පුවක් කොළ පොත රටේ යහපතට හරවමු!! අපේ කමට මිලක් වෙළද පොලක් කොහිද???

අපි කියවන පොත් අතර අපි නොදන්න කොළ පොතේ කතාව මෙන්න

කොලපොත,මළපොත,ඉළපත,අපි දන්න පොත් කීපයකි.පොලිස් මහත්වරුන්ගේ දඩපොතද අපට යම් ගැටළුවකි.පොත් ගැන කතා කරනකොට තව කොච්චරක් නම් දේවල් මතක් වෙනවද ? අද අපි පවසන්නේ කොල පොත ගැනැයි.

සත්තකින්ම පුවක්‌ හා බැඳුණු හෙළ සංස්‌කෘතිය අගනේ ය. අතීතයේ කුඹුරු ගොවියාද හේන් ගොවියාද, කරත්ත කරුවාද, පතල්කරුවාද, පෙදරේරුවාද,කම්මල්කරුවාද, බඹර කපන්නාද, ගල් වඩුවාද, අතුරේ යන්නාද, රා මදින්නාද (පොල්, තල්, කිතුල්) දඩයම් කරුවාද, ධීවරයාද, රෙදි අපුල්ලන්නාද වශයෙන් මෙකී නොකී සෑම තරාතිරමකම රැකියාවල නියුතුවූවන් තම විඩාව සංසිඳුවා ගන්නට බුලත් විටකින් සප්පායම් වීම පෙරදා ජන ජීවිතයේ අනිවාර්ය අංගයක්‌ව පැවතිණි. අතීතයේ කිසියම් ආගන්තුකයකු, අසල්වැසියකු හෝ පිටගම් කාරයෙකු නිවසට පැමිණී විට ආගන්තුක සත්කාරයට” පෙළ ගැසෙන්නේ තේ කෝප්පයක්‌ හා බුලත් විටකුත්ය. අංගසම්පූර්ණ බුලත් විටකට පුවක්‌, බුලත්, හුණු, දුන්කලවලට අමතරව එනසාල් ඇටයක්‌ කරාබු නැටි කැබැල්ලක්‌, වසාවාසී, සූදුරු, ඉඟුරු පියල් වැනි සුවඳ ද්‍රව්‍යය කීපයක්‌ද එකතු වීම අතීතයේ සුලභ දෙයක්‌ විය. මෙවන් සුවඳ ද්‍රව්‍ය සමඟ කුරුටු ගෑ පුවක්‌ ගෙඩි දෙක තුනක්‌ද බුලත් කොළ කීපයක්‌ද පිළිවෙලකට තැබූ බුලත් හෙප්පුවක්‌ අතීතයේ ගැමි ගෙවල්වල ඉස්‌තෝප්පුවේ මැද කනප්පුවක සිට උජාරුවෙන් බලා සිටියේ හෙළ සංස්‌කෘතියේ සුවිශේෂී අංගයක්‌ ලෙසිනි. මෙම සංස්කෘතික උරුමය අදටද අපේ සමහර ගම්මල ඉස්තෝප්පුවේ දැකිය හැකිය.

වර්තමානයේදී පවා මංගල අවමංගල උත්සවයකදී වේවා නිවසට පැමිණෙන නෑදැ අසල්වැසි හා ඥති මිත්‍රාදීන් හා අමුත්තන් වෙනුවෙන් සාලයේ හෝ ඉස්‌තෝප්පුවේ කොනක බුලත් හෙප්පුවක්‌ සුදානම්කර තැබීම චිරාගත සම්ප්‍රදයානුකූල චාරිත්‍රයක්‌ ලෙස බොහෝ ගම්බද පළාත්වලදී දැකීමට පුළුවන. එමෙන්ම පැරැන්නන් වන්දනා ගමන් විනෝද ගමන් හෝ නැදැ ගමන් යැමේදී පවා ගමනට අවශ්‍ය වන ප්‍රධාන කළමනා අතර බුලත් මඩිස්‌සලයක්‌ද රැගෙන යැමට අමතක නොකළහ.පුරා විද්‍යාත්මක සාධක අනුව ආසියාතික රටවල බුලත් විට සැපීම වසර 4000 ක්‌ පමණ අතීතයට හිමිකම් කියයි.මේ තරමටම කාලයක් පුවක් කොල පොතටද අතීතයක් හිහමිවේ.

බිත්තර වී සකස්‌ කිරීමේදී ජලයේ පොඟවා ගත් වී නිවසේ අඳුරු තැනෙක මුල්ලකට මුලින්ම බිම අතුරන්නේ අමු පුවක්‌ අතුය. ඉන්පසු බිත්තර වී ඒ මත හෙලා ගොඩගසා ඒ මතද පුවක්‌ අතු අතුරා වසා දමයි. ඉදී බිම වැටෙන පුවක්‌ අත්තේ කොළයෙන් වෙන්කරගත් “පුවක්‌ ඉරටු” එකට මිටියක්‌ සේ බැඳ ගොම මැටි ගෑ ගෙබිමේ දූවිලි පිස දමන්නට අතීතයේ ගැමි ගෙවල්වල භාවිත කෙරිණි. කොළපත් පැදීම පුවක්‌ අත්ත සහ කොළපත ද අගනේය.කුඩා කළ කොල පොත් රේස් ගිය අතීතයද අපටනම් මතකය.අයියලා අක්කලා අපිව කොලපතේ තබාගෙන ඇඳගෙන ගොස් තුවාලු වු අවස්ද නැතුවා නොවේ.

පුවක්‌ අත්තේ “කොළපත” ද ජන ජීවිතයේ විවිධ අවස්‌ථාවල ප්‍රයෝජනයට ගැනිණි. අද මෙන් නොව අතථතයේ දී අතීත ගැමි දරුවන් කොළපත් පැදීම ලෙසින් නම් කළ ක්‍රීඩාව සඳහා යොදා ගත්තේ ගසකින් ඉදී වැටුණු පුවක්‌ අත්තක කොළ ඉවත් කළ නාරටිය සහිත කොළපතකි.අද පරිගණක ක්‍රීඩා වලට අපේ දරුවෝ එදා ඒ වයසේ සිටි අපිට තිබුනේ මේ කොළපත් රේස් වැනි ගැමි ක්‍රිඩාය.

අද එය දැකිය හැකි වන්නේ සමහර අවුරුදු උත්සව වල දි පමණි.අද මෙන් කෘත්‍රීම කෑම කොළ නොතිබුණු අතීතයේ බත් මුලක්‌ බැඳීමට පවා යොදගත්තේ සීරුවට සකසා ගත් කොළපතකි. මෙසේ කොළපතක ඔතා සකසන ලද බත්මුල ඉක්‌මනින් පිළුණු නොවීමද විශේෂත්වයකි.කොළපත් පට්‌ටයක ඔතන ලද බත් මුලද ලබු කැටයකට ජලය ද පුරවාගෙන හේනට කුඹුරට යන ගොවියා එය ඉතා ප්‍රනීත බත් මුලක්‌ බව දනී.කුඹුරට හේනට කමතට පමණක්‌ නොව නිවසට ජලය ගෙන ඒමටද පෙරදා කොළපතින් සකසාගත් කොළපත් ගොටු භාවිතා කළහ.කොළපත සිහින් දිග තීරුවලට ඉරාගත් පසු ලැබෙන පටි ලණුවක්‌ සේ භාවිතා කිරීමටද පුළුවණ. මේ අනුව හණ පට්‌ටා මෙන්ම කොළපත් පට්‌ටාද අතීතයේ ලණු වෙනුවට භාවිතා විය.කිතුල් මල් රා සකස් කරනන්නට ගන්නා වු ආකාරයට සකස් කිරීමේදි පුවක් කොළපොතේ පටි ලණුවක් ලෙස යොදා ගැනීම අදටද සිදු වේ.

අතීතයේ ගැමි ගෙදරක ලිපේ අළු ඇදීමටද කසල එකතු කිරීමටද මැටි කළගෙඩිය තැබීමටද කොස්‌ඇට,දෙල් ඇට හෝ ගොම ආදිය එකතු කිරීමටද භාවිත කළේ කොළපතකි.ගසකින් කඩාගත් කොස්‌ ගෙඩිය පවා කර මත තබාගෙන පැමිණියේ කොළපතක්‌ මත තබාගෙනය. ඒ අතීතය අපට අදට ද මතකය.

අතීතයේ ගැමි ගෙවල්වල කුස්‌සියේ භාවිත කළ හැඳි ආණ සකස්‌ කළේද පුවක්‌ ගසේ කොළපතකිනි.(හැඳි ආණ යනු පොල්කටු හැඳි රඳවා තබන උපකරණයයි) සමහර අවස්‌ථාවල වර්ෂා ජලය පොල්අතු වහලයෙන් රූරා විත් ගෙබිම මත වැටේ එවන් විටක පැරැන්නන් වහලයේ තෙමෙන තැනට තාවකාලික පිළියමක්‌ ලෙස කොළපතක්‌ තෙමෙන තැන රැඳවූහ.අපි සිටිය පොල් අතු ගෙදර අපේ තාත්තා වහින විට මේ උපක්‍රමය සිදු කරන ආකාරය අපට අදටද මතකය.

කොයිහැටි වෙතත් වී ගොවිනැනේද වෙනත් ගොවි නැත් කටයුතුවලදීද කුඹුරේදී කමතේදී හෝ හේනේදී රවුමට කැපූ කොළපත් පිඟානකින් තම අඩුක්‌කුව (කෑම වේල) සප්පායම් (කෑම ගැනීම) වීමද අතීතයේ සුළභව දක්‌නට ලැබිණි. රවුම් බෙලෙක්‌ පිඟානක්‌ කොළපතක්‌ මත තබා සමහර දිගු කොළ පතකින් එවැනි පිඟන් දෙකක්‌ හෝ තුනක්‌ කපා ගැනීමට හැකිවිණි. කොළපත් පිඟාන මතට කැන්ද කොළයක්‌ හෝ කෙසෙල් කොළයක්‌ එලා ගැනීමෙන් එම කෑම වේලට අමුතුම රසයක්‌ද එක්‌වන බව අතීත ගැමියන් දැන සිටියහ. කොළපත ගැමි ජීවිතයට සමීපව මිතුරෙකු උදව්කාරයෙකු වූවේ එලෙසිනි.

අන්තිමට මට ඉතුරු වුණේ ඇඳිවතයි කොළපතයි විතරයි මේ ඉඟි වැකිය ඊට කදිම සාක්‌ෂියකි. කප්රුක ලෙස හැඳින්වෙන පොල්ගස තරමටම පුවක්‌ ගසද ජන ජීවිතය හා ඉතා තදින්ම බැඳුණු ගසක්‌ බව පැහැදිලිව පෙනී යන කරුණකි. පුවක්‌ ගසක වටිනාකම දැන එහි ව්‍යාප්තියට සහාය වීම අපගේ යුතුකමයි.නමුත් අද පුවක් ගස් කැපිල්ල නිසා පුවකට සිදු වී ඇත්තේ කජ්ජට සිදු වු දෙයමය. පුවක් මිල් ඉහළ ගොස්ය. ඉහල තැන්වල බුලත් විට නොකන ඇත්තෝ පුවක් ගස රැක ගන්නට යමක් කරන්නේ නම් රට සෞභ්‍යාගයේ දැක්මක් දක්වා ගමන් කරන්නටද හැකි වනු ඇත. මේ නිසා පුවක් ගසට මෙන්ම පුවක් කොල පොතටද ‍සිදුව ඇත්තේ හානියකි.සොයගත් නොහැකි තරමටම වැනසී ගොස්ය.

කෙසේ නමුත්,අද වන විට වර්තමානයේ කොල පොතට අත තැබු පිරිස් පොල පොතට පණ පොවන්ට කටයුතු කරන සෙයක් දැකිය හැකිය.පුවක් ගසේ කොළ පොතෙන් වැඩදායි නිර්මාණයක් කරන තරුණ පිරිස් මේ අතර රටපුරා දැකිය හැකිය.පොල පොතේ චිත්‍ර අද මනරම් වු නිපැයුම් සිදු කරන පිරිස්ද දැකිය හැකිය.

කිසිවෙකුගේ නෙත් නොගැටී අපතේ යන පුවක් ගසෙන් හැලෙන කොළපොත පරිසර හිතකාමී ආර්ථික නිෂ්පාදනයක් සදහා යොදා ගන්නා දිරිය තරුණයන් ලංකාවේ දැක ගත හැකිය. පුවක් ගසෙන් හැලෙන කොළපොත අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන කෑම පෙට්ටි, පිගන් සහ තවත් නිෂ්පාදන සිදු කරන බව පෙන්වා දිය හැකිය.ආහාර අසුරණයක් ලෙස කොළපොත අතීතයේදීද භාවිතයට ගෙන ඇති නිසා අපටද අතීත ජනතව මෙන් මෙය ක්‍රියාත්මක කළ හැකිය.

කොලපත් පිගන් වටප්‍රමාණය  9 ගැඹුර  1ක් රුපියල්  45/=කි.මේ ආදි වශයෙන් විවිධ මිල් ගනන් යටතේ, කොලපත් පිගන් හා ඒ ආශ්‍රිත භාණ්ඩ අද වෙළෙද පොලේ විකිණිමට තිබේ.ප්ලාස්ටික් කෑම පෙට්ටිය ඉවත් කරල ස්වාභාවිකව නිපදවන කොලපත් කෑම පෙට්ටියට මාරු වෙන්ට අපට හැකි නම් අගනේය. එය පරිසයට හිතකාමි වන්නේය.අපේ දේ වෙනුවෙන්, අපේ මිනිස්සු වෙනුවෙන්, අපි අපි දැනුවත් වෙමු.එය අදට නොව හෙටටද වැදගත් වනු ඇත.

තිරසාර සංවර්ධනය කේන්ද්‍ර කරගෙන දිනෙන් දින දියුණු වන ලෝකයේ, පරිසර හිතකාමී නිෂ්පාදනයන්ට හිමිව ඇත්තේ ඉහල ඉල්ලුමකි. ලංකාවේ ප්‍රථම වතාවට 100% ස්වාභාවික කොලපත්,කැන්ද,කෙසෙල් ඇතුලු පරිසරයෙන් දායාද වුන දේ යොදාගෙන සකස් කරන නිෂ්පාදන රැසක් හදුන්වා දීතිබේ.ලංකාවේ ප්‍රථම වතාවට හරිත නිෂ්පාදන හදුන්වා දීමේ කදිම වැටසටහන් දැන් ලංකාවේ විවිධ ආයතන විවිධ පුද්ගලයන්,විවිධ පිරිස් සිදු කරන්නේය. ඔබට අවශ්‍ය කොලපත් පිගන්,තොප්පි,ජුවලරි බොක්ස්,ලන්ච් බොක්ස්,කේක් බොක්ස්,දීසි අතුලු නිෂ්පාදන රැසක් ඉතා සාධාරණ මුදලකට සහ ඉතා ඉහල ගුණත්වයකින් යුතුව දැන් වෙළෙද පොලෙන් මිල දී ගත හැකිය.

ඔබගේ නිවසට,සංග්‍රහයට සහ වෙනත් ඕනෑම අවස්ථාවකට සුදුසුය. කොලපත් පිගන් හා ඒ ආහ්‍රිත බාන්ඩ ඔබට මාස 6-12 ක් අතර කාලයක් නැවත නැවත භාවිත කල හැකිය.මෙම නිෂ්පාදන අද වන විට අප රටේ පමණක් නොව,ලෝකය පුරා ඉතා ඉහල ඉල්ලුමක් හිමිකර ගෙන ඇති අතර ඒ පිළිබදව ලංකාවේ අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.රටට මෙන්ම පරිසරයටත් ආදරේ කරන පාරිභෝගික ඔබ සැම වෙත හැකි සෑම විටම ඉතා ඉහල විශ්වසනීය සේවාවක් ලබාදෙන්නට අපේ කාලයේ තරුණ පිරිස් දැන් උනන්දු වෙමින් සිටිති. එය සත්තකින්ම වැදගත්ය.මේ සටහන කියවන ඹබටද ඒ සඳහා දැයකත්වයක් මෙන්ම ඒ කටයුත්තට එක් වන්ට හැකිය.ඔබත් අප සමග එකතු වී රටට මෙන්ම පරිසරටත් ඔබේ යුතුකම ඉටුකරන්න. හැකි සෑම විටම හරිත නිෂ්පාදනයන්ට යොමු වන්නේ නම් වැදගත්ය.ප්ලාස්ටික්,පොලිතීන් වලට හිර වුනු ජීවන රටාවට වෙනස් කරන්නට හැකිය.

ප්ලාස්ටික් සහ පොලිතීන් දිගුකාලීන භාවිතය ඔබේ සෞඛ්‍යට අහිතකර ප්‍රතිපල ගෙන දෙන බව අපි දනිමු.ලංකාවේ නිෂ්පාදිත කොලපත්,කැන්ද හා කෙසෙල් කොළ සෙල්සියස් අංශක 100ට වඩා උෂ්ණත්වයක පදම් කර නිෂ්පාදනය කරන පිගන්,තොප්පි,ජුවලරි බොක්ස්,ලන්ච් බොක්ස්, කේක් බොක්ස් හා දීසි ඇතුළු නිෂ්පාදන රැසක් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට දැන් පහසුකම් සපයා ඇත.ඒ සඳහා අන්තර්ජාලයේ විවිධ දැන්වීම් දැකිය හැකිය.

ඔබේ නිවසට,නිවාඩු නිකේතනයට,හොටෙල් එකට,ආපන ශාලාවට, අපනයනයට,ඔන්ලයින් ෂොප් එකට අවශ්‍ය ඇනවුම් කිරීම මගින් ගෙන්වා ගැනීමට ඔබට හැකියාව ඇත.දේශීය මෙන්ම විදේශීය විකුණුම්කරුවන් හා පාරිභෝගිකයන් සමග සාර්ථකව ගනුදෙනු කරන ආකාරයක්ද අප කළ සොයා බැලිමේදි දැකි ගත හැකි විය.

එසේ නම් පොත් කියවන විට පොතේ පොලේ ඉරා ගන්නේ නැතුව කොල පොතක රසය පිහිට ගුණය ලෙංගතු කම හුරු කර ගන්නේ නම් පරිසරයට හිතකරය. ගුණ දායක හුරුවකි. අද රට ඉල්ලන්නේ එයයි. හෙටද එසේමය අප සතු ඒ නැසිගිය සුන්දර අතිතය යළි යළිත් අද සමාජයේ තනන්නට හැකි නම් අගනේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *