තරග පාවාදීමේ කථාව සංගක්කාරගේ ICC සභාපති පුටුව පාවාදීමක් ද??

ශ්‍රී ලංකා පිලේ එදා මෙදාතුර පහලවූ විශිෂ්ට ක්‍රීඩකයන් කිහිපදෙනා අතර සිටින හිටපු නායක කුමාර සංගක්කාර ලෝක ක්‍රිකට් කවුන්සිලයෙ සභාපති දූරය සදහා මෙවර ඉදිරිපත්වීමට යන බවට ආරංචි පැතිර ගියේය. එසේ වන්නේ නම් එය වැලක්වීම සදහා ඉන්දියාවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මහින්දානන්ද ඉටු කරනවාද කියා සැකයක් මතුවී තිබේ.යයි සමාජ මාධ්‍ය වල අදහස් පල කරන ක්‍රීඩා ලෝලීන් සදහන් කරයි

මීට වසර 09 කට පෙර සිදු වූ සිදුවීමක් දෙඹර කූඩුවකට ගලක් ගැසූ සේ එක වර මතුවන්නට කිසිදු හේතුවක් නැත. මෙහි සැගවුන අරමුණේ ඉලක්කය ලොව කීර්තිමත් නාමයක් දිනා සිටින කුමාර සංගකාර බවට සැකයක් මතුව තිබේ.ඉන්දියාව ICC මුල්පුටුව සදහා ඇස ගසාගෙන සිටින මොහොතක එම තරග කරුවා වන හිටපු ඉන්දීය නායක සරෞ ගංගුලි ඉදිරිපත් කිරීමට නියමිත පසුබිමක කුමාර සංගක්කාර වෙත එම තනතුර ලැබීමේ වැඩි ඉඩක් ඇති බව ක්‍රීඩා ලෝලීන්ගේ අදහසයි

ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සහ බුකී කාරයන් විසින් සිදු කරන මහා පරිමාණ දූෂණ ගැන මනා අවබෝධයක් ඇති කුමාර සංගක්කාර වැනි දක්ෂ ක්‍රීඩකයකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති උව හොත් එහි බලපෑම මෙම බුකි කාරයන් හට තදින්ම බලපානු ඇත. එය වලක්වා ගැනීමට මහින්දානන්ද හට ඉන්දියාවෙන් සහ බුකී කාරයන්ගෙන් විශාල මුදලක් ලැබි ඇතිදැයි සැකයක් මතුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි උපන්ගෙයි කුමන්ත්‍රණ කරුවෙකු වන මෙවැනි කපටි දේශපාලකයන් නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොව සමස්ත ජන සමාජයම අනතුරේ හෙලීමක් බවද කියා සිටී

2011 වසරේ හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද විසින් පසුගියදා පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක්වෙමින් 2011 වසරේ ලෝක කුසලානයේ අවසන් මහා තරඟය පාවා දුන් බවට ප්‍රභල චෝදනාවක් එල්ල කරන්නේ නිකන් නොවේ.එය ප්‍රබල චෝදනාවේ සාක්ෂි සහිත බව කියන්නේ අපුරු මාධ්‍ය හමු පවත්වමිනි ඒ සදහා මෙරට අවශ්‍ය ආයතන සහ නීති පද්ධති පවතින යුගයක මාධ්‍ය මගින් ප්‍රචාරය ලබාදීම දේශපාලන වාසි ලබා ගැනීමත් බව ක්‍රීඩා ලෝලීන් චෝදනා කරයි

මහින්දානන්දගේ එම ප්‍රකාශය හේතුවෙන් 2011 වසරේ ලෝක කුසලානය සඳහා තරග කළ කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා මේ වන විට කැලඹී තිබේ. ඒ අනුව මහින්දානන්දගේ ප්‍රකාශයට විරුද්දව එම ක්‍රීඩකයන්ගේ අදහස් මේ වන විට ඉදිරිපත් කරමින් සිටී. කෙසේ වෙතත් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද විසින් ප්‍රකාශ කර සිටින්නේ එම පාවාදීමට ක්‍රිඩකයන් සම්බන්ධ නොමැති බවයි.එහෙත් පරීක්ෂණයක් ආරම්භ උවහොත් 2011 වසරේ එම ලෝක කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාව සිටි කුමාර සංගක්කාරටද මෙම පරීක්ෂණ සදහා මුහුණ දීමට සිදු වනු ඇත.එවැනි තත්වයක එනම් පරීක්ෂණ මට්ටමක පවතින ගැටලුවක කුමාර සංගක්කාර සිරකර තැබීම තුල පමණක් ඔහුගේ සභාපති සටන නැවතිය හැකි බව තේරුම් ගත් පාර්ශවය විසින් මේ අපුරු උපක්‍රමය කරලියට ගෙන ඒමට සමත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *