ඉන්දියාවට උණ ගනිද්දී ලංකාවට හෙම්බිරිස්සාව හැදෙනවා // දිනක් තුල වැඩිම මරණ වාර්තාවෙයි

දිනක් තුල ඉන්දියාවේ වාර්තාවූ වැඩිම ආසාධිත මරණ සංඛ්‍යාව අද දිනයේ වාර්තා වන ලදී ඒ ගෙවුණු පැය 24 තුල මරණ 2000 ක් වාර්තා වීමත් සමගය මෙයින් කියන පණිවුඩය නම් අපේ දේශපාලකයන් කියන ඉන්දියාවට උණ හැදෙන කොට ලංකාවට හෙම්බිරිස්සාව හැදෙන බවයි මෙරට ජන සමාජයට බෙහෙවින්ම සමීපතම රාජ්‍ය ඉන්දියාව වන අතර එරට රෝගය උත්සන්න වීම ශ්‍රී ලංකාවට කරන ආර්ථික සමාජීය සහ දේශපාලන බලපෑම කොතෙක්දැයි කිව නොහැක මෙරට සමාජයේ වඩාත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සපයන රාජ්‍ය අතර ප්‍රමුඛ ස්ථානය ඉන්දියාව අත්පත්කරගෙන සිටින තත්වයක වර්තමාන covid 19 වෛරසය නිසා ඉන්දියාවේ රෝගී බලපෑම මෙරට සමාජය කෙරහි බලපෑම් කරන්නකි කොවිඩ් 19 වෛරසය මේ වනවිට සමස්ථ ඉන්දියාවම ඔත්පල කරමින් පැතිර යමින් තිබේ. ඉන්දියාවේ පළමු කොරෝනා රෝගියා වාර්තා වූ ජනවාරි 30 වෙනිදා සිට ක්‍රම ක්‍රමයෙන් ඉහළ නැගි රෝගීන් සංඛ්‍යාව මේ වන විට 359,506 දක්වා වර්ධනය වී 12,029 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. ගෙවුණු පැය විසි හතර තුල ලොව වැඩිම මරණ සංඛ්‍යාව වූ 2006 දෙනෙකු වාර්තා වූයේද ඉංදියාවෙනි. ශ්‍රී ලංකාවට ඉතාමත් ආසන්නයේ පිහිටි තමිල්නාඩුවේ මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 50,193 ක් පමණ සිටී.

ඉතා වේගයෙන් ඉංදියාව පුරා පැතිර යන වසංගතය ජූලි මාසය අවසන් වනවිට ඉතා විශාල රෝගීන් ප්‍රමාණයක් දක්වා වර්ධනය විය හැකි බව එරට වෛද්‍යවරුන් අනුමාන කරන අතර ආසාදිතයින් ගණන ලක්ෂ 80 සිට කෝටිය දක්වා වැඩිවිය හැකි බවට අණතුරු හඟවයි. ජනවාරි 30 සිට දින 100 ගතවන විට එරට ආසාදිත සංඛ්‍යාව ලක්ෂයක් විය. දෙවැනි ලක්ෂය වාර්ථා වූයේ එතැන් සිට සති දෙකක කාලයක් තුලය. ලක්ෂ 3 සීමාව මේ වන විට පසුකර අවසන්ය. ඉංදියාවේ මෙම පවතින තත්වය මෙරට ආර්ථිකයට ප්‍රබල ලෙස බලපානු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *