අසාධිතයින් ගණන 330 ක් වෙයි නාවුක සෙබළෙකුට කොරෝනා වැලදෙයි
අද රාත්‍රී වන විට මෙරට වාර්තා වන කොරෝනා අසාධිතයින් ගණන 330 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි වැලිසර නාවුක හමුදා කදවුරේ සේවය කල නාවුක හමුදා සෙබළෙකුට කොරෝනා අසාධනය වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කරයි පොළොන්නරු දිස්ත්‍රික්කයේ වාර්තා වූ පළමු කොරෝනා අසාධිතයා වන්නේ එම නාවුක හමුදා සෙබලය මේ නිසා ලංකාපුර ප්‍රදේශයේ ගම්මාන 12 ක් වසා දැමීමට කටයුතු කර ඇත.මෙසේ වසා දමා ඇත්තේ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන 12කි.අදාල සෙබළා සමග හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙසු සෙබළුන් හඳුනා ගැනීමට ද කටයුතු සිදු කරමින් පවතී.