බොරු කථා එපා, ගොවිතැන අනතුරේ, පොහොර හිඟයට විසඳුම් දෙනු

රටපුරා ගොවීන් මේ දිනවල දැඩි පොහොර හිගයකට මුහුණ පා සිටින නිසා එම පොහොර හිගයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මේ දිනවල ගොවි ජනතාව විරෝධතා, උද්ඝෝෂණ සහ විරෝධතා සිදුකරමින් ඇත එහි තවත් උද්ගෝෂණයක් ඊයේ දිනයේදී මැදවච්චිය නගරයේ දී පවත්වන ලදී ඒ සදහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාද එක් විය.

“බොරු කතා එපා, ගොවිතැන අනතුරේ, පොහොර හිඟයට වහා විසඳුම් ලබාදෙනු” යනුවෙන් සඳහන් බැනර් සහ විරෝධතා පුවරු ගොවි ජනතාව විසින් ප්‍රදර්ශනය කරනු දක්නට තිබේ.

එමෙන්ම සිය වගාවට නියමිත කාළයට පොහොර නොලැබීම හේතුවෙන් පීඩාවට පත් වූ කන්තලේ ව්‍යාපාර ගොවීහු ගොවීහු අද (03) විරෝධතාවයක් දැක්වූ හ.

කන්තලේ ව්‍යාපාර ගොවී එකමුතුව හා සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය එක්ව මෙම විරෝධතාවය පැවැත් වී ය.

කන්තලේ ව්‍යාපාර ගොවි එකමුතුවේ සභාපති ඉන්දික පරනවිතාන මහතාගේ මූලිකත්වයෙන් පැවති මෙම විරෝධාතාවයේදී ද “පොහොර දෙන්න ආවේ නොමිලේ, සල්ලි වලටවත් ගන්න නැහැ කඩේ, බොරු කතා එපා, ගොවිතැන අනතුරේ, පොහොර හිගයට විසදුම් වහා ලබා දෙනු” යනුවෙන් සඳහන් බැනර් සහ විරෝධතා පුවරු ගොවි ජනතාව විසින් ප්‍රදර්ශනය කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *