කොරෝනා අසාධිතයින් 50 ක් වෙයි මහ මැතිවරණය කල් යයිද??

මෙරට ප්‍රදේශ රැසකට දැනට ක්‍රියාත්මක පොලිස් ඇදිරි නීතිය හෙට දිනයේද ක්‍රියාත්මක නිසා ජනතාව ගමන් බිමන් යාමෙන් වැළකී හැකිතරම් නිවාස වලටම වී සිටින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැන්ව සිටී අත්‍යවශ්‍ය කටයුත්තක් හැර අන් කිසිවක් සදහා නිවසින් බැහැර නොයාමට වග බලා ගැනීම සියලු දෙනාගේ වගකීම බව සදහන් කරයි

පසුගිය දින කිහිපයේ ක්‍රමිකව වර්ධනයවූ රෝගීන් ප්‍රමණය මේවන විට පනහක් දක්වා වැඩිවී ඇති බව සදහන් කරන අතර සමස්ථ අසාධිතයින් බවට සැක කරන රෝගීන් 200 කට අධික ප්‍රමාණයක් රෝහල් වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කරයි

හෙට දිනයේ ඉදිරි මහා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරදීමේ අවසන් දිනය බැවින් සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත ආධාරකරුවන් සහ පිරිවර සමග ගැවසීමෙන් තොරව තම නාමයෝජනා පත්‍ර භාරදෙන ලෙස දැනුම් දෙයි

ඉදිරි මැතිවරණය නියමිත දිනට පැවැත්වෙන වාද නැතිනම් කාලය දීර්ඝ කරනවාද යන්න හෙට දිනයේ මැතිවරණ කොමිසම මගින් තීරණයක් ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි දැනගැනීමට ලැබී ඇති තොරතුරු මත මැතිවරණය මසකින් හෝ දෙමසකින් දීර්ඝ කිරීමේ ඇති තත්වයක් සම්බන්ධයෙන් තොරතුරු ඇත

එය එසේ සිදුවන්නේ නම් මෙරට මැතිවරණ ඉතිහාසයේ මහා මැතිවරණයක් කැදවා නාම යෝජනා දීමෙන් පසු වැඩිම කාලයක් මැතිවරණය වෙනුවෙන් ගැනීමේ මැතිවරණය බවට මෙම මහා මැතිවරණය පත්වනු ඇත සාමන්යෙන් නාමයෝජනා කඩවීමෙන් අනතුරුව මහ මැතිවරණය මාස එකහමාරක කාලයකින් පැවැත්වීම සාමාන්යෙන් සිදුවන නිසාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *