ඇමසන් ආදි වැසියන් කොරෝනා වලින් වද වෙයිද???

ඇමසන් ආදි වැසියන් කොරෝනා වලින් වද වෙයිද???

පුන්‍යා චාන්දනී ද සිල්වා
www.independent.co.uk

කොරෝනා වෛරසයෙන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර, මිනිස් ජීවිත ගිල ගනිද්දී දකුණු අර්ධ ගෝලයේ කොරෝනා ආසාදිත මරණ දහස ඉන්මවන ලද ප‍්‍රථම රාජ්‍යය වූයේ බ‍්‍රසිලයයි. නමුත් බ‍්‍රසිලයේ ජනාධිපති ජයර් බොල්සනාරෝ මෙම වසංගතය අර්ථ කථනය කරනු ලැබුවේ ‘‘පුංචි හෙමිබිරිස්සාවක්’’ තරම් සරල සංසිද්ධියක් ලෙසින්ය.

රතු ඉන්දීය නායක සියැටලගේ සංකල්පයේ පටන් ලෝක ප‍්‍රජාව පරිසරය පිලිබඳව යම් කිසි ලෙසකින් වූ පූජණීයත්වයෙන් සලකමින් ධරණීය සංවර්ධනය මුල් කර ගෙන ප‍්‍රතිපත්ති සකස් කරමින් පරිසර ආරක්ෂණ පිලිවෙත් බිහිවෙන යුගයකදී…නරුම වූ අදහස් එක් කරන බ‍්‍රසිලයේ විදේශ අමාත්‍ය ‘‘ අර්නස්ටෝ අර්ජෝ ’’ වරක් සඳහන් කර තිබුනේ දේශගුණික විපර්යාස යනු මාක්ස්වාදී කුමන්ත‍්‍රණයක් බවයි. මම බ‍්‍රසිලයේ ට‍්‍රම්ප්…මීට වසර කීපයකට පෙරාතුව මේ ප‍්‍රකාශය සිදු කරනු ලැබුවේ බ‍්‍රසිලයේ ජනාධිපති ‘‘ ජයර් බොල්සනාරෝ ’’ විසින්ය. සමාජ ලිබරල් පක්ෂයේ අපේක්ෂක බොල්සනාරෝ යුධ හමුදා කපිතාන්වරයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරනයේදී ඩොනලඞ් ට‍්‍රම්ප්ගේ ආදර්ශ පාඨය වූයේ ‘‘ ඇමරිකාව පළමුව ’’ යන්නයි. ඒ සා පරිද්දෙන් බොල්සනාරෝ ‘‘ බ‍්‍රසිලයේ දෛවය වෙනස් කරමු. බයිබලය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමු…යන්නයි.

ඇමසන් වනාන්තරයේ වැඩිම වපසරියක් බ‍්‍රසිල්යේ පැතිරී තිබෙන අතර සත්ව, ශාඛ ප‍්‍රජාවේ අසිරිමත් නිර්මානයක් ලෙසින් මෙම කලාපය සලකනු ලැබේ. එහෙත් බොල්සනාරෝට මෙය වැදගැම්මක් නැති කලාපයක් පමනි. ආර්ථික ලෙසින් සංවර්ධනය වීමට නම් වනාන්තර එලි පෙහෙලි කළ යුතුය යන පටු සංකල්පයේ රැුඳී සිටින නිසාම 2018 වසරේ බ‍්‍රසිල අධිකරණය මගින් පවා මේ වෙනුවෙන් පනවා තිබුන නීති ලිහිල් කරන ලදී

කෙසේ හෝ වේවා බ‍්‍රසිලයේ ජීවත්වෙන ආදිවාසින්ද කොවිඞ් වසංගතය නිසා වඳවීමේ තර්ජනයට පත් වීමේ දැඩි අවදානමක් පවතී. මෙම ආදි වාසි ප‍්‍රජාව ඉන්්ෆුලූවන්සා රෝග තත්වයට ගොදුරු වීමේ වැඩි සම්භාව්‍යතාවයක් ඇති අතර මීට ඉහතදී පවා ඔවුන් අකර ශ්වසන ආබාධ රෝග තත්වයෙන් පෙලෙන පිරිස් වාර්තා වී තිබේ. එයිනුත් වැඩි පිරිසක් ‘‘සාවෝ පෝලෝ ’’ ප‍්‍රාන්තයේ කාර්මිකකරණයට පත් ප‍්‍රදේශවලින් බැව් වාර්තා වේ. මේ අතර කොවිඞ් ආසාදනය වීම නිසා

පසුගිය දා ‘‘රොරරයිමා රෝහලේදී ‘‘අල්වානා සිරික්සානා ’’ නම් තරුණයෙකු මියගිය අතර එය ආදිවාසින්ගේ ප‍්‍රථම කොවිඞ් ආසාදිත ගොදුරයි. ඔහු යැනොමාමි ගෝති‍්‍රකයෙකි.

ඇමසන් වැසි වනාන්තර කලාපයේ සින්ගු ද්‍රෝණිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පර්යේෂණයේ යෙදෙන සාවෝ පෝලෝ සරසවියේ ආචාර්ය සොපියා මැන්ඩෙන්කා සඳහන් කරන්නේ ඇමසන් කලාපයේ ආදි වාසින් අතර කොවිඞ් වෛරසයේ ආසාදනය නිසා ඔවුන් මිහිපිටින් වඳ වීමේ අවදානමක් ඇති බවයි. දැනටමත් ආදි වාසින් අතර වැඩි පිරිසක් වියපත් ප‍්‍රජාවයි. වියපත් බව ප‍්‍රඥාවේ සහ සමාජ සංවිධානයේ සාරය වුනත් කොවිඞ් ආසාදනය වීමට මේ වටිනාකම් අදාල නැත.වියපත් බව ආසාදනයන් ඇති වෙන රෝග සංකුලතාවයන් තව දුරටත් වැඩි කරනු ලබයි. 1960 දශකයේ පැතිර ගිය සරම්ප වසංගතයෙන් පවා බ‍්‍රසිලයේ ‘‘යැනොමාමි ’’ ආදි වාසි ප‍්‍රජාවෙන් 9% ක් මරණයට පත් වූවා නම් කොවිඞ් 19 ගැන කවර කතා දැයි අපට අනුමාන කළ හැකිය.

ඇමසන් කලාපයේ ආදිවාසි සංවිධාන නායකයෙකු වන ‘‘මාරිවෙල්ටොන් බාරේ ’’සඳහන් කරන අන්දමට ඇමසන් කලාපයේ ආදිවාසින් ට මේ වෙන විටත් කොවිඞ් 19 රතු එළිය දල්වා සිටි. එයින් ආරක්ෂාවට ඔවුන්ට පහසුකම් කිසිවක් නැත. රෝහලක් වෙත යෑමට කිලෝමීටර් දහසක දුර බෝට්ටුවකින් යා යුතුය. මුහුණු ආවරණ නොමැත. ඒ අතර ආහාර පිළිබඳ හිගයත් ආදිවාසින්ට නැතුවා නොවේ. අද වෙන විට මෙම ගෝති‍්‍රක ජනතාවද දඩයමෙන් පමණක් රැුකෙන්නන් නොවේ. ඇතැමුන් සහනාධාරද,තවත් පිරිසක් විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් හිමිකම් කියති. ඒ නිසාම ඔවුන් තදාසන්න නගරයට යා යුතු වුවත් ඔවුන්ගේ නායකයන්ගේ අවවාදය වී තිබෙන්නේ බාහරි සමාජ සමග ඇති සම්බන්ධතාවයන් නවතා දමා සාගින්නේ වුව තමාගේ නිවසට වී සිටිය යුතු බවයි. මේ නිසා ඇතැම් ආදිවාසින් දැන් ඔවුන්ගේ නිවෙස් අතහැර දමා වනගතව කාලය ගෙවීමට සූදානම්ව සිටිති.

දිවයින උපුටා ගැනිමකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *