ලෝක පරිසර දිනය වෙනුවෙන් මාපලගම තරුණයන් කුඹුක් පැල සිටුවයි

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

ලෝක පරිසර දිනය වෙනුවෙන් මාපලගම, කාබිල්වත්ත ප්‍රදේශයේ උඩුගම මාර්ගය දෙපස කුඹුක් පැල සිටවීමේ වැඩසටහනක් ප්‍රදේශයේ තරුණයින් විසින් දියත් කර තිබුණි. අනාගත පරපුරට කුඹුක් සිසිලේ පහස ලබා දීමේ අරමුණින් උතුම් පොසොන් පොහොයද සිහිපත් කර මෙම වැඩ සටහන දියත් කර තිබේ.

සෑම වර්ෂයකම ජුනි මස 05 වන දින ලෝක පරිසර දිනය යෙදී තිබේ.  මෙවර පොසොන් පුර පසලොස්වක පොහොය දිනයද මෙදිනටම යෙදි තිබූ අතර ‘’ජෛව විවිධත්වය – සොබාදහමට ඉඩක්” යන තේමාව යටතේ මෙවර ලෝක පරිසර දිනය නම්කර තිබුණි.

මේ දිනවල ලෝකය මුහුණ දි තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්ද පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පැහැදිලි වන බවත් පරිසරය සම්බන්ධයෙන් අනාගත පරපුරට යම් ආදර්ශයක් ලබා දීමේ අරමුණින් මෙම වැඩ සටහන දියත් කල බවත් එයට සහභාගී වූවෝ ප්‍රකාශ කරති.

කාබිල්වත්ත තරුණ පිරිස කුඹුක් පැලයක් රෝපනය කරන ලද අයුරු සහ එයට සහභාගි වූවෝ ඉහත ඡායාරූප වල දැක්වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *