විශ්වාශ භංගයට එජාප 27 කගේ සහය

එක්කෝ විරුද්දව චන්දය දෙනවා නැත්නම් නොපැමිණ සිටිනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ද විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාශ භංග යෝජනාව ලබන මස 4 වෙනිදා විවාදයට ගැනීමට නියමිතයි.ඊට පෙර පක්ෂය තුල ප්‍රතිසංවිධානයක් සිදු නොවුවහොත් තමා යෝජනාවට පක්ෂව චන්දය ප්‍රකාශ කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.තවත් මන්ත්‍රීවරු 26ක් විශ්වාශ භංගයට පක්ෂව චන්දය දීම හෝ එදිනට පාර්ලිමේන්තුවට නොපැමිණීම සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.මෙය කිසිසේත්ම ආණ්ඩුව වැට්ටවීමට සිදුකරන ක්‍රියාවක් නොවන බවත් රට ජාතිය ගැන සිතන නායකයෙකු තම පක්ෂයට අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය වරයා විසින් ප්‍රකාශ කලේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වී ජයගත් මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සඳහා පවතී උත්සවයකදීය.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව ආනමඩුව එජාප සංවිධායක දුරයෙන්ද ඉල්ලා අස්වූ රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍ය වරයා
අගමැති වරයා දුරයෙන් ඉවත් නොවන්නේ නම් ඔහුට එරෙහිව විශ්වාශ භංගයක් ගෙන ආයුතු බවටද  මීට පෙර ප්‍රකාශ කර තිබුණා.අගමැතිට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් 04 විවාදයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *