අරන්තලාවේදී දිවි බේරාගත් බුද්ධසාර හිමි ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකරයි!!

මගේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ 31 නමක් අරන්තලාවේදී අමානුෂික ලෙස ඝාතනය කල අය තවමත් ජීවතුන් අතර සිටිනවා මම සදාකාලික අබ්භාඝතයෙක් වෙලා තියෙන්නේ මේකට සාධාරණය ඉටුකරන්න පවතී කිසිම රජයක් පියවර ගත්තේ නැති නිසා මම නීතියේ පිහිට පැතුවා මේ මහා අපරාධයට සම්බන්ධ පිරිසක් මියගිහින් ඇති තවත් පිරිසක් ජීවත් වෙනවා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරලා අදාල මහා අපරාධය සමබන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරවන්න තමයි මම ශේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙතසමක් ඉදිරිපත් කලේ

අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31ක් නමක් සාහසික ලෙස කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික ආබාධිත තත්වයට පත් ආඳාඋල්පත බුද්ධසාර හිමියෝ අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේඑසේම අගතියට පත් පාර්ශවකරුන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන්නැයිද පෙත්සම්කාර හිමියෝ සිය පෙත්සමින් ඉල්ලා ඇත.
වැඩබලන පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සාලේ මහතා සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *