සංගා වෙනුවෙන් බුකියම වැඩට බසී දිනක් තුල වැඩිම FB නාමය සංගා වෙයි

ක්‍රීඩකයින්ට ආදරය කරන විශාල පිරිසක් තමන්ගේ අදහස් සමාජ මාධ්‍ය තුල බෙදාහරිමින් ඇත

සංගා වෙනුවෙන් බුකියම වැඩට බසියි දිනක් තුල වැඩිම fb නාමය සංගා වෙයි මෙරට දේශපාලන උණුසුමක් සහ මැතිවරණ උණුසුමක් ඇතිවෙමින් පවතින මොහොතක හිටපු ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාර ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්‍ෂි ලබාදී සදහා අද දින පැමිණීමත් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයින්ට ආදරය කරන විශාල පිරිසක් තමන්ගේ අදහස් සමාජ මාධ්‍ය තුල බෙදාහරිමින් ඇත.

මෑත කාලයේ FB සමාජ මාධ්‍ය ජාලය තුල තනි පුද්ගලයෙකු ඇගයීමට ලක්වන ලදී 2011 වර්ෂයේ ඉන්දියාව සමග පැවති ලෝක කුසලාන අවසන් තරගය මුදලට පාවාදීම සම්බන්ධයෙන් එම කාලසීමාවේ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයක් මුලකරගනිමින් මෙරට ක්‍රියාත්මක ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්‍ෂි ලබාදීම සදහා පසුගිය දින කිහිපයේ මෙරට ක්‍රීඩකයින් රැසකට කැදවීම් සිදුකර තිබුණි 1996 ලෝකකුසාලන අවසන් තරගයේ වීරයා වශයෙන් පිදුම් ලැබූ ලෝකපුජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ අරවින්දද සිල්වා සහ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සාක්ෂි ලබාදීම සිදුකරන ලදී.

අද දින කුමාර සංගක්කාර විසින් පැය 9 කට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීම සිදුකිරීමෙන් අනතුරුව පිටතට පැමිණෙන්න ලදී. හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කර ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අද දින කොමිසම වෙත ප්‍රකාශයන් ලබාදුන් බවත් මෙම පරීක්ෂණය ඉකමනින් කිරීමට අවශ්‍ය සහය ලබාදෙන බවත් මේ සමබන්ධයෙන් සත්‍ය දැනගැනීමට රටේ අනෙක් පුරවැසියන් වගේම තමන් ද කැමති බවත් සදහන් කරන ලදී .මෙම සිදුවීම සම්බධයෙන් දේශපාලන වේදිකාව තුල ද මේ වනවිට උණුසුම් වී ඇත පක්ෂ විපක්ෂ මත වෙනුවට සංගක්කාර වෙත පක්ෂ මත වැඩිපුර දැකීමට හැකිව ඇත.

ඔවුන් සදහන් කරන්නේ කුමාර සංගක්කාර නමැති ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මුළු ලෝකය පැසසුම් ලබද්දී මෙරට බලධාරීන් සිදුකර කෙනෙහිලිකම් සමබන්ධයෙන් සිය කණගාටුව ක්‍රීඩා ලෝලීන් පෙන්වා දෙමින් කියන්නේ සංගා රැකගැනීම යුතුකමක් බවත් ඉදිරි ICC ක්‍රිකට් මුල්පුටුව වෙනුවෙන් නිර්දේශිත නාමයන් අතර සංගක්කාර ඉහලින්ම සිටින බවට සදහන් වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *