කුවක්කු හතරක් සමග පුද්ගලයින් හතරක් යක්කලමුල්ලෙදී අඩංගුවට .

බලපත්‍රයක් නොමැතිව  බෙහෙත් කොටන තුවක්කු දෙකක් ළග තබාගෙන සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පස්වරුවේ දි වත්තහේන ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය  පවසයි.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 39 හා 34 යන වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකි. තේ දළු ගොඩගසනු ලබන මඩුවක වහලයේ  තිබි එක් තුවක්කුවක් සොයාගෙන ඇති අතර අනික් තුවක්කුව දර මඩුවේ තිබි සොයාගත් බව පොලිසිය පවසයි. මොවුන් සතුන් දඩයමේ යන අය බව පොලිසිය පවසයි.

 පසුගිය දින දෙක තුලදි   බලපත්‍රයක් නොමැතිව නිති විරෝධි ලෙස බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.වඩුකාර්මිකයකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලට  අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *