රට පුරා පුවක් මිළ ඉහළට…මේක පාරුවේ පුවක් ද ????

පුවක් මිල ඉතා සීඝ්‍රයෙන් වෙළෙඳපොල තුළ මිල ඉහළ ගොස් තිබෙන බව පාරිභෝගික ජනතාව පවසති.මීට පෙර වෙළඳපල තුළ පුවක් ගෙඩියක මිල රුපියල් 2 ත් 3 ත් අතර මිලකට අලෙවි කෙරිණි.නමුත් අද වන විට පුවක් ගෙඩියක මිල රුපියල් 15 ඉක්මවා ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල රුපියල් 20 දක්වා ගෙඩියක මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි රටපුරා සිටින පාරිභෝගිකයින් පවසති. මෙලෙස පුවක් මිල ඉහළ යාම හේතුවෙන් බුලත් විටක මිලද ඉහළ ගොස් ඇති අතර එය මීට පෙර රුපියල් 25 ත් 30 ත් අතර මිලකට අලෙවි කලේය.කෙසේ වෙතත් මේ වන විට බුලත් විටක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ ගොස් ඇත.මෙලෙස පුවක් මිල අධිකව ඉහළ යාමට ප්‍රධානම හේතුව ලෙස ප්‍රමාණවත් තරම් පුවක් වෙළඳපොළට නොලැබීම බවට වාර්තා වේ.

පුවත් මෙසේ මිල ඉහළ ගොස් ඇත්තේ අසිමිත ලෙස පුවක් ගස් කැපීම නැවත කැත්තට දුන්නට මලට මල්ලට, බුලතට පුවකට වටිටියට පෙට්ටියට කඳට මුලට මැඳ මුලටද ඇමති කම් සිටින රටේ පුවක් මිල් පාලනය කිරීම හා නැවත පුවක් වගා කරන්නට පියවර ගන්නේ නම් බුලත් විටක රසය සොයන මනිසුන්ට විතරක් නොව ඉන් ජීවත්වන ජනතවටද විදෙස් විනිමයටද අතපෙවීමකි.

පුවක්,තාල වර්ගයට අයත් ගසකි. පුවක් ගෙඩි බුලත් විට කෑමට යොදා ගනී.හෙක්ට­යාර් 1ක තනි පුවක් වගාවකින් ලක්ෂ 15ක පමණ ආදායමක් මේ දිනවල උපයාගත හැකි බැව් පුවක් වෙලෙන්දෝ පෙන්වා දෙති.මේ පුවක් ආදායම ඉහල ගොස් ඇත් නිසා තිබෙන පුවක් ගස්වල පුවක් හොරු කඩන නිසා සමහර පුවක් වතු හිමි ඉඩම් හිමියෝ පුවක් ගස්යට නිදාගන්නවා යැයි ගාල්ලේ යක්කලුමල්ල පුවක් වගාවක් හිමි වගාකරවෙක් අප සමඟ කීය. සත්තකින්ම තනි වගාවකදී හෙක්ටයාර් 1ක සිටුවිය  හැකි පුවක් ගස් ප්‍රමාණය 1100කි. වසරකට පුවක් ගසකින් ගෙඩි 750කට වඩා නෙළාගත හැකිය.ඒ අනුව අදවන විට පුවක් මිල් සසදා බැලීමේ දී  පවුක් ගසකින් උපයාගත හැකි ආදායම වාර්ෂිකව රුපියල් 15 000ක් පමණ වේ. පුවක් ගසක පුවක් වලු කිහිපයක් හට ගන්නා අතර පවක් ගස් ප්‍රමාණය අනුව මේ මිල කොතරම්ද යන්න සිතගත හැකිය.  

තනි වගාවක් මෙන්ම උස් සෙවණ ශාක සමඟ මිශ්‍ර වගාවක් ලෙස ද ඇළ වේලි දිගටද වැට මායිම්වලද පුවක් වගා කළ හැකි ය.නමුත් අද මේවා කපනවා මිස සිටුවන්නේ නැත. ඒ කරුමය අද පුවක්වලටද උදා වි ඇත.ගෙඩියේ වර්ණය හා ප්‍රමාණය අනුව වෙනස්කම් ඇති පුවක් දැකිය හැකි වේ.ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකයට සුවිශාල රුකුලක් බවට පත් වී තිබෙන වැවිල්ලක් ලෙස පුවක් වගාව ප්‍රචලිත වී තිබේ. අපනයන කෘෂි භෝගයක් ලෙස පුවක් වගාව අන්තර්ජාතික මට්ටමින්ද කීර්තියක් ලබා තිබීමද සුවිශේෂ වේ. මෑත කාලයේ සුළු පරිමාණ පුවක් වගාකරුවකුට වුවද, තම ආර්ථික මට්ටම ‍සාර්ථක ලෙස ගොඩනඟාගැනීමට හැකියාව ලැබී තිබේ‍.

ගෙඩියේ වර්ණය හා ප්‍රමාණය අනුව වෙනස්කම් ඇති පුවක් වගා දර්ශ දැකිය හැකි වේ. මේ අනුව ‘දේශීය පුවක්‘ හා ‘හම්බන් පුවක්‘ ලෙස වර්ග දෙකක්ද විදේශවලින් ගෙනැවිත් ව්‍යාප්ත කළ ‘රට පුවක්‘ නමැති ප්‍රභේදයද දැකිය හැකිය.

පුවක් යනු අවුරුදු 40ක්-50ක් පමණ ජීවත් වන ගසක් බැවින් හොඳ අස්වැන්නක් ලබා දෙන සුදුසු පැළයක් මුල දීම සිටු වීම අනාගතය වෙනුවෙන් ඉටු කරන වැදගත් මෙහෙවරක් බව කිව යුතුය. පුවක් වගාව නඩත්තු කටයුතු අඩු, පහසු වගාවකි.ගෙඩි හට ගැනීම පැළ සිටුවා අවුරුදු 6-7කින් සිදු වන අතර, අවුරුදු 10-15කින් උපරිමයට පත් වී එය අවුරුදු 40ක් පමණ පවතී. පසුව අස්වැන්න අඩු වේ. රට පුවක් ජූලි සිට සැත්තැම්බර් දක්වාද සිංහල පුවක් ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වාද අස්වැන්න ලබා දේ. දේශීය එක් පුවක් ගසකින් පුවක් ඉති 3ක්-5ක් පමණ අවුරුද්දකට ලබාගත හැකි අතර, එක් ඉත්තකින් ගෙඩි 250ක්-400ක් පමණ ලබාගත හැකිය.

පුවක් කල් තබාගැනීමේ ක්‍රම ද රැසකි.මඩ පුවක් – පල් පුවක් /නිර්වායු තත්ත්වයට පත් කිරීමෙන් කරුංකා – අව්වේ වියළා ගැනීමෙන්,පෙති පුවක් නොමේරූ පුවක් කපා,වියළා ගැනීමෙන් පූරුවේ පවක් පාරුවේ පුවක් ලෙස ජන වහරේ කතා වක් තිබුනද සත්තකින්ම ආර්ථික මට්ටම ‍සාර්ථක ලෙස ගොඩනඟාගැනීමට හැකියාව ලැබී තිබේ‍. කෑමට මෙන්ම පුවක් කොළ පුවත් පරිසර හිතකාමී බදුන් සැකසීම සඳහා ද වර්තමානයේ බහුලව භාවිතා වේ එම නිසා වගාව වර්තමානය වන විට ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින වගාවක් ලෙස හැඳින්විය හැක.

පුවක්‌ ගසේ ප්‍රධානතම විශේෂත්වය වන්නේ එය ආසියාතික රටවල පමණක්‌ වැවෙන ශාකයක්‌ වීමයි. ආසියාතික ගම්බද ජනතාවගේ පාරම්පරික ආශ්වාදජනක කෑමක්‌ වන “බුලත් විට” වල රස මතුකරන ප්‍රධානතම සාධකය පුවක්‌ය. සිංහල පුවක්‌ “කහට රසය” මූලික කරගත් රසයකින් යුත් අතර එම පුවක්‌ වැඩිපුර කෑමෙන් ඇතමුන් මත් ගතියක්‌ මෙන්ම ක්‌ලාන්ත ගතියක්‌ද ඇතිවේ. එබැවින් බුලත් විටක්‌ කෑමේදී එම පුවක්‌ අවම පමණින් යොදා ගැනීම පළපුරුද්දෙන්ම කළ යුතුයි. සිංහල පුවක්‌ පැසීමට කලින් “ගොලෑ පුවක්‌” වන අතර හොඳින් පැසුණු ඉඳුණු පුවක්‌ “රබ්බඩ” ලෙස හැඳින්වේ. ගොලෑ පුවක්‌ හා රබ්බඩ පුවක්‌ අතරමැද පවතින පුවක්‌ (මඳක්‌ මදය මේරූ) “හාල් පුවක්‌” ලෙස ගැමි ජනතාව අතර ප්‍රකටය. අනෙක්‌ වර්ගය වන්නේ සිංහල පුවක්‌ ගෙඩියට වඩා ප්‍රමාණයෙන් විශාල වූ කහට රසයට වඩා කිරි රසයෙන් යුත් “රට පුවක්‌” නම් පුවක්‌ විශේෂයයි.

පොල්, තල්, කිතුල්, රටඉඳි ශාක මෙන්ම පුවක්‌ ද තාල වර්ගයේ (මුදුන් මුලක්‌ නොමැතිව පරිවාර මුල් මගින් පොළොවට සම්බන්ධ වන හා අතු නොබෙදෙන ශාක වර්ගයට අයත් (කුලය) ශාකයක්‌ වන අතර “පුවක්‌ ප්‍රචාරණය” සිදුවන්නේ මූලිකවම “පුවක්‌ ගෙඩිය” මඟිනි. පුවක්‌ ශාකය ගෙවතු වගාවක්‌ ලෙසද මිශ්‍ර වතු වගාවක්‌ ලෙසද වැට මායිම් හා ඉඩම් සීමා මායිම් දක්‌වන වගාවක්‌ ලෙසද ශ්‍රී ලංකාවේ පූරාණයේ සිටම ගම්බද හා අර්ධ නාගරික ප්‍රදේශවල ජනප්‍රියව පැවතිණි. මීට අමතරව ඇළ දොළ හා විශාල කුඹුරු වගා බිම් (කුඹුරු යායවල්) ආශ්‍රිතව පුවක්‌ ශාකය පැතිරී තිබෙනු දැකිය හැකිය. තෙත් කලාපයේද, අතරමැදි කලාපයේද පහළ කඳුකරයද පුවක්‌වල වැඩීමට යහපත් පරිසර සාධක හා දේශගුණික සාධක රැඳී ඇති අතර වියළි කලාපයේද පුවක්‌ ශාකය අතරින් පතර දක්‌නට ලැබේ.පුවක්‌ ගසකට කිසිදාක පොහොර භාවිතයක්‌ කළ යුතු නොවීමද විශේෂයකි.

පුවක්‌ හා බැඳුණු හෙළ සංස්‌කෘතිය අගනේ ය. අතීතයේ කුඹුරු ගොවියාද හේන් ගොවියාද, කරත්ත කරුවාද, පතල්කරුවාද, පෙදරේරුවාද, කම්මල්කරුවාද, බඹර කපන්නාද, ගල් වඩුවාද, අතුරේ යන්නාද, රා මදින්නාද (පොල්, තල්, කිතුල්) දඩයම් කරුවාද, ධීවරයාද, රෙදි අපුල්ලන්නාද වශයෙන් මෙකී නොකී සෑම තරාතිරමකම රැකියාවල නියුතුවූවන් තම විඩාව සංසිඳුවා ගන්නට බුලත් විටකින් සප්පායම් වීම පෙරදා ජන ජීවිතයේ අනිවාර්ය අංගයක්‌ව පැවතිණි. අතීතයේ කිසියම් ආගන්තුකයකු, අසල්වැසියකු හෝ පිටගම් කාරයෙකු නිවසට පැමිණී විට ආගන්තුක සත්කාරයට” පෙළ ගැසෙන්නේ තේ කෝප්පයක්‌ හා බුලත් විටකුත්ය. අංගසම්පූර්ණ බුලත් විටකට පුවක්‌, බුලත්, හුණු, දුන්කලවලට අමතරව එනසාල් ඇටයක්‌ කරාබු නැටි කැබැල්ලක්‌, වසාවාසී, සූදුරු, ඉඟුරු පියල් වැනි සුවඳ ද්‍රව්‍යය කීපයක්‌ද එකතු වීම අතීතයේ සුලභ දෙයක්‌ විය. මෙවන් සුවඳ ද්‍රව්‍ය සමඟ කුරුටු ගෑ පුවක්‌ ගෙඩි දෙක තුනක්‌ද බුලත් කොළ කීපයක්‌ද පිළිවෙලකට තැබූ බුලත් හෙප්පුවක්‌ අතීතයේ ගැමි ගෙවල්වල ඉස්‌තෝප්පුවේ මැද කනප්පුවක සිට උජාරුවෙන් බලා සිටියේ හෙළ සංස්‌කෘතියේ සුවිශේෂී අංගයක්‌ ලෙසිනි. මෙම සංස්කෘතික උරුමය අදටද අපේ සමහර ගම්මල ඉස්තෝප්පුවේ දැකිය හැකිය.

වර්තමානයේදී පවා මංගල අවමංගල උත්සවයකදී වේවා නිවසට පැමිණෙන නෑදැ අසල්වැසි හා ඥති මිත්‍රාදීන් හා අමුත්තන් වෙනුවෙන් සාලයේ හෝ ඉස්‌තෝප්පුවේ කොනක බුලත් හෙප්පුවක්‌ සුදානම්කර තැබීම චිරාගත සම්ප්‍රදයානුකූල චාරිත්‍රයක්‌ ලෙස බොහෝ ගම්බද පළාත්වලදී දැකීමට පුළුවන. එමෙන්ම පැරැන්නන් වන්දනා ගමන් විනෝද ගමන් හෝ නැදැ ගමන් යැමේදී පවා ගමනට අවශ්‍ය වන ප්‍රධාන කළමනා අතර බුලත් මඩිස්‌සලයක්‌ද රැගෙන යැමට අමතක නොකළහ.

දුටු ගැමුණු රාජ්‍ය සමයේ පවා රජුගේ යුද හේවායන් සඳහා රජ ගෙදරට “බුලත් සැපයීමේ රාජකාරියට” වෙන්වූ පුද්ගලයන් කීපදෙනෙක්‌ සිට ඇත. ඉන් අයෙකි. “බුලතා යෝධයා”. (මහියංගණයේ සොරබොර වැව කරවූයේද බුලතා යෝධයාය) බුලතා යෝධයා දුටුගැමුණු රාජ සේනාවට බුලත් සපයද්දී බුලත්විටට අවශ්‍ය පුවක්‌ සපයා ගැනුණේ සබරගමුවෙන් හා මහනුවර කොත්මලේ වැනි ප්‍රදේශවලිනි. පුවක්‌ සැපයීම බාරව තිබුණේ එම ප්‍රදේශවල ජීවත් වූ සිංහල හා මුස්‌ලිම් වෙළෙන්දන් කීපදෙනකුටය. එපමණක්‌ද නොව මහනුවර රාජ්‍ය සමයේ හෙළ රජවරුන් රාජකීය භෝජන වැළඳීමෙන් පසු සුවඳ වර්ග 15 ක්‌ එක්‌ තැන්කොට රස මුසුකළ අංගසම්පුර්ණ බුලත්විටකින්ද සප්පායම් වූ බව මහා සිංහල විශ්ව කෝෂයේ සඳහන් වේ.

සත්තකින්ම බුලත් විටක්‌ සැපීමෙන් මුඛය සුවඳවත් වීමත්, දත් සඳහා හානි පමුණුවන විෂබීජ හා පණුවන් විනාශ වන බවත් පැරැන්නන් තුළ විශ්වාසයක්‌ තිබිණි. බුලත් විටට එකතු කරන දුන්කල මඟින් රසයකුත් මත් ගතියකුත් ලැබෙන අතර පණුවන්ට අහිතකර ඖෂධයක්‌ තමා පාවිච්චි කරන බවද පැරැන්නන් විශ්වාස කළහ. මේ නිසාම පැරැන්නන් ගේ ප්‍රධාන ආහාර රටාවේ අතුරු පසක්‌ තරමටම ජනප්‍රියව බුලත් විට භාවිත කෙරිණි. එම බුලත් විටකට බුලත්,පුවක්‌,හුණු,දුන්කළ,කරඳමුංගු (එනසාල්) කරාබු හැටි,සාදික්‌කා, වසාවාසි, ඉඟුරු පියළි,කොත්තමල්ලි,අවශේෂ ද්‍රව්‍ය 18 කින් සමන්විත වූ බවද පොත පතෙහි සඳහන් වී ඇත. රජවරුන් මහාමාත්‍යදීන්, පුරෝහිතයන්, නිලමේවරුන් අතර පවා මෙම සම්ප්‍රදායික බුලත් විට ප්‍රචලිතව තිබිණි. රජ ගෙදර පවා රජතුමාට ආහාර පිළිගැන්වූ බත් වඩන නිලමේ බොජුන් වළඳා අවසන් වූ පසු රජුට මාහැඟි බුලත් විටක්‌ සැපයවූ බව සඳහන්ය.බුලත් විට හා සාර විට විඩද මෙහිදි මතක් කල යුතුව ඇත.

පුවක්‌ කැපීමට භාවිත වන්නේ ගිරයයි. මේ සඳහාම සකස්‌ කරගත් කුඩා පිහියක්‌ද (දුනු පිහිය) පැරැන්නන් අතර භාවිත විය. ගාල්ල කොග්ගල මාටින්වික්‍රමසිංහ ජනකලා කෞතුකාගරයයේද,කකොළඹ ජාතික කෞතුකාගාරය හා මහනුවර රාජකීය කෞතුකාගාරය තුළ සිංහල රජ කාලයේ භාවිත කළ විවිධ හැඩයට සැකසූ ගිර රාශියක්‌ ප්‍රදර්ශනය කර තිබීමෙන් පෙනී යන්නේ අතීතයේ පුවක්‌ බුලත් හා ගිරය අතර තිබූ අගනා සබැදියාවයි.තේ හෝ කෝපි කෝප්පයකින් ශරීරයට ලැබෙන උත්තේජනය බුලත් විටකින් ලැබෙන බව පැරැන්නන් අතර පවතින සාමාන්‍ය මතයයි.පුරා විද්‍යාත්මක සාධක අනුව ආසියාතික රටවල බුලත් විට සැපීම වසර 4000 ක්‌ පමණ අතීතයට හිමිකම් කියයි.

මුඛ පිළිකාවට අතවනන පුවක්‌ මේ කාලයේ මිල ඉහළ ගොස් ඇත් නිසා පුවක් බුලත් හා ජීවත්වන ජනතාවගේද ආදායම වැඩි වී තිබේ.බුලත් පුවක්‌ සරුවට වැවෙන ගිලීමලේ ප්‍රදේශයේ බුලත්විට භාවිත නොකන්නන් ඇති බව කීමට පැරැන්නන් භාවිත කළ පිරුළකි “ගිලීමලෙත් ඇත දද සුද්දෝ” යන්න අදටත් බාවිතා කෙරේ.

පුවක්‌ කඳක අසිරිය නිසාද පුවක්ගසට විනයක් වී ඇත. එය මෙසේය. පුරාණයේ පිරිත් ගෙදරට,බණ ගෙදරට මෙන්ම සොකරි,දහඅටසන්නිය,කොහොඹා කංකාරිය,කිරි අම්මාවරුන්ගේ දානය,ආදි වූ පරැණි හෙළ සංස්‌කෘතික අංගයන් පැවතුණේ කිනම් තැනකද එතැනට පුවක්‌ ගෙඩියෙන් හා පුවක්‌ මලින් මෙන්ම පුවක්‌ කඳෙන් ද සිදුවූ සේවය සුළුපටු එකක්‌ නොවේ. පිරිත් මණ්‌ඩපය, මඟුල් පෝරුව,තොරන ආදියට පුවක්‌ ගසේ කඳෙන් ලැබුණේ සුවිශේෂ අලංකාරයකි. ශක්‌තියකි.හොඳින් මේරු පුවක්‌ ගසක කඳක්‌ අවශ්‍ය දිගට කෙටි කර ගම්මැද්දේ ඇළ දොළ වල ඉවුරු හරහා යොදමින් පෙරදා ගැමියන් විසින් නිර්මාණය කරගත් “ඒදණ්‌ඩ” පසු කාලීනව මහා පාලමකට පූර්වාදර්ශයක්‌ ම වූ බව පෙනේ.

පැරැන්නන් තම කටුමැටි නිවාසය සදාගැනීමේදී නිවසේ කණු බිත්තිය සවිමත් කිරීමට යෙදු වරිච්චි පටිද, වහලයේ රීප්පද සකසා ගත්තේ හොඳින් මේරු පුවක්‌ කඳකිනි.

වහලයට යෙදෙන රීප්පය මත විවිධ ශාකවල කිරි,ලාටු වැනි ස්‌වභාවික දැව ආරක්‍ෂකද තැවරූ කළ මේවායේ කල් පැවැත්මද වැඩිවේ. පුවක්‌ රීප්ප මත පොල් අතු මනාව තබා බැඳීමෙන් අඩු වියදමකින් ගෙයි වහලයක්‌ අතීතයේ සකසා ගත හැකිය.පැරැණි කාලයේ ගෙවත්ත වටා බැඳුණු වැට පවා ශක්‌තිමත් කළේ පුවක්‌ රීප්පයකිනි. ගිනිසීරියා වැටහිර වැනි පැළවෙන ලී කණු වැටට සිටුවා පුවක්‌ රීප්ප එම කණු හරහා බැඳීමෙන් ශක්‌තිමත් වැටක්‌ සකසාගත හැකි විය.අද මේ ආකාරයට පුවක් ගස් ප්‍ර යෝජනයට නොත්තද පුවක් ගස් විනාශ වීමේ ප්‍රවනතාවය හැමුවේ රටම අසරන වි විට හෝ විඩ හපන මිනිස්සු හප කරමින් පුවක ගනන් උස්සා ඇත.පැරැන්නන් සොහොන් ඉදිකිරීමට බහුලව යොදා ගත්තේ පුවක්‌ කඳන්ය.

අතීතයේ නිර්මාණය වුණු මංගල තොරන, පිළිගැනීමේ තොරන මෙන්ම මහා වෙසක්‌ තොරන හා පොසොන් තොරන සඳහා භාවිත කළේ විශාල දිගකින් යුත් පුවක්‌ කඳන්ය. ආදාහනයක දි අදද භාවිතාවට ගන්නාවු ගෙඩි ගේ සදහා අවශ්‍ය වන්නේද භාවිතා කරන්නේද පුවක් ගස්ය. නමුත් අදවන විට තොරන සකස් කරන්නට පුවක් කඳන් යොදාගන්නේ නැත. ඒ සඳහා අලුමිනියම් බට යොදාගනී. මෙවන් තොරණ සඳහා පුවක්‌ කඳකට වඩා ලාභදායක මෙන්ම භාවිතයට පහසුවන වෙනත් ආදේශක දැවයක්‌ නොමැති තරම්ය. මංගල තොරණ හා පිළිගැනීමේ තොරණ අලංකාර කිරීමට “පුවක්‌ මල” හා පුවක්‌ අතු ද පැරැන්ණන් බහුලව සාදා ගත්හ.

මෑතක්‌ වන තුරුම පොල්කටු හැන්දට, ඉදලට, කොස්‌සට මිට සකසා ගක්‌කේ ද පුවක්‌ කඳින් සකසා ගත් පුවක්‌ කීරිය. අද ඒ සඳහා යොදා ගන්නේ වෙනත් දැව වර්ගවල දැව කොටස්‌ වීම කිසියම් ප්‍රමාණයකින් පුවක්‌ ගස්‌ ආරක්‍ෂා වීමටද බලපායි.කොහු ඉඳල්ි පිටරටෙන් ආනයනය කිරිම තහනම් කිරිම නිසාද පුවක් වලට එක් අතකින් පහර වැදි ඇත.අතීතයේදී නාඩගම් හා සංගීත සංදර්ශනවල මෙන්ම දේශපාලන වේදිකාවද ඉදිකිරීමට විශාල වශයෙන් භාවිතයට ගැනුනේ පුවක්‌ කඳන්ය. එය අද යකඩ බාර්වලට හිමිව තිබේ.නැතිනම් තාක්ෂණයෙන් අති නවීන වේදිකා අද දැකිය හැකිය. එය පුවක්‌ ගස්‌වලට සිදුවන හානිය වැළැක්‌වීමට තරමක හෝ රුකුලක්‌ වී ඇත.නමුත් අදටද වර්තමානයේ පවා පිරිත් ගෙදරක පිරිත් මණ්‌ඩපයක උඩුවියන සරසා ගැනීමට පුවක්‌ මල් කිනිත්තකින් ලැබෙන උපකාරය අගනේය.පිරිත් නූල ඔතන්නේ පවා පුවක්‌ මලක්‌ වටා වීම තවමත් නොනැසී පවතින චාරිත්‍රයකි.

අතීතයේ මෙන්ම වර්තමානයේද වන්දනාව සඳහා සුදානම් වන වාහනයක ඉදිරිපසින් පුවක්‌මලක්‌ සවිකිරීමද එසේ නොනැසී පවතින චාරිත්‍රයකි. පුවක්‌ මලක්‌ දැකීම පවා සුභ පෙරනිමිත්තක්‌ සුබ ලකුණක්‌ සේ සැලකීම මේ චාරිත්‍රවල පැවැත්මට හේතුවයි. පරිත් පැන් නිවස වටාද ගේ තුළද ඉසින්නේද පුවක්‌ මල් කිනිත්තකිනි.මේ සියලුම අද සිදුවන අතර ඒ නිසාද අද වන විට පුවක් මිල් ඉහළ ගොස් ඇත්තේ මේ කරුණ කාරනා නිසාය.

ඉදුණු පුවක්‌ ගෙඩියේ ලෙල්ල වවුලන්නට හා ලේනුන්ට රසවත් පැණි ලබා දෙයි. වවුලන් ඉදුණු පුවක්‌ ගෙඩියේ පැණි උරා බීමට මහත් රුචියක්‌ දක්‌වති. කටින් ඩැහැගත් පුවක්‌ ගෙඩිය සූප්පු කරන්නට වවුලකු අමතර කාලයක්‌ වැය නොකරයි. වවුලා එම කාරිය කරන්නේ තම පියසැරිය අතරතුරමයි. පුවක්‌ ශාකය රට පුරා පැතිරයාමට මෙම තත්ත්වය විශාල රුකුලකි. අතීතයේ මී මැස්‌සන් කුඹල්ලු වැනි සතුන් දෂ්ට කිරීමකදී ඉදුණු පුවක්‌ ගෙඩියක යුෂ දෂ්ට කළ තැන ඇතිල්ලීම අත් බෙහෙතකි.

බිත්තර වී සකස්‌ කිරීමේදී ජලයේ පොඟවා ගත් වී නිවසේ අඳුරු තැනෙක මුල්ලකට මුලින්ම බිම අතුරන්නේ අමු පුවක්‌ අතුය. ඉන්පසු බිත්තර වී ඒ මත හෙලා ගොඩගසා ඒ මතද පුවක්‌ අතු අතුරා වසා දමයි. ඉදී බිම වැටෙන පුවක්‌ අත්තේ කොළයෙන් වෙන්කරගත් “පුවක්‌ ඉරටු” එකට මිටියක්‌ සේ බැඳ ගොම මැටි ගෑ ගෙබිමේ දූවිලි පිස දමන්නට අතීතයේ ගැමි ගෙවල්වල භාවිත කෙරිණි. කොළපත් පැදීම පුවක්‌ අත්ත සහ කොළපත ද අගනේය.කුඩා කළ කොල පොත් රේස් ගිය අතීතයද අපටනම් මතකය.අයියලා අක්කලා අපිව කොලපතේ තබාගෙන ඇඳගෙන ගොස් තුවාලු වු අවස්ද නැතුවා නොවේ.

පුවක්‌ අත්තේ “කොළපත” ද ජන ජීවිතයේ විවිධ අවස්‌ථාවල ප්‍රයෝජනයට ගැනිණි. අතීත ගැමි දරුවන් “කොළපත් පැදීම” ලෙසින් නම් කළ ක්‍රීඩාව සඳහා යොදා ගත්තේ ගසකින් ඉදී වැටුණු පුවක්‌ අත්තක කොළ ඉවත් කළ නාරටිය සහිත කොළපතකි.අද එය දැකිය හැකි වන්නේ සමහර අවුරුදු උත්සව වල දි පමණි.අද මෙන් කෘත්‍රීම කෑම කොළ නොතිබුණු අතීතයේ බත් මුලක්‌ බැඳීමට පවා යොදගත්තේ සීරුවට සකසා ගත් කොළපතකි. මෙසේ කොළපතක ඔතා සකසන ලද බත්මුල ඉක්‌මනින් පිළුණු නොවීමද විශේෂත්වයකි. කොළපත් පට්‌ටයක ඔතන ලද බත් මුලද ලබු කැටයකට ජලයද පුරවාගෙන හේනට කුඹුරට යන ගොවියා එය ඉතා ප්‍රනීත බත් මුලක්‌ බව දනී.කුඹුරට හේනට කමතට පමණක්‌ නොව නිවසට ජලය ගෙන ඒමටද පෙරදා කොළපතින් සකසාගත් කොළපත් ගොටු භාවිතාවිය.කොළපත සිහින් දිග තීරුවලට ඉරාගත් පසු ලැබෙන “පටි” ලණුවක්‌ සේ භාවිතා කිරීමටද පුළුවණ. මේ අනුව හණ පට්‌ටා මෙන්ම කොළපත් පට්‌ටාද අතීතයේ ලණු වෙනුවට භාවිතා විය.

අතීතයේ ගැමි ගෙදරක ලිපේ අළු ඇදීමටද කසල එකතු කිරීමටද මැටි කළගෙඩිය තැබීමටද කොස්‌ඇට, දෙල් ඇට හෝ ගොම ආදිය එකතු කිරීමටද භාවිත කළේ කොළපතකි. ගසකින් කඩාගත් කොස්‌ ගෙඩිය පවා කර මත තබාගෙන පැමිණියේ කොළපතක්‌ මත තබාගෙනය. අතීතයේ ගැමි ගෙවල්වල කුස්‌සියේ භාවිත කළ හැඳි ආණ” සකස්‌ කළේද පුවක්‌ ගසේ කොළපතකිනි. (හැඳි ආණ යනු පොල්කටු හැඳි රඳවා තබන උපකරණයයි) සමහර අවස්‌ථාවල වර්ෂා ජලය පොල්අතු වහලයෙන් රූරා විත් ගෙබිම මත වැටේ එවන් විටක පැරැන්නන් වහලයේ තෙමෙන තැනට තාවකාලික පිළියමක්‌ ලෙස කොළපතක්‌ තෙමෙන තැන රැඳවූහ.

කොයිහැටි වෙතත් වී ගොවිනැනේද වෙනත් ගොවි නැත් කටයුතුවලදීද කුඹුරේදී කමතේදී හෝ හේනේදී රවුමට කැපූ කොළපත් පිඟානකින් තම අඩුක්‌කුව (කෑම වේල) සප්පායම් (කෑම ගැනීම) වීමද අතීතයේ සුළභව දක්‌නට ලැබිණි. රවුම් බෙලෙක්‌ පිඟානක්‌ කොළපතක්‌ මත තබා සමහර දිගු කොළ පතකින් එවැනි පිඟන් දෙකක්‌ හෝ තුනක්‌ කපා ගැනීමට හැකිවිණි. කොළපත් පිඟාන මතට කැන්ද කොළයක්‌ හෝ කෙසෙල් කොළයක්‌ එලා ගැනීමෙන් එම කෑම වේලට අමුතුම රසයක්‌ද එක්‌වන බව අතීත ගැමියන් දැන සිටියහ. කොළපත ගැමි ජීවිතයට සමීපව මිතුරෙකු උදව්කාරයෙකු වූවේ එලෙසිනි.

අන්තිමට මට ඉතුරු වුණේ ඇඳිවතයි කොළපතයි විතරයි” මේ ඉඟි වැකිය ඊට කදිම සාක්‌ෂියකි. “කප්රුක” ලෙස හැඳින්වෙන පොල්ගස තරමටම පුවක්‌ ගසද ජන ජීවිතය හා ඉතා තදින්ම බැඳුණු ගසක්‌ බව පැහැදිලිව පෙනී යන කරුණකි. පුවක්‌ ගසක වටිනාකම දැන එහි ව්‍යාප්තියට සහාය වීම අපගේ යුතුකමයි.නමුත් අද පුවක් ගස් කැපිල්ල නිසා පුවකට සිදු වී ඇත්තේ කජ්ජට සිදු වු දෙයමය. පුවක් මිල් ඉහළ ගොස්ය. ඉහල තැන්වල බුලත් විට නොකන ඇත්තෝ පුවක් ගස රැක ගන්නට යමක් කරන්නේ නම් රට සෞභ්‍යාගයේ දැක්මක් දක්වා ගමන් කරන්නටද හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *