අමුතුම බවුන් වඩනා දේවදත්ත පරපුරේ භාවිනා මධ්‍යස්ථානයක්

පන්සලක් භාවනා මධ්‍ය ස්ථානයක අවුලකින් ගාල්ල තිත්ගල්ල ගමම ඇවිලෙයි

හරි පුදුම පන්සලක ආගමික මධ්‍යස්ථානයක වුවාවෙන් භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යන හරි පුදුව ආගමික මාධ්‍යස්ථානය සම්බන්ධයෙන් ජනතාව විරෝධය ප්‍රකාශ කරති.

ගාල්ල,තිත්තගල්ල මෙත් බෝ සෙවනණ භාවනා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වහාම පරක්ෂණයක් කර මෙම ආගමික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යම් තිරණයක් ගතයුතු යැයි,ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ ආගමික මධ්‍යස්ථාන විහාරස්ථානවල නායක හිමිවරු,අනුනායක හිමිවරු,විහාරාධිපතිවරු හා විහාරාධිකාරි හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි උත්තමයෝ වත්මණ් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නායකයන්ගේ මෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද අවධානය යොමු කරන මෙන් මෙම අවස්ථාවට එක් වු ආගමික නායකයන් මෙන්ම ගිහි පිරිසද ඉල්ලා සිටියහ.

මෙම ආගමික දහම් හමුව පැවතියේ පසුගිය 31 වන දින හැන්දෑවේය. එය තිත්තගල්ල ශ්‍රි විජයසුන්දරාම විහාරස්ථානයේ දී පැවැත්වුයේ රට පුරා ආගමික බෞද්ධ නායකයන් උගතුන් බුද්ධිමතුනගේ ප්‍රධානත්වයෙනි.මෙම අවස්ථාවට දහසකට ආසන්න පිරිසක් එක් ව සිටියහ.

තිත්තගල්ල ශ්‍රි විජේසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රාර්ය මේධානන්ද නායක හිමියෝ මෙසේ පැවසුවහ.

මෙත් බෝ සෙවන නමින් පවත්වාගෙන යන මේ ආගමික ස්ථානය සම්බන්ධයෙන් පරපතල ප්‍රශ්ණයක් තියනවා.මෙහි සිදුවන්නේ කුමක්ද? මෙම මධ්‍යස්ථානයෙන් ගමේ හෝ ප්‍රදේශයේ කිසිදු කෙනෙකුට මෙම ගොඩනැගිලි සමුහයට ඇතුලු        වන්නට නොහැකියි. ඉබි යතුරු දමා ගේට්ටු දමා තිබෙනවා.අතුලේ සිදුවන්නේ කුමක් ද ? කියලා දන්නේ නැ. මේය රාජ්‍ය ආරක්ෂාවට මහා  හානියක්.සිවුරු දමාගත් පිරිස්ද ,පච්ච කෙටු සිවුරු දරාගත් පිරිස් ද කරාබු දමා,ගත් පිරිස් ද හිස මුඩුකර ගත් කහ පාට වත්‍ර අඳගත පිරිස් ද සාමණේර හිමිවරුන්ද,කාන්තාවෝද විශාල පිරිසක් සිටිනවා.

විවිධ වයස් තත්ත්වයේ පසුවන සිල්මාතාවෝ ද සිටිනවා. ඒ අයද කසාවන් ඇඳගෙන සිටින පිරිස්ද සිටිනවා.මෙහෙනින් වහන්සේලා යැයි කියා ගන්නා වු කාන්තාවෝ ද විශාල පිරිසක් සිටිනවා.මෙයට අමතරව කොණ්ඩ වවා ගත් තරුණ පිරිස් ද විශාල පිරිසක් සිටිනවා. මේ සියලුම සිටින්නේ එකම ගොඩනැගිලි පරිශ්‍රයකයි. ගහියෝ ද පැවිදි පිරිස්ද,ළමයින් ද මෙහෙණියන් ද කාන්තාවෝ ද ගැහැණු ළමයි ද  භාවනා කරන විවිධ වයසේ පසුවන කාන්තාවෝද පිරිම මෙන්ම සුන්දර යුවතියන් ද මෙහි භාවනා කරනවා කියමින් මෙහි සිටිනු දැකිය හැකියි.

මෙම ආගමික මධ්‍යස්ථානය ලියා පදිංචි කර නැති බව කියනවා. මෙහි සිටින හිමිවරු නිකාය කුමක් ද පැවිදි වුයේ කුමන හිමිවරුන්ගේ අනුශාසනා පරිදිද? මේ අය බෞද්ධ භික්ෂුන් වශයෙන් පෙනි සිටින්නේ කෙසේ ද? මේ අයට රාජ්‍ය නොවන ආයතන වලින් ආදාර ලැබෙන්නේ කෙසේද,තෝරාගත්  දෙස් විදෙස් පිරිස්    වලට පමණයි මේ ආගමික මධ්‍යස්ථානයට ඇතුලු වන්නට හැකියාවතක් තිබෙන්නේ.

මගුලට,මරණයට, දානයට, හෝ කිසිදු ආගමික කටයුත්කට මේ මෙත් බෝ සෙවන නම් වු ආගමික මධ්‍යස්ථානයෙන් කිසිදු සේවාවක් සිදු වන්නේ නෑ. කරන්නේ කුමක්ද කෙරෙන්නේ කුමක්ද කියා දන්නේ නෑ. දිවා රාත්‍රි විවිධ පුද්ගලයන් මෙහි එනවා යනවා. මේ එන්නේ ඉතා සුකෝපභෝගි වාහන වලින් සිංහල,දෙමිල, මුස්ලිම් අය මෙන්ම විදෙස් රටවල පිරිස් ද මෙහි එනවා මේ අය එන්නේ භාවිනා කරන්න භාවිනා කරන්න උපදෙස් ගන්න හා විවිධ වැඩ සටහන් වලට බව කියනවා. මේ කිසිවෙක් පිළිබඳව සොයන්ට බලන්නට කෙනෙක් නෑ. මෙය මහා ව්‍යවසනයක් සිදුකරන්ට හෝ වෙනත් ආගමික මතවාදයක් පතුරුවනවා ද ?යන්න සැක සහිතයි.

ගමේ ජනතාවට පහර දිම් සිදු කරනවා.ඉඩම් බලහත් කාරයෙන් අල්ලාගෙන සිටිනවා. පන්සල ආරක්ෂා කරන්න මැරවර පිරිසක් ද සිටිනවා. මේ අයගෙන් බේරි මේ බෝ සෙවන මධ්‍යස්ථානවලට ඇතුලු වන්නට හැකියාවක් නෑ.

අහංගම පොලිසියට පවා එහි නිලධාරින්ටද මේ අය මේ ගොඩනැගිලිවලට ඇතුලු වන්නට ඉඩ දෙන්නේ නේ නැ. රාජකාරිකරන්න සිදුකරන්නේ දෙන්නේ නෑ. ගම්මුන්ට පහර දෙනවා. කුඩු බිලා වාගේ සිටින තරුණ පිරිස් ගංජා බීපු වාගේ මේ භාවිනා මධ්‍යස්ථානයේ සිටින තරුණ පිරිස් ගම්මුන්ට පහර දෙනවා. මෙය මහා හිසරදයක් පොලිසියට පැමිණිල කර තියනවා.සාමය කඩකරන ආකාරයට කටයුතු කිරීම්,අවට වනාන්තරයේ කැලැබද ප්‍ර දේශවල හා මිල දි ගන්නා ඉඩම්වල ගහකොල බලහත්කාරයෙන් කාපා විකිණීම,ගම්මානවලට ජලය ලබාදෙන ජල මුලාශ්‍ර අවහිරකර තියනවා.මේ නිසා ජනතාවට ජීවත්වන්නට මේ පිරිස් කටයුතු කරන්නේ නෑ.ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පෙන්වා මුදල් සොයනවා මේය දෙස් විදෙස් වශයෙන් මහා පරිමාන ආකාරයට ක්‍රියාත්මක වෙනවා.මෙය ලියා පදිංචි කර නෑ. ගාල්ල සම්බෝධි ආයතනය සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන බලහත් කාරයෙන් කටයුතු කරනවා.

ගාල්ල වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක හබරාදුව හප්පාවන රේවත නායක හිමියෝ මෙසේ පැවැසුහ.

මේ භාවිනා මධ්‍යස්ථානය තුළ සිදුවන්නේ කුමක් ද ? ඉඩම් කඩම් වාහන මිල් දි ගන්නේ කෙසේද? සතුර පේරුවේ දායක දායිකාවන් නැතිව ඈත ගම්වල සිටින දායකයන් හා දෙසිවිදෙස් සම්බන්ධතා මතුයි මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ මෙහි යම් අන්‍ය ආගමික මතවාදයක් හෝ යම් වෙනත් ව්‍යවසනයන් සිදු කරන්න කටයුතු කරනවාද කියා අපට සැකැයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ආරක්ෂක අංශ යම් පියවරක් ගත යුතුයි. මහා විනාශයක් සිදු වු පසුව දුක් වන්නට කණගාටු වන්නට අපි දන්නේ නැ.කියා කිසිවෙකුට ගැලවෙන්නට හැකියාවක් නෑ. ඒ නිසා අපි කියන්න කැමැතියි.මේ ආගමික මධ්‍යස්ථානය මුවාවෙන් පවත්වාගෙන යන මේ විපරීත ආගමික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න.සොයා බලන්න කියා මා ආගමේ නාමයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි.

මෙම ආගමික මධ්‍යස්ථානය අසල නිවසේ ජීවත්වන අසංක තිලකසිරි (39) මෙසේ කීය.

ගමේ අහිංසක මිනිසුන්ට පහර දීම් සිදු කරනවා. බලහත්කාරයෙන් ආගමික මධ්‍යස්ථානය අවට තිබෙන ඉඩම් ඉල්ලනවා. දෙන්න බෑ කීවාම මැර පිරිස් දමා බියපත් කරනවා.පන්සල අසලින් යන්න තිබෙන පාරවල් වහනවා. වාහන පාර හරහා නවතා පාවරවල්වලින් ගමට යන්න ඉඩ දෙන්නේ නෑ. මැරයන් වාගේ තමයි මෙහි සිටින තරුණ පිරිස් හැසිරෙන්නේ මා මේ සම්බන්ධයෙන් අහංගම පොලිසියට පැමිණිල කරා. මේ අනුව තමයි යන්න අවසරයක් දුන්නේ. නමුත් පාරවල් පහපු බාධක ඉවත් කළේ නෑ. පයින් යන්න හැකි පරිදි තමයි අපේ ගෙවල් වලට යන්න ඉඩ කඩ දුන්නේ මට බියක් තියනවා. මාගේ දරුවන් බිරිද මරා දමන්නට තරම් මේ අය මහා බියකරු ආකාරයට කටයුතු කරනවා. මට ආරක්ෂාව දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

තුෂාර තිත්තගල්ල මහතා 35

මේ භාවනා මධ්‍යස්ථානය මගින් ගමට් කිසිදු සෙතක් නෑ. ගමේ ජනතාවට කරදර කරනවා. පහර දීම් සිදු කරවා. මෙහි සිටින ගිහි පැවිදි පිරිස් හිස මුඩුකර ගත් පිරිස් ටැටු ගහසු කරාබු දමාගත් පිරිස්. හිස මුඩුකළ කාන්තාවන් තරුණ කාන්තාවන් මෙහි සිටිනවා.ගමේ කාටවත් මේ මධ්‍යස්ථානයට එන්න දෙන්නේ නෑ. මහා බියකරු රහස් යමක් සිදුවනවාද කියා අපට හිතෙනවා.මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන්න බෞද්ධාගම සිවුරුට මුවා වි යම් වෙනත් ආගමික මතවාදයක් පතුරුවනවා ද ?  කියා අපට සැකැයි. මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න නියා අපි ගමේ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

රුවන් සිරිවිජේසිරි මහතා 45 මහතා මෙසේ කීය.

මෙය ගමට තිබෙන පන්සලක් නොවෙයි. විදෙස් ජාතිකයන්ට විදෙස් විවිධ පිරිස්වලට හා පිට පළාත් වලින් හා කොළඹ සිටින මහා මුදලාලිලා වාගේ ලොකු වාහනවලින් එන අයට විතරයි යන්න හැකි වන්නේ. ගමේ මළ ගෙදරට දානයට හෝ කිසිදු ආගමික සමාජ වැඩකට එන්නේ නෑ. මේය මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක්ද කියා අපට සැක හිතෙනවා.වාහන එනවා යන්වා විදෙස් ජාතිකයන් කාන්තාවන් තරුණ පිරිස් තමයි එන්නේ. යන්නේ මොකක් ද කරන්නේ කියා හිතා ගන්නත් බෑ. මෙය මහා බියකරු ස්ථානයක් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්න කියා හිතෙනවා මෙය සහරාන්ගේ තවත් මධ්‍යස්ථානයක්ද කියා ජනතාවට සැක හිතෙනවා.

කොළඹ සිට පැමිණි තම නම කියන්නට අකමැති වු තරුණයෙක් කී අපුරු කතාව කිසා සභාවම අන්ද මන්ද වුයේ ය. (අදාළ තරුණයාගේ ඡායාරූපය හා හඩපටිය වීඩියෝ දසුන්නද අප සතුයි)

අපේ ගම් කොළඹ,මගේ නංගි මේ භාවිනා මධ්‍යස්ථානයට ආවා.මෙහි හිමිවරුන්ගෙන්  භාවනා කරන්නට උපදෙස් ගන්න කොළඹ ඉදන් ආවේ.අපේ තාත්තා එක්ක යම් දේශනයක් කර මේ ආගමික මධ්‍යස්ථානෙය් හිමිවරු සිදුකර තිබුනා. පසුව,අපේ මගේ නංගි තාත්තාට කියා තියනවා මම ගෙදර එන්නේ නැ. මම භාවිනා මධ්‍යස්ථානයේ නවතිනවා. මම මහන වෙනවා කියලා. කාන්තා මෙහෙනින් වහන්සේලාද මෙහි ඉන්වා. තරුණ මම වාගේ ගැහැණු ළමියිද සිටිනවා. තරුණ පිරිම් ළමයි ද සිටිනවා. මහණ වු සිවුරු දමා ගත් හිමිවරු මෙහෙණියන්ද  ඉන්නවා. මම ආයේ එන්නේ නෑ. කියා තාත්තාට නංගි ලිපියක් ලියා දී මෙහි තැවතුනා දින කිහිපයක් ගත උනා.අපිට එයාව මගේ නංගි පෙන්නන්නේවත් නැ.බලන්න දෙන්නේ නෑ. අද පෙන්වනාව හෙට පෙන්නවා කියා කියනවා අපි අසරණයි. අපිට යම් විසදුමක් දෙන්න.මේ ආකාරයේ තවත් තරුණ ගැහැණු පිරිම් ළමයි මෙහි මේ ආකාරයෙන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනවා කියා කියනවා.අපිට මේ සම්බ්න්ධයෙන් යම් පියවරක් ගන්න අපට සහනයක් දෙන්න මාගේ නංගි සොයා දෙන්න.මෙහි අයට සඟවාගෙන සිටිනවා. ඇය මෝහෝනයට පත් කර සිටිනවා විය හැකියි.

හබරාදුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා

තිත්තගල්ල මෙත් බෝ සෙවණ භාවිනා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් අපටත් විවිධ නරක ආරංචී රැසක් ලැබි තියනවා. මේ දහම් සභාවේ දී  ආගමික නායකයන් මේ ගමේ පිරිස් මේ ආගමික මධ්‍යස්ථානය පිළිබඳව පැවසු කරුණු සම්බන්ධයෙන් යම් යම් අකටයුතුකම් සිදුවන බවට අපටත් හැගි යනවා. මම මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති තුමාගේ හා අග මැතිතුමාගේ අවධානය යොමු කරන්නට පියවර ගන්නවා. මේ භාවිනා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන්නට අදාළ ඉහළ අංශ වලට දැනුම් දෙන්වා යැයි කීය.

ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා

ගමට ප්‍රදේශයට පළාත්ට මේ ආගමික මධ්‍යස්ථානයෙන් සිදුකරන වැරදි වැඩ සම්බන්ධයෙන් අපටත් යම් පියවරක් ගත හැකියි. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්නට අප ඉදිරියේ  දී පියවර ගන්නවා.

අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මංචුල සිල්වා මහතා.

මම මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට යෑමේ දී මට ද නිලධාරින්ටද විහාරවාසි හිමිවරු හා මැර පිරිස් තර්ජනය කරණු ලැබුවා. කෙසේ නමුත්, ගමකට යන මාර්ගය වසා අවහිර කිරීම සම්බන්ධයෙන් මාර්ගය යළි විවෘත කර මාර්ග බාදක ඉවත් කර කලහකාරි ආකාරයෙන් භාවනා මධ්‍යස්ථානයේ සිටි තරුණ පිරිසගෙන් දෙදෙකු අත්අඩංගුවට ගෙන පසුගිය ගිය  31 වන දින ඇප මත නිදහස්කර ති‍බෙන බව අහංගම පොස් ස්ථානාධිපති වරයා  කීය.

කෙසේ නමුත්, මේ සිද්ධිය සම්බ්න්ධයෙන් උරන වු භාවිනා මධ්‍යස්ථානයේ ගිහි පැවිදි, මෙහෙණියන් මෙන්ම, හිස මුඩුකර ගත් කානාත්වන් තරුණ, තරුණියන් පච්ච කොටු (ටැටු) පිරිස් අහංගම පොලිසියට හා නිලධාරින් දුෂිතයන් බවත්,මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් අල්ලන්නේ නැති බවත් කියමින් පොලිස් නිලධාරිහු අපහසුතාවයට පත්වන ආකාරයට සමාජ මාධ්‍ය ජාල මගින් දැවන්ත මඩ ප්‍රචාරයක් ගෙනයමින් පවතින බව පොලිසිය පවසයි.

මෙහි දී මහා පරිපාන හෙරොයින්, කුඩු තොග අල්ලමින් හා අහංගම පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහා සංහාරයක් සිදුකරමින් කටයුතු කරන බව ද අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

මේ සම්බ්නධයෙන්,ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම දහම් සභාවට පැමිණ සිටි විහාරස්ථාන 250 ක නායකත හිමිවරුන් පෙන්වා දුන්නේ අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා හා නිලධාරින් සම්බන්ධයෙන් ගෙනයන වැරදි මත ප්‍රතිෂේප කරන බවත්,නීතිය හරියට සිදුකරන අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා හා නිලධාරින් සම්බන්ධයෙන් ආගමික නායකයන් වශයෙන් අපි සැහීමකට පත්වෙනවා.ආගමික නායකයන් වශයෙන්,අහංගම පොලිස් ස්ථානාධිපතිවරයාට හා නිලධාරින්ට  සහතිකයක්  ලබාදෙන බව අප හිමිවරු පැවසුහ.

මේ අතර භාවනා මධ්‍යස්ථානයේ හිමිවරුද පවසන්නේ මෙවන් කතාන්දරයකි.

ගාල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ  තිත්තගල්ලෙ අනන්දසිරි හිමි පවසන්නේ අහංගම පොලිස් ස්ථානධිපති වරයා ප්‍රමුඛ පිරිස තම භාවනා මධ්‍යස්ථානයට අරියදු කරන බවයි. මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානායේ ඉහළ නිලධාරින්ටද කරුණු පෙන්වා දුන් බවද උන් වහන්සේ පවසති.

අප ආගමික භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යන වා සමහරු මෙයට අකමැති නිසා මේ ආකාරයේ අකටයුතුකම් අපට සිදු කරනවා යැයි උන් වහන්සේ පැවසුහ.

කෙසේ නමුත්, 31 වන දින මෙම භාවනා මධ්‍යස්ථානය අසල ජනතාව විරෝධතාවයක් පැවැත් වු අතර සිද්ධිය සස්බන්ධයෙන් පරික්ෂනයක් සිදු කරන නිසා වහා ම විසිර යන ලෙස අහංගම පොලිසිය දැනුම් දිමෙන් පසුව පිරිස විසර ගියේය.

නමුත් එයට සමගාමිව තිත්ගල්ල ශ්‍රි විජේසුන්දාරාම විහාරස්ථානයේ ද මෙම භාවිනා මධ්‍යස්ථානය සිදුකරන ලබාන ක්‍රියා සම්බන්ධයෙන් මහා විරෝධාතාවක් සමගින් ගිහි පැවිදි පිරිස් එක්ව දැවැන්ත ආගමික හමුවක් පැවැත්වුහ. මෙහි දී  සිදුවුයේ ජනපති අගමැති තුමාන්ලාට මේ බව දැනුවත් කර පරික්ෂණයක් සිදුකරන මෙන් මෙම අවස්ථාවට එක්වු එක්ව තිරණය කළහ. 

අහංගම,තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානය නමින් වරෙක අනුරාධපුර, ජේතවනාරාමය මගින් භික්ෂු භාවය අහෝසිකල හිමිනමක් විසින් පවත්වා ගෙන යන බව කියන අහංගම තිත්තගල්ල මෙත් බෝ සෙවන නමින් වු මන්දිරයේ හිමිවරුන් ගම්වාසීන් හට තර්ජන කරන පවද තිත්තගල්ල ජනතාව පෙන්වා දෙති.

මෙම හිමිවරුන් තරුණියන් මහන කරවා විහාර මන්දිරයේ අනෙක් පසින් නවත්වාගෙන සිටි.තිත්තගල්ල හවුපේකන්ද වත්‍ත ගම්වාසීන්ට මෙම විහාර භුමිය වෙත ඇතුළු විම තහනම් කර තිබිම විශේෂත්වයකි.

මෙම විහාරාධිපති විසින් ගම්වාසින් වසර හැටක් පමණ භාවිත කල මාර්ගය ගම්වාසීන්ට යාමට නොහැකි අයුරින් ට්‍රැක්ටර්යක් මග හරස් කර කලහාකාරි තත්ත්වයක් නිර්මාණය කරගෙන ඇත.

පසුගිය (30) ගම්වාසීන් තම මාර්ගය අවහිර කිරිමට එරෙහිව විරෝධතා පැවැත්වීමට සුදානම් වෙද්දී අහංගම පොලිසිය එහි ගොස් ගම්වාසීන් ගැටුමක් නොවන අයුරින් දැනුවත් කර මාර්ගය වසා දමා කලහකාරී තත්ත්වයක් නිර්මාණය කරන්නට ගිය විහාරය තුල සිටි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට අහංගම පොලිසිය පැවසීය.

එයින් පසුව ෆේස්බුක් ලයිව් හරහා සමාජ ජාල මෙහෙයුමක් ඇරඹු හිම්වරුන් පොලිසිය දානයට යන්නට ඉඩ නොදුන් බව කියමින් ප්‍රචාරයක් ගෙනයාම ඇරඹීය.

කෙසේ වෙතත්, මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය සහ අහංගම පොලිසිය අතර මතුව තිබෙන ගැටළුව ගැන රටට කියන්න, තිත්තවැල්ලේ ආනන්ද ස්ථිවිරයන් මේ වන විට, 18 වතාවක් එෆ්.බී ලයිව් පැමිණ ඇත.

ෆේස්බුක් හරහා තම නිරැවත හා ඇත්ත වසන් කරන්නට ගියද තිත්තගල්ල මෙත්බෝ සෙවනේ හිමිවරුන් ට එරෙහිව ගමේ විහාරස්ථාන සියල්ලේම හිමිවරුන් අහංගම පොලිසිය වෙත පැමිණ ඇත්ත හෙලිකරන්නට වුහ.

අහංගම ගම්වාසීන්ද මෙත් බෝ සෙවන හිම්වරුන් ගේ බොරු ෆේස්බුක් ප්‍රහාරයට විරෝධය පෑමට එක්ව සිටියේය.භාවිනා මධ්‍යස්ථානය අසළ විශාල පිරිසක් විරෝධතාවයකටද එක්ව සිටියෝ ය.

මෙත් බෝ සෙවනේ හිමිවරුන් පොලු අරන් ගමට චණ්ඩි පාට් දමන අයුරු හා ගම්වාසීන්ට හා පොලිසිය ට චණ්ඩි පාට්දමන මෙම චීවරධාරීන් ට එරෙහිව ගමේ විහාර වල හිම්වරුන් විරෝධය පලකරන අපකළ සංචාරයේ දි දැකගත හැකි වුහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *