2011 දී අවසන් මහා තරගය පාවාදීමේ තිරය ඇරීම සහ වැසීමේ දේශපාලනය

  • එදා 2011 ඉන්දියාවේ දී ලෝක කුසලාන අවසන් තරගය පවා දුන්නා එවකට ක්‍රීඩා මැති කියයි
  • මැතිවරණයක් ලග නිසා දේශපාලකයන් සර්කස් පෙන්වනවා හිටපු නායක මහේල කියයි
  • එවැනි පාවාදීමක් සිදු කර ඇත්නම් සාක්ෂි සහිතව ඔප්පු කරන්න එවකට කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර චෝදන්වට පිළිතුරු දෙයි
  • ක්‍රීඩකයන් තරග කලේ දිනන්න එවැනි චෝදනා කිරීම වැරදියි ලසිත් මාලිංග කියයි
  • හිටපු ක්‍රීඩා ඇමතිගේ චෝදනව පැමිණිල්ලක් ලෙස දෙන්න ක්‍රිකට් පරිපාලනය කියයි
  • මෙරට අති දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන සංගා සහ මහේල යුගලය පසුගියදා රජය මගින් ඉදිකිරීමට ගිය හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනය අනවශ්‍ය වැඩක් බවත් මෙරටට තවත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටි අනවශ්‍ය බවත් සදහන් කරමින් ඊට විරුද්ධව සමාජ මතයක් ගොඩනැගීම
  • අවසානයේ 2011 අවසන් මහා තරගය පවා දීම දක්වා ඇදීම පසුපස ඇති බලවේගය කුමක්ද

2011 වර්ෂයේ මෙරට ක්‍රීඩා ලෝලීන් මහත් බලාපොරොත්තු තබාගනිමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් මහා තරගයේ ජයග්‍රහණය ඉන්දියාව වෙත හිමි වීමත් සමග මෙරට ක්‍රීඩා ලෝලීන් වෙත අදාල තරගය පවා දුන් බවට රාවයක් පැවතුනි එම කථාවට නැවත තටු ලබාදෙමින් එවකට ක්‍රීඩා අමාත්‍ය වරයා වශයෙන් කටයුතු කල මහින්දා නන්ද අලුත්ගමගේ මහතා විසින් එම තරගය පාවාදුන් බවට තමන්ට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි බව සදහන් කරමින් සිදුකල ප්‍රකාශය නිසා නැවත වත්වක් 2011 අවසන් තරග පරාජයෙන් පසුව ජනගත්වූ තරගය පාවාදුන් බවට සැකය නැවත වටයකින් මෙරට ජන සමාජය වෙත සැකයක් ඉතුරු කරන තැනට තල්ලු වීම සිදුව ඇත

මේ එම තරගයට පෙර සිදුවූ අවාසනාවන්ත තත්වයන් ගැන පැහැදිලි කරගැනීම තුලින් එම අවසන් තරගය පවා දුන්නාද නැද්ද යන මතයට යම් පිවිසීමක් ඇතිකිරීම කරගැනීම කාලෝචිතය

එදා අවසන් තරගය ක්‍රීඩාකරන කණ්ඩායම සැකසීම සම්බන්ධයෙන් ගැටළුවක් ඇතිවන ලදී එවකට තුන් ඉරියව් වෙනම දස්කම් පැමිණ සිටි ඇන්ජලෝ මතිවුස් නවසීලන්තය සමග පැවති අවසන් පුර්ව තරගයේදී නොසිතු ලෙස අබාධයකට ලක්වීම හරහා මේ සියලු තත්වයන් ඇතිවන ලදී එම තරගයෙන් අනතුරුව මැතිවුස් අවසන් තරගය සදහා තරග කිරීමේ අවිනිශ්චිත තාවය නිසා මෙරට ක්‍රීඩා ලෝලීන් දැඩි කණගාටුවට පත්වන ලදී ඒ මැතිව්ස් අහිමි වීම තුල අවසන් තරගයේදී ඉන්දීය ප්‍රබල කණ්ඩායම සමග සටනක් දීමට හැකි අති දක්ෂ ක්‍රීඩකයෙකු වශයෙන් එදා පිටියේ සිටි වීරයෙකු වශයෙන් මැතිව්ස් වෙත පිළිගැනීමක් ඇතිවන ලදී එම කාලසීමාවේ කණ්ඩායමේ සිටි අති දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයා මැතිව්ස් විය

මැතිව්ස් ආබාධයට ලක්වීම නිසා ඔහුට ප්‍රතිකාර කිරීමට එවකට ජනාධිපතිවරයාගේ වෛද්‍ය වරයා වූ එලියන්ත වයිට් මහතා ඉදිරිපත් වුවද මැතිව්ස් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී එවකට රාවයක් පැතිර ගියේ මතිවුස් එම අවස්ථාව මග හැරියේ තමන් රක්ෂණය වී තිබුණු සමාගම ඔහු වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබූ විශාල වන්දි මුදල අහිමි වීම නිසා රාජකීය වෛද්‍යවරයා කල ඉල්ලීම ඉවත දැමූ බවයි මෙම කථාව ක්‍රීඩා ලෝලීන් අතර කථාබහට ලක්වන ලදී

සියලු උත්සාහයන් අවසානයේදී මැතිව්ස් අවසන් තරගයට එකතු කිරීමට නොහැකි නිසා අනතුරුව මැතිව්ස් වෙනුවට ආදේශ කරන ක්‍රීඩකයා කවුරුන්ද යන්න ගැටළුවක් විය මේ සදහා ආදේශක රැසක් යෝජනා වුවද මැතිවුස් වෙනුවෙන් සාර්ථක ආදේශකයක් මෙරට සොයාගැනීමට නොහැකි වන ලදී ඒ වෙනුවෙන් යෝජනා වූ නම් අතර එවකට තරග වලින් ඉවත් කර සිටි චමින්ද වාස් එක් කිරීම සම්බන්ධයෙන් කථා බහක් ඇතිවන ලදී එම කටයුත්ත පසු පසට ගියේ චමින්ද වාස් එම අවස්ථාව වන විට තරග ක්‍රීඩා නොකිරීම හේතු කොටගෙනය එහෙත් චමින්ද වාස් කියා සිටියේ තමන්ට තරග කිරීමට අවස්ථාව ලබා දෙන්නේනම් සුපුරුදු දස්කම් පෙන්වන බවයි

එහෙත් තේරීම් කමිටුව එම තීරණය ගැනීම නවතා මැතිව්ස් වෙනුවට කණ්ඩායමේ සිටි ක්‍රීඩකයන්ට අමතරව මෙරටින් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආදේශ කිරීමයි ඒ සුරාජ් රන්දිව් සහ චාමර කපුගෙදර යන ක්‍රීදකයන්ය එහිදී මින් පෙර තරගවල ක්‍රීඩා නොකළ ඔවුන් දෙදෙනා අවසන් තරගයට ආදේශ කරන ලදී කෙසේ වෙතත් මේ සියලු අදේශකයන් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතු වන ලදී එම පරාජයේ වේදනාව කෙතරම් වේදනා කාරී වුවද අදත් මෙරට ක්‍රීඩා ලෝලීන් විශ්වාස කරන්නේ එම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබූ බවයි

ලකුණු 30 ක් වන විට ඉන්දියාවේ ප්‍රධනතම ක්රෙදකයන් දෙදෙනා වන ෂෙවාග් සහ තෙන්ඩුල්කාර් ක්‍රීඩා ගාරයට හැරවූ මාලිංග වෙතින් එල්ලවූ පීඩනය අනෙකුත් පන්දු යවන්නන් වෙතින් එල්ල වූවානම් ගම්බීර්ගේ උඩපන්දුව කුලසේකර රක ගත්තනම් අද මේ කතාකරන තරග පවා දීමේ කථාව වෙනුවට කෙතරම් අගනා වැකි ලියවෙන්නට තිබුණිද එහෙත් ඒ සියල්ල ගගට කැපු ඉණි සේ පාවී ගොස් පරාජයේ අවසානයේ ලැබෙන අපවාද රැල්ල මත පිහිනීමට ක්‍රීඩකයන්ට සිදුවීම අවාසනාවකි එදා සිට වැටුණු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගෙවී ගිය අවුරුදු කිහිපයේ දැඩි අගාධයකට තල්ලු වීම මේ සියල්ලට වඩා දරුණු වන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *