ගිනිගෙන දැවෙන ඉන්ධන නැව පුපුරයි ද?

ගිනිගෙන දැවෙන ඉන්ධන නැව පුපුරයි ද?

ආරුගම්බේ මුහුදේදී පැනමා ඉන්ධන නැවක් ගිනි ගනී.. නාවික හමුදාව කාර්ය මණ්ඩලය බේරා ගනී: එක් අයෙක් අතුරුදන්

ආරුගම්බේ සංගමන්කන්දතුඩුව මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයකු තුවාල ලැබීම හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා ඔහු ගොඩබිමට රැුගෙන ඒමට නාවික හමුදාව ඊයේ (03 වැනිදා* පියවර ගෙන ඇත.

පැනමා රාජ්‍යයට අයත් ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක් මෙසේ ගිනිගත් අතර, එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් 23 දෙනකු සිට ඇති බව නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ‘දිවයින’ට පැවසීය.

එම නෞකාව ගිනි ගැනීමෙන් පසුව කාර්ය මණ්ඩල සාමාජිකයන් 19 දෙනකු ඒ අසලින් ගමන් ගත් වෙනත් නෞකාවක් මගින් බේරා ගෙන තිබෙන බවත්, එක් කාර්ය මණ්ඩල සාමාජිකයකු පිළිබඳව නිශ්චිත තොරතුරක් අනාවරණය නොවූ බවත් නාවික හමුදා ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

ගිනි ගැනීමට ලක් වූ නෞකාවට ආධාර සැපයීම සඳහා නාවික හමුදාවේ සයුර නෞකාව ඇතුළු නෞකා දෙකක් එම ස්ථානයට පිටත් කර යැවූ බවත් හෙතෙම කීවේය.

සංගමන්කන්දතුඩුව ප‍්‍රදේශයට නාවික සැතපුම් 38 ක් ඈත මුහුදේ මෙම අනතුර සිදුව තිබේ.

උපුටා ගැනිම–දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *