිසක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පීඩාවට ලක්ව ඇති අතර, කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූවේ දිස්ත්‍රිකය තුළ පවුල් 1394 කට අයත් පුද්ගලයින් 4649 දෙනකු පීඩාවට ලක්ව ඇති බවයි.

දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්ව සිටින පිරිස් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 26 ක රදවා තිබෙන අතර, රැදවුම් මධ්‍යස්ථාන තුළ පවුල් 2034 ක් මේ වනවිට රැදී සිටින බවද ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූහ.

මුලතිව් දිස්ත්‍රික්කය තුළ ජල ගැලීම් හේතුවෙන් පවුල් 1414 කට අයත් පුද්ගලයින් 4443 දෙනකු පීඩාවට ලක්ව සිටින අතර, මුලතිව් දිස්ත්‍රික්කයේ පීඩාවට ලක්වූවන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 28 ක පුද්ගලයින්4917දෙනකු රඳවා සිටින බවද මුලතිව් ආපදා කලමනාකරණ මධධස්ථාන පැවසීය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළද පවුල් 27 කට අයත් පුද්ගලයින් 85 දෙනකු පීඩාවට ලක්ව සිටින බව මන්නාරම ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් පැවසූහ.

ආපදාවට ලක් වූවන් වෙනුවෙන් සහන සැළසීම වෙනුවෙන් කිලිනොච්ච්ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විශේෂ සාකච්ජාවක් ද 22 වැනි දින සවස පැවැත් විණ.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමේනායගම් මහතා, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එන්.ඉලන්ගෝවන් මහතා හා ප්‍රදේශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාවන් පැවැත්විණ.කිලිනොච්චිය ඉරණමඩුව ජලාශය වාන් දැමීම හා ප්‍රදේශයේ කුඩා ,ලොකු හා මධ්‍යම ප්‍රමාණයේ එකවර වැව් වාන් දැමීම හේතුවෙන් ජල ගැලීම් ඇතිව තිබිණ.

මාන්කුලම ප්‍රදේශයේ වැවක් කැඩී යාම හේතුවෙන්ද ඒ -9 මාර්ගය යට වී තිබු අතර ප්‍රදේශයට 22 වැනි දින සවස වන විටත් වර්ෂාවන පැවතිනි.කිලිනොච්චිය ඉරණමඩු වැවේ වාන් මට්ටම අඩි 36 ක් වන අතර මේ වන විට වැවේ ජල මට්ටම අඩි 38 ක් දක්වා ඉහළ ‍ගොස් ඇති බව වාරිමාර්ග නිලධාරිහු පවසති.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වව්නියාව, යාපනනය දිස්ත්‍රික්යන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දොළහකට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අපදාවට පත් ජනතාව සඳහා අවශ්‍ය කඩිනම් පහසුකම් සැළසීමට සියලු පියවර ගෙන තිබෙන බව ආපදා කලමණාකරණ මධ්‍යෂ්ථානය ප්‍රකාශ කරයි.

පූර්ණ හා අර්ධ හානි වූ නිවාස සඳහා කඩිනමින් වන්දි මුදල් ලබාදීම තක්සේරු කටයුතු සිදුකළ වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ආපදාවට පත් ජනතාව මුදා ගැනීම සහ සහන සැළසීම සඳහා ත්‍රිවිද හමුදාව සහ පොලීසිය අඛණ්ඩ සහයෝගය ලබා දුන් බවද පැවසීය. හානියට පත් නිවාස සඳහා ලබාදෙන රුපියල් දස දහසක මුදලද ලබා දෙන බවද කීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා-

අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ පිරිස් සඳහා සහන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ආරක්ෂක ස්ථාන 52ක් පුරා පුද්ගලයින් අටදහස් පන්සියයකට අධික පිරිසක් ඊයේ(23) පස්වරුව වන විට රැදී සිටියා. ඔවුන් සඳහා පිසු ආහාර, වියලි ආහාර සහ සියලුම ප්‍රථමාධාර අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අපදා කලමණානරන අමාත්‍යාංශය, අපදා සහන සේවා මධ්‍යෂ්ථානය හරහා ආපදා කළමනාකාරන ඒකකත් සමඟ දිස්ත්‍රික්ක ලේකම්තුමන්ලාගේ සහ ප්‍රාදේශිය ලේකම්තුමන්ලාගේ අධීක්ෂණයෙන් සහන කටයුතු ක්‍රියාත්මක කරනවා. පීඩාවට පත් ජනතාව හතලිස් හතර දහසකට අධික පිරිසක් අපට වාර්තා වුණා.

රාජාංගනය, දැදුරුඔය, ඉරණමඩු ආදී ජලාශ ගණනාවක වාන් දොරටු විවෘත කර තිබෙනවා. මෙම ජලාශයන්හි පහළ වාරි කලාප වන සිටින ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුයි. පරණ මන්නාරම් මාර්ගයේ එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවි තිබෙන බව වාර්තා වනවා. එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කිරීම ඉතාම වැදගත්. නිවාස පූර්ණ හානි හයකුත් අර්ධ හානි එකසිය පනස් එකකුත් වාර්තා වෙනවා. අපදාවට පත් ජනතාවට තම ගැටලු 117 දුරකතනයට පැය 24 පුරාම ඉදිරිපත් කළ හැකියි.

22 දිනයේ මුලතිව් දිස්ත්‍රික්කයේ කොමලමුනේ ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු බේරා ගැනීමට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණයෙන් යුද හමුදාව මගින් සිදුකළා. නුවර දිස්ත්‍රික්කයේත් වැසි සහිත තත්ත්වයන් වාර්තා වුණා. ගඟවට කෝරලයේ උඩුගම්පොළ ප්‍රදේශයේ පවුල් අසූ පහක ජනතාව මේ නිසා පීඩාවට පත්වුණා. උතුරු ප්‍රදේශයේ ජලය බැස යමින් පවතින බව මේ වන විට වාර්තා වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *