අහුන්ගල්ලේ හෝටල් පහක විදේශිකයන් 371 ක් පොලීසියේ ලියාපදිංචි කරයි!!

අහුන්ගල්ල පොලිස් වසම තුල පිහිටි හෝටල් 05 ක නවාතැන් ගෙන සිටින විදේශිය ජාතිකයින් තුන්සිය හැත්තෑ එක් දෙනෙකු (371) කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් අද (19) දහවල් 12.00 වන විට අහුන්ගල්ල පොලීසියේ ලියාපදිංචි වී තිබේ.

අහුන්ගල්ල පොලීසියේ උපදෙස් පරිදි ඔවුන්ගේ විනෝද ගමන්, චාරිකා හා වෙනත් උත්සව අවස්ථාවන්ට සහභාගී වීම අවලංගු කර නවාතැන් ගෙන සිටන හෝටල තුලම ඔවුන් නිරෝධායනයට ලක්කර තිබේ.

ඒ අනුව අහුන්ගල්ල රියු හෝටලයේ 251 ක්, අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ 80 ක්, අහුන්ගල්ල වතුරේගම පිහිටි ලෝටස්විලා හෝටලයේ 20 ක් හා බෝගන්විලා හෝටලයේ 04 ක් සහ බළපිටිය වැල්ලබඩ සෙනගාවා හෝටලයේ 16 ක් වශයෙන් මෙම පිරිස ලියාපදිංචි කර ඇත.

මෙසේ ලියාපදිංචි කර තිබෙන සියළු දෙනා විදේශීය ජාතිකයින් බවත් ඔවුන්ගෙන් බොහෝ පිරිසක් මේ වන විට එම හෝටල තුල නවාතැන් ගෙන සිටින්නේ නැවත තමන්ගේ රටට යෑමට නොහැකි තත්ත්වයක් තුල බවත් අහුන්ගල්ල පොලීසිය කියයි. විදේශගතව සිට පැමිණි කිසිවෙක් අහුන්ගල්ල පොලිස් වසම තුල ලියාපදංචි වී නොමැති බවද අහුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් ජයතිලක මහතාගේ මෙහෙයවීම මත මෙම පිරිස ලියාපදිංචි කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *