වරදක් නොකළ සුදර්ශනී බන්ධනාගාරයට

වරදක් නොකළ සුදර්ශනී බන්ධනාගාරයට

සිරකරු සුබසාධන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය පිළිගැනීම, මහර බන්ධනාගාරය තුල නවීකරණය කළ ටෙනිස් පිටිය විවෘත්ත කිරීම, මහර බන්ධනාගාරයේ විශ්‍රාමික නිලධාරීන් ඇගයීම හා ත්‍යාග ප්‍රදානය, බන්ධනාගාර නිලධාරීන්ගේ දක්ෂතා ඇති දරුවන් ඇගයීම යන තේමාවන් මුල් කරගනිමින් ඊයේ (30) දිනයේ මහර බන්ධනාගාරයේ දී උත්සවයක් පැවැත්වුණි.

උත්සවය අවසානයේ ඇමතිනිය බන්ධනාගාරය තුල නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීය. එහිදී දීර්ඝකාලීන සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින රැදවියන් සැලසුම් සහගත ලෙස විවිධ කර්මාන්ත වල යොදවා ඇති ආකාරය ඇමතිනියගේ විශේෂ අවධානයට ලක්විය. විදුලි, වඩු වැඩ, වීවින, කොහු ආදී අංශ ඔස්සේ රැදවියන් නිශ්පාදන සිදුකරනු ලබයි. මෙම නිශ්පාදන අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් රැදවියවියන්ට ද ලබා දෙන බව බන්ධනාගාර නිලධාරීන් පැවසීය.

නිරීක්ෂණ චාරිකාව අවසානයේ මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය සඳහන් කලේ මහර බන්ධනාගාරය තුල රැදවියන් උදෙසා සිදුකරන විධිමත් වැඩපිළිවල අගය කරන බවයි. තවද ඉදිරියේ දී බන්ධනාගාර තුල සිටින රිමාන්ඞ් සිරකරුවන් නිසා ඇතිව තිබෙන අධික තදබදය අඩු කිරීමට ද සැලසුම් සකස් කරන බව ද ඇය පවසන ලදී.
ඇමති ලසන්ත අලගිවන්න, මහර ප්‍රාදේශීය සභා ලේකම් G. E. S. I. විමලරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *