24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක්

ගාස්තු වැඩිවීමක් ඉල්ලා බස් සංගම් වර්ජනයකට සැරසෙයි

තමන් ඉල්ලා සිටින සියයට දහයක බස් ගාස්තු වැඩිකිරීම අනුමත නොකරන්නේ නම් එළැඹෙන 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට කෙටිදුර බස්රථ සහ අන්තර් පළාත් බස්රථ ධාවනයෙන් ඉවත් කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසයි.

මේ අතර ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු 10% කින් ඉහල දැමිය යුතු බවට සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (17) දින පස්වරුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.

මෙ සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශකර සිටියේ ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ යාමත් සමගම සමස්ථ ලංකා බස් හිමියන්ගේ සංගමය 10% කින් බස් ගාස්තු වැඩිවිය යුතු බවට තමාගෙන් ද ඉල්ලීමක් කර ඇති බවයි.

එහෙත් බස් ගාස්තු වැඩි කිරීම පිළිබදව අවසාන තීරණය ගත යුතු වන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් බවත් දැනටමත් බස් ගාස්තු වැඩි කිරීම පිළිබද නිර්ණායකයන් අධ්‍යනය කොට ඒ පිළිබදව වාර්තාවක් සකස් කරගෙන යන බව ද එමෙන්ම කුමන ප්‍රමාණයකින් බස් ගාස්තු ඉහල දැමිය යුතු ද යන්න අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සදහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් වාර්තාවක් සකස් කරන බව ද අමත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

මේ පිළිබදව පෞද්ගලික බස් හිමියන්ගේ අදහස් ද සැළකිල්ලට ගෙන ඔවුන් සමඟ සුහදව සාකච්ඡ කොට මෙම ප්‍රශ්නය විසදා ගැනීමේ අදහසින් 2018-09-19 වන දින පෙරවරු 09.00 ට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ නිළධාරීන් හා බස් හිමියන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම සාකච්ඡාවේදී කරුණු සැළකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව, අමාත්‍ය මණ්ඩලය මගින් තීරණය කරනු ලබන බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසූ අතරම බස් මගීන්ගේ සංගම් සමඟ ද මේ පිළිබදව සාකච්ඡා කීරීමට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *