පොළොන්නරුවේ වැළි කැපීම සදහා නව බලපත්‍ර 4000 ක් දෙනවා // රොෂාන් රණසිංහ කියයි

දැනට පොළොන්නරුවේ වැළි කැපීම කරන්නේ ව්‍යාපාරිකයන් හතර දෙනෙක් විතරයි මම ඉදිරියේදී එම ව්‍යාපාරය පොළොන්නරුවේ ව්‍යාපාරික තරුණයන් හාරදාහක් අතරේ බෙදා දෙනවා එකෙන් තරුණ යන්ට ආර්ථික දියුණුව ඇතිකිරීමට හොද අවස්ථාවක් නිර්මාණය වෙනවා මගේ යටතේ ඒ දේවල් පොළොන්නරුවේ තරුණයන්ට ලැබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින කණ්ඩායම් නායක හිටපු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සදහන් කරයි

දැනට මහා වැලි අශ්‍රිතව දැවැන්ත වැලි ජාවාරමක් සිදුවන අතර නීතිවිරෝධී ලෙස සිදුකරන මෙම වැලි ජාවාරම් නිසා මහවැලි ගග ආශ්‍රිතව විශාල පරිසර දුෂණයක් සිදුවන අතර මේ සම්බන්ධයෙන් පරිසර වේදීන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අවස්ථාවක පොළොන්නරුවේ නව වැලි බලපත්‍ර 4000 ලබාදීම තුල සිදුවන පරිසර හානිය කෙතෙක්ද යන්න ගණනය කිරීමට නොහැකි බව ඔවුන්ගේ අදහසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *