හිටපු පළාත් සභා ලොක්කෝ නෙළුම් මාවතේ දී හඬා වැටෙයි.

හිටපු පළාත් සභා ලොක්කෝ නෙළුම් මාවතේ දී හඬා වැටෙයි.

පළාත් සභා අහෝසි කිරීමට රජය උත්සාහ දරන බව වාර්තාවනවා. මෙම අනතුරු ඇඟවීම කල්වේලා ඇතිව සිදු කිරීම සඳහා හිටපු පළාත් සභා නියෝජිතයින් පිරිසකට හමුවක් නෙළුම් මාවත පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. පළාත් සභා ආයිත් තියන්න ඉල්ලීම් කරන්න වෙයි කියලයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ. මේ සමග ඇතිවූ කතාබහ වලින් පසුව හිටපු පළාත් සභා මැති ඇමතිවරුන්ගේ මුහුණු වෙනස් වූ බව වාර්තා වනවා. පළාත් සභා ක්‍රමයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිවම විරෝධය දක්වනවා. සමාජයෙන් ද මේ සම්බන්ධයෙන් විරෝධයක් පවතිනවා. නමුත් දේශපාලන වශයෙන් ඡන්ද පවත්වන්න පළාත් සභා නියෝජිතයන් සිටීම ඒ ඒ දේශපාලන පක්ෂවලට අතිශයින්ම වැදගත්. පළාත් සභා අහෝසි කර ප්‍රාදේශීය සභා හා නගර සභා වලට වැඩි බලතල දීමට යන බවයි වාර්තා වන්නේ. නමුත් පළාත් සභා සතුව පවතින අධ්‍යාපන, මුදල් ඇතුළු බලතල කිහිපයක් යළි මධ්‍යම රජයේ යටතට ගන්නා බවයි සඳහන් වන්නේ. උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් ලෙස ඉන්දියාවේ දැඩි බලපෑම් මත ගෙන ආ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා පිහිටුවීම සිදු වුණා. නමුත් රටට අවශ්‍ය දෑ පළාත් සභා තුළින් ඉටු වූයේ නැති බවයි මේ වන විට බොහෝ දෙනාගේ මතය වී තිබෙන්නේ. ඒ නිසාම ඇතැමුන් පළාත් සභා සුදු අලියෙකු සේ සලකනවා.කෙසේ වෙතත් පළාත් සභා අහෝසි කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පළාත් සභා නියෝජනය කළ බොහෝ දෙනකු ජනාධිපතිතුමා පිළිබඳ කනගාටුව පළ කරනවා. ඇතැමුන්ගේ අදහස වී තිබෙන්නේ තමන්ගේ පිහිටට මහින්ද රාජපක්ෂ මහතා හෝ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් විය හැකි බවයි. එහෙත් වාර්තාවන ආකාරයට මෙම ප්‍රශ්නයට මුහුණ දීමට පෙරම ජනාධිපතිතුමා එම දෙදෙනාද බිත්තියට හේත්තු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *