ශ්‍රී දළදා මාලිගාවේ කරඩුවද වැඩමවූ ජයන්ති ඈතා දිවි මගට සමුදෙයි

දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට

ජායාරූප හා සටහන කෑගල්ල සමන් විජය බණ්ඩාර
ශ්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ 29 පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා අප කරන ලද විමසිමකදි පැවසිය.
මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා. වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ මහතා ( මිල්ලන්ගොඩ ලොකු මහත්තයා ) විසින් එකල මිලදි ගත් හස්තියෙකි. මෙම ඈතා ජයන්ති නම් වන අතර පොඩි රාජා ලෙසින්ද හදුන්වයි. 1956 බුද්ධ ජයන්ති වසරේ මෙම ඈතා මිලදි ගෙන තිබු නිසා ඈතාට ජයන්ති නම යොදා ඇත. ඈතා මිය යන විට අඩි 9 කට ආසන්න උසකින් යුක්ත විය. දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකටම පෙරහැර අවස්ථාවන් වලට සහභාගි වි ඇති මෙම හස්තියා 2016 වසරේද කිහිප වතාවක් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ සදාතුක කරඩුව වැඩමා ඇති අතර 2017 වසරේ ප්‍රථම රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩමා ඇති බව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලන්ගොඩ ( මිල්ලන්ගොඩ ලොකු මහතාගේ පුතණුවන් ) මහතා පවසයි.
මිට පෙර මිල්ලන්ගොඩ ලොකු මහත්මයා ලග හැදි වැඩුනු 2011 වසරේ ආගොස්තු 07 වැනිදා මිය ගිය මිල්ලන්ගොඩ හස්තියා අසියාවේ දිගම දළ ඇති හස්තියා වන අතර ශ්‍රී දළදා කරඩුවම කිහිප විටක්ම වැඩම විමට පිං මහිමය ලබා තිබු හස්තියෙකි. මිය යන විට දිවයින පුරා වෙහෙර විහාරස්ථාන රැසකම කරඩුව වැඩමවා තිබු එම හස්තියාද උතුම් යහපත් ගුණ ධර්මයන්ගෙන් පිරි හස්තියෙකි. කෑගල්ල මිල්ලන්ගොඩ මහතාගේ නිවස ඉදිරිපිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට යාබදව මෙම හස්තියාගේ අනු කොටස් වලින් කෞතුගාකාගාරයක් සකස් කර ඇති අතර එහි යන ඔනෑම කෙනෙකුට මිය ගිය හස්තියාගේ පිළිරුව දැක බලා ගැනිමට හැකි වන්නේය. මෙම හස්තියා මිය යන විට මිල්ලන්ගොඩ ලොකු මහතාට ඉතිරි වි සිටි අලි පරපුරේ එකම දල ඇති හස්තියා වන්නේ 29 පස්වරුවේ මිය ගිය ජයන්ති ඈතාය. තවත් හස්තින් තිදෙනෙක් පමණ සිටින අතර ඔවුන් දල ඇති හස්තින් නොවෙන බව අප මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා යන විට දැන ගැනිමට හැකි විය.
මිය ගිය හස්තියා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු ආනන්ද මිල්ලන්ගොඩ මහතා.
zzඅපේ තාත්තා මෙ හස්තියා වෙන්දෙසියෙන් අරන් තියෙන්නේ අලියෙක් කියලා නමුත් සතා ක්‍රමයෙන් ලොකු මහත් වෙද්දි ඈතෙක් බවට පත් වුනා එක අපේ පවුලේ වාසනාවක් ZZ යැයිද මිල්ලන්ගොඩ මහතා පවසයි.
ආනන්ද මිල්ලන්ගොඩ මහතාගේ පියා වන මිල්ලන්ගොඩ ලොකු මහතාට අයිති හස්තියෙක් වන ජයන්ති ඈතා ලංකාවේ හිලෑ අලි ඇතුන් පිළිබඳව කරුණු කාරණා දන්නා අදටත් අපේ රටේ සිටින පැරණිතම අලි හාන් පුතණුවන්ගෙන් එක් අයෙකි. එතුමා සතුව අලි ඇතුන් සම්බන්ධයෙන් මනා දැනුමක් ඇත්තේය.
අලි ඇතුන් පිළිබඳව කථා කරපුවාම මුළු ලෝකයම දැන ගත්ත අසියාවේ දිගම දළ ඇති හස්තියා අපේ මිය ගිය රාජා. අපේ පරම්පරාවෙන් අලි ඇතුන් අපි එදා ඉඳන් ඇති දැඩි කලා. අපේ තාත්තාගේ තාත්තා නැත්නම් සීයාගෙන් තමයි මා දන්නා තරමින් අපිට අලි ඇතුන් සම්බන්ධ වෙන්නේ. සීයාගෙන් අලි ඇතුන් පරම්පරාවට ලැබුණාට තාත්තාගේ කාලයේ මෙ අලි ඇතුන් විශාල වශයෙන් අපිට ලබා ගැනිමට හැකියාව ලැබුණා. එකට මූලිකම හේතුව මාගේ පියා මෙ අලි ශාස්ත්‍ර, නිළ ශාස්ත්‍ර පිළිබඳ පිළිබඳ කරපු අධ්‍යනය නිසා ඒ මගින් ලබා ගත්ත දැනුම හේතුවෙන් අපේ පරම්පරාවට අලි ඇතුන් වැඩි වුනේ.
අපිට හිටපු අසියාවේ දිගම දළ තියෙන ඈතා වන මිල්ලන්ගොඩ මියගිය රාජා තාත්තා ගෙනත් තියෙන්නේ පුංචිම කාලයේ එතකොට ඈතා කිරි බොනවා. මමත් එතකොට පොඩියි මාගේ තේරෙන වයසේදි ඈතාත් සාමන්‍යයෙන් අවුරුදු 8 ක 10 ක විතර කාලයේ කෙනෙක් ඒ කාලයේ සිටම ඈතාට හොඳ මතකයක් තිබුණා හොඳ බැදියාවකින් මිය යන තුරුම ඈතාටත් මා කෙරෙහි ද තිබුණා.
විශෙAෂයෙන් මෙ මිය ගියා රාජා පෙරහැරක ගමන් කරන විලාසය මා නම් තාම කිසිම ඇතෙකුගෙන් දකින්නේ නැහැ. ඈතා කරඩුව වැඩම කරගෙන යද්දි දෙපැත්තට පැද්දෙන තාලේ ඒ වාගේම හරි ආඩම්බර කමකින් ඒ කරඩුව වැඩම කිරිම සිදු කරනවා. ඈතා වුනත් ඒ කටයුත්තට හරි කැමතියි. අනික් ඇත්තුන්ට වඩා විශාල ඇතෙක් නිසා මෙ හස්තියා පෙරහැර මංගලයේ ගමන් කරද්දි අපි සැබෑ වෙනසක් දකිනවා.
ඒ කාලයේ අලින් ලබා ගන්න ක්‍රම කිහිපයක් පමණයි තිබුණේ. පළමු ක්‍රමය තමයි අලින් ඇල්ලිමට බලපත්‍ර නිකුත් කිරිම දෙවැනි ක්‍රමය තමයි අලින් වෙන්දෙසි කිරිම, අපේ ලොකු ඈතා බලපත්‍රයකට ආණමඩුවෙන් අපේ පියතුමා ගෙනාපු එකෙක් මිය ගිය පොඩි ඈතා සත්ව උද්‍යාන වෙන්දෙසියෙන් එක්දහස් නවසිය පනස් ගණන් වල මිළදි ගත්ත ඇතෙක් නැතිනම් රාජ්‍ය නායකයා විසින් අලින් විහාරස්ථාන සහ දේවාල වලට පූජා කරමින් තමයි අලි ඇතුන් ලබා දිම එවකට සිදු වුනේ.
අපේ ඈතා ගෙනකොට ඇතෙක් කියලා කවුරුත් දන්නේ නැහැ නමුත් වාසනාවට වුගේ වැඩිමත් එක්ක දළ ඇවිල්ලා ඇතෙක් වුනා මෙක හරියට වාසනාවකට වුන දෙයක් කියලායි මාගේ හැගිම. පොඩි ඇතාත් වෙන්දෙසියෙන් ගන්න කොට අලියෙක් කියලා වෙන්දෙසි කලා පස්සේ තමයි ඇතෙක් කියලා දන්නේ.
නමුත් තාත්තා නම් නොකිවුවාට මෙ හස්තින් පුංචිම කාලයේ ඉඳන් එයාගේ දැනුමේ හැටියට මෙ හස්තින් ඇත්තු කියලා දැනන් හිටියේ. නමුත් මෙ අලින් විදිහට බාර ගත්තා වුනත් බලපත්‍ර වල ගැටලූ තිබුණත් ඒ කාලයේදි ඒවා විසදා ගත්තා.
ඒ වාගේම තමයි මිල්ලන්ගොඩ පොඩි ඈතාට ගොඩාක් දෙනෙක් දන්නේ නැති වුනාට එයාට කියන්නේ ජයන්ති කියලා මෙ ඈතා ගෙන කාලයේ බුද්ධ ජයන්ති කාලයේ ඒ නිසා ඈතාට තාත්තා කිවා ජයන්ති කියලා. නමුත් මෙ ඈතා ටිකක් දග කෙනෙක් මිය යන තෙක්ම දග බව නම් තිබුණා. පස්සේ කාලයේ ටිකෙන් ටික අඩුවුනා දළදා කරඩුව වැඩම වන හස්තින් අතලොස්ස අතර කෑගල්ලේ අපේ ඇතෙකුත් ඉන්නවා කියලා අපිට මේ හස්තියා හිටපු නිසා ලොකු සතුටක් දැනුනා යැයිද ආනන්ද මිල්ලන්ගොඩ මහතා පැවසිය.
මිය ගිය ජයන්ති ඈතා පිළිබඳව අදහස් දැක්වු මිල්ලන්ගොඩ ලොකු මහත්මයාගේ පුතණුවෙකු වන මහින්ද මිල්ලන්ගොඩ මහතා මෙසේ පැවසිය.
මේ ඈතාගේ වයසත් එක්ක දත් වල යම් යම් අපහසුතාවයන් වලට ගොදුරු වුනා. ඊට පස්සේ කෑම කෑවාට ඒවා හරියට හැපිලා ජීරණ පද්ධතියට පහසුවක් වෙන විදිහට සිදු වුනේ නැහැ. මේ දේ ඔනෑම හස්තියෙක් වයසට යන විටදි දැකිය හැකි ලක්ෂණ නමුත් අපි බලා ගෙන හිටියේ නැහැ ඛෙහෙත් හෙත් කලා. මිය ගිය දවසට කලින් අපි ජයන්ති ඈතාට සේලයින් බෝතල් විශාල ප්‍රමාණයක් දිලා ජීවිතය බේරා ගන්න උත්සාහ කලා. සේලයින් දුන්නාට පස්සේ මේයා නැගිටින්න උත්සාහ කලා. නමුත් ඈතා අපේ අවසානාවකට මිය ගියා හරි දුකයි. අපි මේ සතුන් ඉතා ආදරයෙන් රැක බලා ගන්නවා හොඳ මනුෂය ගුණ ධර්ම ඔවුන් සතුව තිඛෙනවා. අපේ තාත්තාටත් පුදුම විදිහේ ලෙන්ගතු කමක් මේ සතාගෙන් ලැඛෙනවා. මිය ගිය ආසියාවේ දිගම දළ ඇති ඈතා වන අපි ගාව හිටපු හස්තියාත් ඒ වාගේම සතෙක් කොහොම හරි මේ වන විට ලොකු අලි ඇත් පරපුරක් හිටපු අපිට දැන් ඉතිරි වේලා ඉන්නේ කුවේණි කියන ඇතින්නයි, ගල්කුලමා සහ කොට්ටාවා කියන අලින් පමණයි. දැන් ඈත්තු සේරම මිය ගියා යැයිද පැවසිය. මිය ගිය ජයන්ති හස්තියාගේ අවසන් කටයුතු මහා සංඝරත්නයේ ආගමික කටයුතු වලින් පසුව සිදු කිරිමට 30 වැනිදා කටයුතු කරන බවද අප සමග පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *