මුස්ලිම් මන්ත්‍රී සහය ආණ්ඩුවට!! මෛත්‍රී මගහරී!! විදුර සහ විජේදාස පක්ෂ වෙයි!!

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල 20වන විවස්තා සංශෝධනය අද දිනයේ විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීම සිදුකරණ ලදී එහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් වන නසීර් අහමඩ් ,එම් එස් තව්ෆික් ,ෆයිසාල් කාසිම් ,ඉෂාක් රහුමාන් ,එස් එම් රහීම් සහ සමගි ජන බලවේගයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය ලබා දෙන ලදී ඒ අනුව පක්ෂව ඡන්ද 156 සහ විපක්ෂව ඡන්ද 65 ලැබී ඇති බව කථානායක වරයා විසින් දැනුම් දෙන ලදී මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 213 සිටි බවද සදහන් කරන ලදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය ලබාදීම සදහා පැමිණ නොසිටි අතර වාර්තාවන අන්දමට 20 වන විවස්තා සංශෝධනය වෙනුවෙන් ආන්දෝලනාත්මක අදහස් පලකල රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනාය මහතා සහ විජයදාස රාජපක්ෂ මන්ත්‍රී දෙදෙනාද පනතට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂ වන ලදී

Sri Lanka Parliament

Leave a Reply

Your email address will not be published. Required fields are marked *