බුකියේ සටන පළ දරයි!! සංගා ඇතුළු ක්‍රිකට් තරු සුරක්ෂිතයි!!

තරග පාවාදීමක් සිදුකල බවට කරුණු අනාවරණය නොවන බවපොලිස් මුලස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩකයන් ඇතුළු මෙරට සමස්ත ක්‍රීඩා ශේෂ්ත්‍රයම ගිලගනිමින් පැමිණි අපවාද වර්ෂාවෙන් සමස්ත ක්‍රීඩාවත් ක්‍රීඩායින් ද බේරාගැනීම වෙනුවෙන් පක්ෂ කල්ලි කණ්ඩායම් බේදයකින් තොරව එකාමෙන් පෙළගැසුණු බුකියේ ක්‍රීඩා ලෝලීන්ගේ එකම හඩ මෙරට ඉහල පුටු රත්කරවන තරමට පැය 24 තුල පත්වීමේ ප්‍රථිපලය හේතුවෙන් 2011 ලෝක කුසලානයේදී තරග පාවාදීම සම්බන්ධයෙන් සිදුකරණ පරීක්ෂණයට තරග පාවාදීමක් සිදුකල බවට කරුණු අනාවරණය නොවන බවත් පරීක්ෂණ කටයුතු නැවතූ බවත් පොලිස් මුලස්ථානයෙන් නිවේදනයක් නිකුත් කිරීම දක්වා දුරදිග රැගෙන යන ලදී.මෙරට තුල බිහිවූ ලෝක පුජිත ක්‍රීඩකයන් තිදෙනෙකු එනම් අරවින්ද ,සංගා,සහ මහේල එකම විමර්ශනයකට භාජනය කරමින් සිදුකල විමර්ශනය මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන ලදී

මෙරට ප්‍රධාන මාධ්‍ය ආයතන දෙකක් මහේල ජයවර්ධන අද දිනයේ සාක්ෂි ලබාදීමට නොපැමිණෙන බව සදහන් කරමින් කෙටි පණිවුඩ ජනතාවට මුදා හැරීමත් සමග එම පරීක්ෂණ මණ්ඩලයට මහේල පැමිණීමත් සමග මේර ක්‍රීඩා ලෝලීන් තවත් උරණ වීම හරහා දැඩි ආණ්ඩු විරෝධයක් දක්වා අදාල කාරණය ගොඩනැගීම තුල 2011 ලෝක කුසලානයේ අවසන් තරගය පවා දුන් බවට වන පරීක්ෂණ කටයුතු අවසන් කරන ලදී

මේ සම්බන්ධයෙන් දේශපාලන පිටියේ අරගලයට වැඩ සමාජ අරගලයක් බවට පත්වීම හරහා සමාජ මාධ්‍ය තුල දැඩි විරෝධයන් ගොඩනැගීම තුල මෙරට ක්‍රීඩා ලෝලීන් ආදරය කරන ලෝක පුජිත ක්‍රීඩකයන් තිදෙනා ඇතුළු ක්‍රිකට් පිටියේ වීරයන් සහ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අයිති ජනතාවට බව නැවත තහවරු වන ලදී සමාජ මාධ්‍ය ජලා විරෝධය සදහා විපක්ෂයේ සමස්ත ක්‍රීඩා ලෝලීන් සහ ආණ්ඩුව නියෝජනය කල ක්‍රීඩා ලෝලීන්ද එක හඩින් එකතුවීම මෑතකදී රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බව බුකියේ පලවන අදහස් හරහා තහවරු වීම තුල මෙරට සමාජයේ ප්‍රබලම මාධ්‍ය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අභිබවමින් සමාජ මාධ්‍ය පත්ව ඇති බවට හොදම නිදසුන ගෙවුණු පැය 24 තුලදී පෙන්වා දෙන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *