කැපුවත් නිල්, කොල,රතු ලේබල් ගලවා දමන්නට පටන් ගත යුතුයි//සුනේත්‍රා සමරකෝන්

කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු යන ලේබල් ගලවා දමන්නට පටන් ගත යුතුයි.–සුනේත්‍රා සමරකෝන්

අපේ ජන බල පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත්ව සිටින ගමිපහ දිස්ත්‍රික් අපේක්ෂිකා සුනේත්‍රා සමරකෝන් මහත්මිය මේ බව ප්‍රකාශ කළේ මිරිගම ඉඹුලන්වල ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී ය

මේ ජන බල පක්ෂය අලුත් දේශපාලන සංවිධානයක් බව ඔබට පෙනෙනවා ඇති. ඒ වුණත් වුණත් මේ පක්ෂයට නායකත්වය ලබා දෙන්නේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි සහ අතුරලියේ රතන ස්වාමීන් වහන්සේලායි. උන්වහන්සේලා අපේ රටේ ජාතික ව්‍යාපාර වල පෙරමුණ ගත් ස්වාමීන් වහන්සේලායි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි සාම්ප්‍රදායික සාමිපදායික මතවාදවලින් ඉවත් වෙලා හිතන්නට අවශ්‍යයයි. කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු යන ලේබල් ගලවා දමන්නට පටන් ගත යුතුයි.

රට නිදහස ලබලා වසර හැත්තෑ ගණනක් යන තුරුත් අපේ දේශපාලකයන් විසින් නීතිය කැඩුවා. රටවැසියෝ ණය කාරයෝ කළා. ඒක හරිම ශෝචනීය තත්ත්වයක්. ඒ තත්වයෙන් රට ගලවා ගන්නටයි අපේ ජන බල පක්ෂය උත්සාහ කරන්නේ. මේ බව ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. ඒ නිසා අපි මේ රටේ දෙවැනි දේශපාලන බලවේගය බවට පත් වෙමින් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයට දෙකට කැඩිලා. ජනතාවගෙන් දුරස් වෙලා. ශීූ ලංකා නිදහස් පක්ෂයත් ඊට දෙවෙනි නෑ. ඔවුන්ගේ බහුතරය පොහොට්ටුව හදා ගෙන එලියට ගියා.

අභිමානවත් ජාතියක් ගොඩනැඟීමේ අභිලාෂයෙන් අපේ ජන ජන බල පක්ෂය මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා. ඡන්ද පත්‍රිකාවේ ඉහළින්ම තිබෙන්නේ අපේ සලකුණ වන කොඩියයි.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තක් තිබෙනවා. මේ දිනවල කරුණඅම්මාන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එල්ටීටීඊ සමයේ අපේ රණවිරුවො 2000 කට වඩා මරා දැමූ අයෙක්. ඔහුට එක නීතියක් ක්‍රියාත්මක වෙද්දි අපේ ගමේ අහිංසක මනුස්සයෙකුට ක්‍රියාත්මක වෙන්නේ වෙන නීතියක්. අපේ පක්ෂය ස්ථාපිත කරන්නේ රටම එක නීතියක් බව මතක තබා ගන්න.

ඒ වගේම ආර්ථිකය ගැන හිතන්න ඕන වෙලාවක් මේක. ආනයනය සීමා කරලා අපනයනය වැඩි කරන ක්‍රමවේදයකට අපි යා යුතුයි. කහ ටික, ඉඟුරු ටික, ලුණු ටික විතරක් නෙවෙයි ඉදි කටුව පවා පිට රටින් ගේනවා. අපේ රටේ මුදල් පිට රටවල් වලට කෝටි ප්‍රකෝටි ගණනින් ගලා ගෙන යනවා.

අපේ කාන්තාවෝ දුක් ගැහැට විඳලා පිටරට ගිහිල්ලා, තාඩන පීඩන මැද ගෘහ සේවය කරලා එවන විදේශ විනිමය අනවශ්‍ය දේට පිටරටට යෑම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ කෙසේ වෙතත් අපි අපේ කාන්තාවෝ පිටරටවල බැලමෙහෙවරට නොයැවිය යුතුයි.

මේ රට ස්වයංපෝෂිත කරන්න මොනතරම් ක්‍රම තියෙනවද? දේශීය කර්මාන්ත වැඩිදියුණු කරන්නන ඕනෑ. වායු දූෂණය කෙරෙන ගල් අඟුරු ආදියෙන් බල ශක්තිය උත්පාදනය කරනවා වෙනුවට අප පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් වෙත මාරු විය යුතු යි.

මේ අන්තවාදය පතුරන මදුසා පාසල් නිසා ප්‍රහාරය එල්ල වුණා. ඒ වගේ අනාගතයේදී පන්සල් හා පල්ලි වලට යම් අනර්ථයක් සිදු වන්නට පුළුවන්. ඒ නිසයි අපේ ස්වාමීන් වහන්සේලා මේ තරම් කෑ ගහන්නේ අර මදුසා පාසල් තහනම් කළ යුතුයි කියා.

ඡන්දයක් තියෙන නිසා කිසි කෙනෙක් මේ මදුසා පාසල් ගැන කතා කරන්නේ නෑ. දේශපාලන තක්කඩියෝ එහෙම කරන්නේ ඡන්ද බලාගෙන. දේශපාලන වාසි බලාගෙන. පසුගිය වතාවේ හැට නම ලක්ෂයක් සිංහල බෞද්ධ ඡන්ද ලබා දුන්නේ හොඳ නායකයෙක් තෝරා ගන්න. මමත් ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම් පනහකට වඩා වැඩි ප්‍රමාණයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සංවිධානය කළා.

අපේ පාර්ලිමේන්තුවට දූෂණයෙන් වංචාවෙන් තොර කණ්ඩායමක් පත් කර ගත යුතුයි. ඒකට මම මුලිනුත් කිව්ව විදිහට කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු ආදී වශයෙන් පිල් බෙදීමෙන් තොරව එකාවන්ව සිතිය යුතු බවට මම අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *