ජනපතිට කියනවා බුරන බල්ලෙකු වගේම හපන බල්ලෙකුත් හදාගන්න කියලා

ජවිපෙ නායකයා අවන්ගාර්ඩ් ගැන ජනපති ඇතුළු ආණ්ඩුවට සැර පිළිතුරක් දෙයි

රත්නා ලංකා සමාගම භාරව සිටි අමාත්‍ය වරයා මහින්ද රාජපක්ෂ ඒවගේම ඒ අවස්ථාවේ අමාත්‍යංශය භාරව සිටි ලේකම් වරයා ගෝඨාභය රාජපක්ෂ ඒ අය අයතා ලෙස මුදල් උපයගන්න අවස්ථාව ලබාදී තියෙනවා ඒකනිසා මම සුදානම් ඔවුන් සමග විවාදයකට හොරුන් එක්ක මොන විවාදද හොරු එක්ක විවාද කරනවා වෙනුවට එම වංචාව සිදුකරන්න අනුබල දුන් දේශපාලන ජාවාරම් කරුවන් සමග මම විවාදයකට සුදානම් ඒකනිසා මම කියනවා ගෝඨාභය රාජපක්ෂට බුරන බල්ලෙක් වගේම හපන බල්ලෙකුත් හදන්න කියලා

මේ කොමිෂන් සභාව පිහිටුවලා තියෙන්නේ 2015 ජනවාරි මාසයේ සිට 2019 වර්ෂය දක්වා රාජ්‍ය නිලධාරීන් වෙත සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට මේකෙන් වෙන්නේ මොකද්ද එම කාර්ය වෙනුවට ඇවන්ගාර්ඩ් සමාගම හෝ එහි අයිතිකරු රජයේ සේවකයෙක් නොවෙයි එහෙනම් කොහොමද එම සමාගම වෙනුවෙන් ජනාධිපති කොමිෂන් සභා පෙනීසිටින්නේ කියලා තමයි අදත් අපි විමසුවේ එකට නිශ්චිත පිළිතුරක් කොමිසම් පැත්තෙන් තවම නැහැ

මෙතන කරන්න හදන්නේ චෞර ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට සමස්ථ නාවික හමුදාවේ කීර්තිමත් නාවික නිලධාරීන් මේ චෞර ව්‍යාපාරිකයා වෙනුවෙන් කූඩුවට නංවන්න හදනවා ඒ විතරක් නොවෙයි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීතිවේදීන් කණ්ඩායමක් කූඩුවට නංවන්න හදනවා මෙහෙම ගියොත් මේ රට අපරාධ කරුවන්ගේ පාරාදීසයක් වෙනෙ එක වලකන්න බැහැ වංචාවක් ගැන ධනය බලය තියෙන කිසිකෙනෙක් ගැන පැමිණිලි කරන්න හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරිපත් වෙන්නේ නැහැ ඒක නිසා එම ආයතන වල පැවැත්ම වෙනුවෙන් නිලධාරීන් වෙනුවෙන් අපේ පැත්තෙන් සිදුවිය යුතු දේ අපි කරනවා

ඒකට මැදිහත් වෙනවා ආණ්ඩුවට අවශ්‍ය කරන්නේ මේ මැතිවරණ කාලසීමාවේ මෙම ස්ථානවලට අපිව ගෙනවිත් මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීම මේකේ පේනවා අපේ රටේ නීතිය සාධාරණත්වය යුක්තිය රදා පවතින්නේ හරි වැරැද්ද මත නොවෙයි එම චෞර ව්‍යාපාරිකයා මොනතරම් ප්‍රමාණයකින් ආණ්ඩුවට හිතවත් කම් පවත්වනවාද ජනපතිගේ තුරුලේ සැත පෙනවද කරනා විතරයි වැදගත් වෙලා තියෙන්නේ ජනාධිපති වරයාටත් ආණ්ඩුවටත් අවනත ලෙන්ගතුකම් පාන ව්‍යාපාරිකයා වෙනුවෙන් මේරටේ නීතිය සාධාරණත්වය යුක්තිය බිද දැමීමට ඉඩ නොතැබිය යුතුයි සිරිසේන ජනාධිපතිවරයාගෙ ප්‍රකාශයන් ගනන් ගන්න අවශ්‍ය නැහැ මොකද එය තමයි වජිර අභේවර්ධන සමග මේ ව්‍යාපාරිකයා සමග එකතුවෙලා කරපු ගනුදෙනු අපි දන්නා නිසා සිරිසේන ජනාධිපතිවරගේ අදහස් වැදගත් නැහැ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *