මිනුවන්ගොඩ නගරයේ අනවසර ඉදිකිරීම් අනාගත ජල ගැලීමක ආරම්භයක් නොවේද???

සිදුවන විනාශය දැක දේශපාලකයන් රාජ්‍ය නිළධාරීන් නිහඩයි

අප අවස්ථා ගණනකදී පෙන්වාදුන් පරිදි මිනුවන්ගොඩ නගරයේ අඹගහ වත්ත ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් නිසා සිදුවන අහිතකර ප්‍රථිපල අද දිනයේ ජනතාවට අත්විදීමට සිදුවන ලදී පසුගිය මාස හය ඇතුලත අඹගහ වත්ත ප්‍රදේශයේ මාර්ගය දෙපස අනවසර ඉදිකිරීම් රැසක් සිදුවී ඇති බව පෙන්වා දෙන ලදී මෙමගින් අනාගතයේ දරුණු ජල ගැලීමකදී සිදුවන විනාශයක පෙරනිමිති පෙන්වමින් දිනක් පුරා ඇදහැළුණු වර්ෂාව නිසා මාර්ග අංක 5 කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය අඩි 2 කට වඩා ජලයෙන් අද දිනයේ යටවන ලදී වැසි ජලය සහ නගරය මැදින් ගලන අත්තනගලු ඔයේ අතු කොටස පිටාර ගැලීම නිසා මෙම තත්වය ඇතිවන ලදී නිදහසේ ජලය බැසයාම වෙනුවෙන් නිර්මාණය වී ඇති වෙල් යාය දිනෙන් දින ගොඩකිරීමේ ප්‍රථිපලය නිසා මෙම තත්වය ඇතිවන ලදී මිනුවන්ගොඩ නගරයට ඉහලින් ඇති වෙල් යාය සහ ඇල මාර්ග වලින් පිටාර ගලන ජලය මෙම වෙල් යාය මතින් නිදහසේ ගලා ගියද අදවන විට අනවසර ඉදිකිරීම් හේතුවෙන් සම්පුර්ණයෙන්ම අවහිර වෙමින් ඇත.

මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් පලකල නගර වැසියන් දෙදෙනෙක් සදහන් කලේ මෙවැනි අදහසකි

පොඩි මිනිහෙක් මේක කලානම් නීති අංශ අද ඔහුව කුදලාගෙන යනවා මේවා වෙනකම් දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් නිහඩයි මෙම සියලු ඉදිකිරීම් පටන් ගත්තේ මෑතක මෙම ස්ථානය නිදහසේ ජලය බැසයන විදියට තමයි ස්භාවිකව නිර්මාණය වෙලා තිබුනේ අද මේ සියල්ල ගොඩකරමින් යනවා නගර සභාව මේවා සොයා බලන්නේ නැහැ මෙහෙම ගියොත් මිනුවන්ගොඩ නගරය සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවන දිනය වැඩි ඈතක නොවෙයි දැන්වත් මහජන නියෝජිතයින් සහ මහජන සේවකයින් මේ සදහා මැදිහත් වෙන්න ඕන එක රටක එක නීතියක් ගෙනියන ජනධිපති තුමාට අපි කියන්නේ මේවා නවත්වන්න මැදිහත්වෙන්න කියලා

මීට වසර 6 කට ප්‍රථම තට්ටු කිහිපයක අන්වර ඉදිකිරීමක් සිදුකරමින් ආරම්භ වුනු මෙම අන්වර ඉදිකිරීම් නවතා දැමීමට කිසිම පාලකයෙකු ඉදිරිපත් නොවන ලදී රාජ්‍ය නිලධාරීන්ගේ සහ දේශපාලන අධිකාරියේ නොබද අනුග්‍රහය මත ඉදිවුණු මෙම ගොඩනැගිල්ල සම්පුරන්යෙන්ම අන්වර ඉදිකිරීමකි එහෙත් මෙම ස්ථානයේ එම ඉදිකිරීම වෙනුවෙන් සියලු අවසරයන් නීත්‍යනුකුලව ලබාගැනීමට මෙම ගොඩනැගිල්ල ඉදිකරන මුස්ලිම් ජාතිකයා සමත්වන ලදී නීතියේ සියලු අංශවලට වැලි ගසමින් ඉදිකළ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් කොතෙකුත් තොරතුරු ලබා දුන්නද ඒ සියල්ල බීරි අලින්ට වීනා වැයීමක් බවට පත්වන ලදී එක් මහලකින් ඇරඹි මෙම ඉදිකිරීම අද වනවිට මහල් පහක විශාල ගොඩනැගිල්ලක් බවට පත්වන්නේ සියලු දේශපාලන අධිකාරීන් සහ රාජ්‍ය නිලධාරීන් බලා සිටියෙදී වීම පුදුමයකි අනෙක් කරණය නම් මෙම ඉදිකිරීම අන්වර භූමියක ඉදිකිරීමත් එම ස්ථානයට ඉහලින් ඉදිකර ඇති අධිබලැති විදුලි රැහැන් වෙත ඇත්තේ වියතක දුරකි සාමාන්යෙන් අධිබලැති විදුළි රහණ යන ස්ථානයක ඉදිකිරීමක් තබා කෘෂි භෝගයක් හෝ වගා කිරීමට ඉඩ නොතබන විදුළි බල මණ්ඩලය මෙම ඉදිකිරීම දෙස ඇස් පියා සිටීම පුදුමයකි

එම ගොඩනැගිල්ල ඉදිකළ පුද්ගලයා විසින්ම එම ස්ථානය ආසන්නයේ මීට මාස තුනකට පමණ පෙර තවත් අනවසර ඉදිකිරීමක් සිදු කිරීමද නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් බලා සිටීම නම් ඇදහිය හැකිද දෙනෝ දහසක් ජනතාව දෛනිකව ගමන් කරන මාර්ගයක් ආසන්නයේ මෙවැනි ඉදිකිරීම් වනවිට ඇස් කන් පියා සිටින නිලධාරීන් ගැන වහාම සොයා බැලිය යුතු නොවේද ??නාගරික සංවර්ධන අමාත්‍ය තුමාගේ සහ පරිසර අමාත්‍ය තුමන්ලාගේ දැඩි අවධානය යොමුවිය යුතු නොවේද ???

තරගයට මෙන් මිනුවන්ගොඩ අඹගහ වත්ත ප්‍රදේශයේ සිදුවන අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් දෙස දේශපාලන අධිකාරියේ නොබද සහය ලැබීමත් මේවා දැක නීතිය නවන නිලධාරීනුත් නිසා එහි විපාකය විදින්නට ජනතාව ට සිදුව ඇත පැය 24 වර්ෂාවකින් මෙවන් විපතක් සිදුවන තත්වයක 2010 වසරේ මෙන් මහා ජල ගැලීමකදී සිදුවන විනාශය ගණනය කිරීමට හැකිද ??? මිනුවන්ගොඩ ප්‍රදේශය දැනට වසර 20 පමණ කාලයක සිට දැඩි පරිසර හානිකට ඉඩ වෙන්කර ඇත එහි විපාක ප්‍රදේශයේ ජනතාවට ඉදිරි කාලයේදී අත් විදීමට සිදුවන බව නිසැකය මේ අනතුරේ ආරම්භය පමණක් වන අතර දින තුනක් පමණ වර්ෂාවකින් අත්වන ප්‍රථිපලය බෙහෙවින් දරුණු නොවන්නේද අති ගරු ජනාධිපති තුමනි නාගරික සංවර්ධන අමාත්‍ය තුමනි මේ ඔබගේ දැඩි අවධානය පිණිස ඉදිරිපත් කරමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *