මළ මිනිස්සු ගමේ වළ නොදමන අපුරු ගමක් සොයා ගියෙමු!!!

මළ මිනිස්සු ගමෙහ් වළ නොදමන අපුරු ගමක් සොයා ගියෙමු…..

@ සොහොත් කොත් මළ සොහෙන් නැති සුන්දර ගමක්..

@ සරසවියක්,වෙහෙරක්,රෝහලක් භාවනා අසපුවක් එක් වු ගමක් දා ගැඹක් පන්සලක්,නිල් ගොයමක්, කහ සිවුරක්, ඝංඨා හඩ සහිත පුදසුනක්, පුදබිමක්….

@ සඳහරු තරු කිරණ මගින් සතපවා,රෑ කළුවර පැහැයෙන් ඔතා,යන්ත්‍ර මන්ත්‍රර බලයෙන් නින්නා ද කරවා,ජපකර,පේවත් කර, බුදු ගුණයෙන්  සකසන ලද ඔසු දී රෝගින් සුවපත් කරන්නා වූ වෙහෙරක පිහිටි ඔසු හලක්, රෝහලක්

සටහන හා ඡායාරූප හබරාදුව නිමල් අල්ගෙවත්ත 2020.01.03

වැලිගම,බොරාල,ඉබ්බාවල ගම්මානය සත්තකින්ම හරි පුදුම වු ගම්මානයකි.මෙම ගම්මානයේ වසර 20 කට අධික කාලයක මේ ගමේ මළමිනි කිසිදු ආකාරයකින් ගමේ මිහිදන් කරන්නේ නැත. මියදුන මිනිසුන් මිහිදන් කරන්නේ නැති ගමක් ලංකාවේ ලෝකයේ තිබේ ද ඒ ගම ඉබ්බාවල ගමයි. මෙම ගමෙහි ගැමියෝ  ගැමි වැසියන් අතීතයේ සිට මෙහි ඡීවත්ව සිටියෝ ය. එසේ ඡීවත් ව සිටිය ද  වුව ද දැනට ඒ කලයේ දි මේ ගමේ මළ ගෙදරක් වු විට මළ මිනිය ගමේ ඉඩමක  හෝ ඥාතියකුගේ ඉඩමේ මළ සිරුර මිහිදන් කිරිම පෙර ඈත කාලයේ සිට කළ ද දැනට වසර 20 ක කාලයක සිට මේ ගමේමානයේ මළ මිනි මිහිදන් කරන්නේ නැත.

දුගියෙක්ද,මගියෙක්ද,පොහොසත් පුද්ගලයෙක් ද,ගමේ කිසියම් තරාතිරමක වැදගත් පුද්ගලයෙක්   වුවද මිය පරලොව ගියේ ද ගමේ මළ මිනිය වළ දමන්නේ නැත. මිනිය වළ දමන්නට ගමේ කොතරම් ඉඩම්වල ඉඩකඩ තිබුන ද ඒ සඳහා ගම්මුන්ගෙන් අවසරයක් නැත. ගමේ මිනි කනත්තක් නැත. පොදු සුනාන භූමිද, පවුලේ සුනාන භූමි ද අදවන විය ඉබ්බාවල ගමේ ඇත්තේම නැත.ඉබ්බාවල ගමේ මළ මිනී මිහිදන් කරන්නේ ද නැත. ඉබ්බාවල ගමේ සොහොන් කොත් නැත.යමෙක් ගමේ ඉපදුන ද ගමේ මිනිය වළ ලන්නට හැකියාවක් නැත. එය නීතියක් නම් නොවේ.නමුත්, පරිසර හිතකාමි ආකාරයට ගම්මු හා පන්සල හා කතිකාකර ගත් යහපත් වු ක්‍රමවේදයක් පමණි.  

මළ මිනිය ඈත වැලිගම නගරයේ පිහිටි ආදාහනාගාරයේ  දී ආදාහනය කරනවා මිස කිසිවිටක මළ මිනියක් ගමේ මිහිදන් කරන්නේ නැත.ගම් පරිසරය,ගහ කොල ,ජලය,සතා සීපාවා ආරක්ෂා කරන්නට ගම්මු ගත්තා වු නියමයකි. ඒ මේ ඉබ්බාවල ගමේ ඇතිකර ගත් සම්මතයකි.

මෙම සම්මතය අගය කළ යුතු නොවන්නේ ද? සත්තකින්ම ඉබ්බාවල ගමේ ගම්මු පරිසරයට ආදරය කරන ගම්මුන් පිරිසක් සිටින නිසා මෙය අදවන විට ගමේ සමාජගත වී ජනගත වී තිබේ. මෙය රටටම උවත් කළ හැකි කටයුත්තක් නොවන්නේ ද යන්න කල්පනා කරන්නට ඔබට අපි පවරන්නේය. සිහිපත් කරන්නට පවරන්නේය. මේ වටිනා කතාන්දරයට මෙහෙවර පිටු පස සිටින්නේ අපේ කාලයේ බුද්ධ පුත්‍රයකි.

මෙම පරිසර හිතකාමි සත්කටයුත්ට නායකත්වය දෙන්නේ ගමේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටින අපේ කාලයේ ගරුහිමියන්ගේ උපදෙස් අනුශාසනා පරිදිය.

ඒ විහාරය නමින් ඉබිබාවල ශ්‍රි පියරතනාරාම වෙද පන්සලයි. එම විහාරස්ථානයේ විහාරාධිපති වැලිගම විහාරාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ආයුර්වේද සර්වාංග විෂ වෛද්‍ය වෛද්‍යචාර්ය හොරන්ගල්ලේ පේමසිරි නායක හිමියනගේ අපදෙස් පරිදි සිදු කරන මෙම පරිසර හිතකාමි කටයුත්ත සත්තකින්ම ලංකාවේ අනෙක් ගම්මානවලට ද අගනේය.පාඩමකි.අත්හදා බැලිය හැකි නොව ක්‍රියාත්මක කළ හැකි කටයුත්කි.

උපන් මිනිසාට මහ පොලවේ අඩි හයක උරුමය නැති කරන නමුත්, ඒ උරුමය මගින් පරිසරයට සිදුවන වින්නැහිය වෙනුවට පරිසර හිතකාමි කටයුත්තකට මැරුනු මියදුණු මිනිසා සවියක් වේ නම් කොතරම් යහපත්ද වැදගත්ද යන්න සිතා ගත හැකිය.මෙය සත්තකින්ම මියදුන මිනිසා ඡීවත්වන මිනිසාට ලබාදෙන තවත් දායාදයක්,වස්තුවක්,ධනයක්,නිධානයක්,නොවන්නේ ද ?  එය මියයන පුද්ගලයාට ද සැනසුමකි. පිං ලැබෙන බෝසත් ක්‍රියාවක් නොවන්නේ ද ?   

මෙයට අමතරව,ඉබිබාවල ශ්‍රි පියරතනාරාම වෙද පන්සල මගින් සිදු කරන ආගමික,සමාජ,සංස්කෘතික,පරිසර,හිතකාමි හා ආයුර්වේද ආදි කොට ඇති මෙහෙවර ද ලංකාවේ සමාජය තුළ සමාජගත කරන්නට ජනගත කරන්නට හැකි අපුරු සිදුවීම් සිදු වන සිදු කරන සුන්දර වු දහම් නිකේතනයකි.දහම් විහාරයක්,විහාරස්ථානයක්,පන්සලක්,පුස්තකාලයක් භාවනා මධ්‍යස්ථානයක් මෙන්ම සන්දර වු සිත ගත නින්නාද කරවන අපේ කාලයේ විහාරයකි.පුද බිමකි.

විහාර ඉදිරියේ ඇති කුමුරු යායේ පැසුණු වී කරල් කහවන් වු සිවුරක හැඩය ගනී.නියරින් නියරට පෙළ ගැසි සාමුහිකව විහාරය දෙස බලා වන්දනා මාන කරන පැසුණු වී කරල්  නැමී වෙහෙරට ආචාර දක්වන්නාක් වැනිය. සිළි සිළි නාදයෙන් බෝපත් බුදු ගුණ කියනා තාලයට ඒ මේ අත සැලේ.නැල වේ. ඉබ්බාවල ගමේ ඈත ඈත පිටිහි බොරාල වැවේ ජලය රිදී පාටට රළ පෙළ නංවයි.රළ නංවන්නේ ගමට වෙහෙරට පුද බිමට සිදු කරන ගරුත්වයක් නිසා දැයි සිතේ.ඉබ්බාවල ගම පිං බර වු සරු වු සෞභ්‍යා වු මනරම් ගම් පියසකි. 

මේ විහාරයේ පතපොත කියවන දහම් අමා ඔසුවෙන් සිත ගත නින්නාදකරවන පාලි,සංස්කෘත,සිංහල,ඉංග්‍රිසි ආදි භාෂා අධ්‍යනය කරන පැවිදි සාමණේර හිමිවරු පිරිසක් තැන තැන තැනින් තැන වන පොත් කරවන්නේ බුදුන් දවස භාරතයේ ජේතවනාරාම විහාරය සිහිපත් කරවමිනි. අංග සම්පුරණ විහාරස්ථානයේ ඉරිදා බෝසත් ළමා ළපටියෝ දහම් අධ්‍යාපනය හදාරති. එදාට ගමේ පාසල් වියේ පසුවන දරුවන්ට උපකාරක පංති තහනම්ය.ඉරිදා පෙරවරුවේ පාසල් යන දු දරුවෝ විහාරස්ථානයේ දහම් පාසලට පිය නැගිය යුතුමය. එය බණ පදයක් මෙන් දරුවන් පාඩම්කර ගත යුතුය.

පන්සලේ පෙර පාසලට ගමේ සිඟිති දු දරුවන් එන්නේ බුදුන්,දහම්,සඟන් වන්දිනට පමණක් නොවේ.පෝයදාට ගම්පිටන් පවුල් පිටින් පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් පුර සද මෙන් සිත,කව,වචනය සංවරකර ගත්තාවු විශාකා අණේපිඩු සිටු පරපුරේ දායිකාවෝ ය. දායකයෝ ය. ඒ මනරම් දසුන සිත්ගන්නා සුළුය.

ඉබ්බාවල ශ්‍රි පියරතනාරාම විහාරයේ විහාරාධිපති වැලිගම විහාරාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ආයුර්වේද සර්වාංග විෂ වෛද්‍ය හා වෛද්‍ය හොරන්ගල්ලේ පේමසිරි නායක හිමියන් පාරිම්පරික උරුමයෙන් සිදු කරන ආයුර්වේද ප්‍රථිකාර ක්‍රමය ද සත්තකින්ම ජනී ජනතාවට සමාජ මෙහෙවරකි. ශාන්තියකි. සැපයකි.

සර්වාංග රෝගවලට ප්‍රථිකාර සිදු කරන අප නායක හිමියෝ දහම් ඔසු මෙන්ම වෙද හෙදකම් කරණුයේ ද ජනතාව සුවපත් කරන්නටය. මේ වන විටත් දහස් සංඛ්‍යාත රෝගින් නිට්ටාවටම සුවපත් කරවා ඇති අප හිමියෝ නිදන්ගත රෝග සුවපත් කරන්නේ ද දහම් අනුභාවය ද, ආයුර්වේද ප්‍රථිකාරද යන්ත්‍ර,මන්තර ගුරුකම් ද එකට එක් කොට හිරු, සඳු, තරු ආදි පෙනෙන නොපෙනන බලවේග ශක්තිය ද බුදු දහම් ගුණයෙන් ද එක් ව සකස්කර ගත්තා වූ අති සුවිශේෂ වු වෙද ප්‍රථිකාර ක්‍රමය ද වටනේ ය.එය නවතම සොයා ගැනිමකි.

මුදලට ධනයට තාන්න මාන්නවලට වඩා යම් රෝගියෙක් සුවපත්ව සිටිනු දැකිම අප පේමසිරි නායක හිමියන්ගේ බලාපොත්රොත්වයි.

තෙල්,බෙහෙත්,ගුලි,කල්ක,ඔසු ද,කැඳ, පිළිවෙත් යන්ත්‍ර මන්තර ගුණය ද එක් කරමින් රෝගින් සුවපත් කරන්නට අප හිමියන්ට ඇත්තේ අනුපමේය ශක්තියකි.විශ්ව ශක්තියක් දැයි සිතේ. රෝගිව සිටින ඔබට ද අප හිමියන්ගෙන් ප්‍රථිකාර ගන්නට පැමිණිය හැකිය.එයට කිසිදු බාධාවක් ඇත්තේම නැත.රෝගින්ට සුවපත් කිරීමේ මේ මහානුබල මහා බලය තමාට ලැබුනේ බුදු දහමින් ලද මහා ශක්තිය විය හැකි බව උන් වහන්සේ පවසන්නේ මේ නිසා විය හැකිය.

විහාරාධිපති හිමියන් පවසන පරිදි උන් වහන්සේ සොයා එන රෝගින් ලඟට එන යම් රෝගියෙක් පැමිණිය හොත් සුවපත් කරන්න හැකි ද බැරිද කියා මා දේහලක්ෂ විද්‍යාව හා වෙනත් ගති පැවතුම් මගින් බලා රෝගයට මෙන්ම රෝගියාට ද ක්‍රම ක්‍රමයෙන් ප්‍රථිකාර සිදු කරනවා.මම බෝඩ් ගහගොන ප්‍රචාරයක් දී මහ ලොකුවට මේ කටයුතු කරන්නේ නෑ.

නමුත්, ආගමික, සමාජ, සංස්කෘතික, දහම් අධ්‍යාපනය ආදි සියලුම ගමට ගමේ ගම්මුනට අවට සතර පේරුවේ දායකයන්ට දායිකාවන්ට සිදු කරන අතරේ තමයි මම මේ ප්‍රථිකාර ද සිදු කරන්නේ අප නායක හිමියෝ අප සමඟ පැවසුහ.

තම පරපුරෙන් තමාට උරුම වූ වෙද හෙඳ කම මා‍ලේවන වෙද පරපුරේ උරුමය ද එක් කරමින් වෙදකම් මෙන්ම හෙද කමද ඊට අමතරව,සර්ප විෂය හදාරමින් එකී ප්‍රථිකාර ද සිදු කන්නට තරම් අප හිමියෝ දැකපුරුදු කම් ඇති,පළපුරුදුකම් ඇති,කළ පුරුදුකම් සහිත වු යතිවරයෙකි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයෙන් උගත් දැනුම අපමණ වු අගයකින් යුතුව බුදු දහම්න් පෙරා කිරා මෙනෙහි කර ජනී ජනතාවට අප පේමසිරි හිමියන් සිදුන මෙහෙවර සත්තකින්ම සසුනට දෙවැනි තැන දී පාර්ලිමේන්තු අසුනට රණ්ඩුකරවන අපේ කාලයේ සමහරක් චීවරධාරින් අතරේගත් කළ රටක් වන්දණිය පූජනීය තත්ත්වයට නැමදිය යුතු අපේ කාලයේ සැබැ බුද්ධ පුත්‍රයන් අතරේ ඉදිරියෙන්ම සිටින හිමිනමකි.

සුවපත් කරන්කරන්නා වූ රෝගින්ට කිසිදු දියක වෙළෙඳ සැලෙන් ගෙන එන ලද ඔසු කිසිවක් ලබා දෙන්නේ නැත. සියලුම ඔසු සකස් කරන්නේ අප හිමියන්ගේ අධීක්ෂණය මත සිදු කරන්නේය.

ඒ සඳහා එසු සකස් කරන විශේෂ කුට්යේ කල්දේරමේ එයටම වෙන් වු උපකරණ ක්‍රමවේදයන් මෙන්ම අප දුටු හා යම් විශේෂ විශ්මිත ආකාරයට මේ ඔසු සකස් කරන්නේ යම් ගුප්ත බලයකින් දැයි විටෙක සිතේ. පොත් පත් ද අත ඇතිව පුස්කොළ පොත්වල සටහන් ලියමන්,සටහන්,ප්‍රථිකාර ක්‍රමවේදයෝ ද එක් කොට මන්තර බලය ද,එක්කොට සකස් කරන ඔසු සකසන ස්ථානය ද සුවිශේෂ ස්ථානයකි.

රෝගින්ට ලබාදෙන ඔසු සකස් කරනේ මේ අපුරු ආකාරයට ය. සඳ කිරණ එක් කොට හිරු කිරණින් ඒ ඔසු සතපවා කළුවර රැයෙහි එම ඔසු පේවත් කර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ නිස්සාරයෙන් යුතුව, යන්තර මන්තර බලය ද මෙම ඔසුවලට මුසුකොට,විශ්ව ශක්තියේ ද මහ පොළවේද ආනුභාවය ගෙන බුදු දහමේ ශක්තියෙන් එම ඔසු ශක්තිමත් කර නිෂ්පාදනය කරන සකස් කරන  මේ බෙහෙත් අසරණ රෝගින්ගේ රෝග සුවපත් කරන්නට අගනා වු ඡීවක පරපුරේ පාරම්පරික ඔසු මගින් රෝගින්ට ප්‍රථිකාර සිදු කරන්නට  විහාරාධිපති වැලිගම විහාරාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ආයුර්වේද සර්වාංග විෂ වෛද්‍ය හා වෛද්‍යචාර්ය හොරන්ගල්ලේ පේමසිරි නායක හිමියන් සමත් කමක් දක්වති.

පිලිම නෙලීමට,වෙස් මුහුණු කර්මාන්තයටධ දක්ෂකම් ඇති අප හිමියෝ වඩු වැඩ හා මේෂන් වැඩට ද , වාහන අලුත් වැඩියා කරන්නට ද දක්ෂ කරතේ හා වෙනත් ආත්මාරක්ෂක සටන් කලාවද ප්‍රගුණ කළ හිමිනමකි. කටාතේ කලාව හා භාවනා ක්‍රම සහ සම්බන්ධතාවයක් ඇතිව බවුන් වඩන්නටද අප හිමියෝ උපතින්ම දක්ෂකම් ඇති හිමිනමකි.

ආගමික,සමාජ,සංස්කෟතික හා වෙඳහෙඳකම් සිදු කරන අප හිමියන්ට අප සියල්ලෝම සාදු කියා සාධුකාර නාදයක් දක්වන්නේ නම් අගනේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *