හරීන්ගේ චෝදනා ගැන සජිත් සමාව අරන්

හරීන්ගේ චෝදනා ගැන
සජිත් සමාව අරන්ලූ

එක්සත් ජාතික පක්ෂයෙ රනිල් කණ්ඩායම මෙම මැතිවරණය පිළිබඳ එතරම් බරපතළ ලෙස කල්පනා කළේ නැත. නිසැකවම ඔවුන් මෙහිදී ඔවුන්ගේ ඉරණම ගැන පැහැදිලි නිගමනයක සිටියහ.

එහෙත් සමගි ජනබලවේගය නම් වූ සජිත්ගේ පිල මැතිවරණයක් සම්බන්ධයෙන් වූ තක්සේරුව ඉතා ඉහළ තැනක තබාගෙන සිටියේය. එහි ඇතුළාන්තයේද යම් යම් ගැටලූ තිබිණි. මංගල සමරවීරගේ සමු ගැනීමෙන් පසුව ඔහු එල්ල කරන යම් යම් චෝදනා සමගි ජන බලවේගයටත් අදාළ විය. එක්සත් ජාතික පක්ෂයටත් අදාළ විය.

පසුගිය දිනවල සමගි ජන බලවේගයේ ඇතැම් නායකයෝ අති උත්තම කාදිනල් තුමාට අගෞරව වන පරිදි ප‍්‍රසිද්ධියේ බැන වැදීමද සමගි ජන බලවේගයට ඍණ ලකුණු එකතු කර වන කාරණාවක් විය. හරින් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා කාදිනල් තුමා දේශපාලනය කරන ලොකු කාරයකු ලෙස හුවා දක්වමින් කතා කිරීම තුළ බරපතළ ලෙස අපහසුතාවට පත් වූයේ සජිත් පේ‍්‍රමදාසයි. ඔහු ඒ පිළිබඳව පසුගිය සතියේ කතෝලික ජනතාවගෙන් සමාවද ඇයද සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ හා සමගි ජන බලවේගයේ කතෝලික මන්ත‍්‍රීවරු පමණක් නොව, සරත් ෆොන්සේකා වැනි පුද්ගලයන් පවා ඔහුගේ එම හැසිරීම දැඩි ලෙස විවේචනය කළේය.

සජිත් එම සිද්ධිය සම්බන්ධයෙන් හරීන්ට දොස් පවරන විට හරීන්ද පෙරළා සජිත්ගේ නුගුණ කියන්නට වීම විශේෂත්වයකි.

උපුටා ගැනීම– දිවයින ඉරිදා දේශපාලන විග්‍රහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *