අත්‍යවශ්‍ය භාණ්ඩ සොයා ජනතාව වීදි වලට පැමිණෙති //එළවලු වෙළදුන් නීතිය නමයි

ඇදිරි නීතිය හමුවේ ජනතාව ගමනා ගමනය අනුමත කල හැකිද

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පනවා තිබුණද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම නිසා පෙර දින දෙකට වඩා ජනතාව ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීම අද දිනයේ බහුලව දක්නට ලැබෙන අතර ජනතාව අත්‍යවශ්‍ය සේවා වෙනුවට ඇතමුන් නෑදෑ හිතමිතුරු නිවෙස් වෙත යාමට උත්සුක වීම නිසා රජය විසින් පනවා ඇති පාලන ක්‍රමවේදය නැතිනම් නිවෙස් වලම සිටිය යුතු ක්‍රමවේදය ගිලිහීමේ අවධානමක් ගම්පහ නගර සහ ගම් කිහිපයක දක්නට ඇත

ඇතැම් ස්ථානවල වෙළදසැල් පසු පස දොරවල් විවෘත කර ජනතාවට භාණ්ඩ අලවි කිරීමේ කටයුතු කිරීමත් දක්නට ඇත ජනතාවගේ අවශ්‍යතවයන් වෙනුවෙන් ඒ සිදුකරන කාර්ය අගය කල යුතු උවද නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරනවාද යන්න ගැටලුවකි තේරුම් ගත යුතුව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා වෛරසය ව්‍යාප්ත වියහැකි අවධානම් දිස්ත්‍රික්ක ලැයිස්තුවේ තිබෙන බව නොවේද

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් හමුවීම අඩුවීම නිසා ජනතාව කිසියම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙළඹීම කණගාටු දායකය. රජය මගින් භාණ්ඩ බෙදා දීම සිදුකරන බවට ප්‍රචාරය කලද ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ තොග අවසන් වීම නිසා භාණ්ඩ ලබාගැනීම වෙනුවෙන් ජනතාව එක්රැස් වීම අද දිනයේ වැඩි වශයෙන් දැකිය හැකිය ඇතම් වෙළදුන් කිසිදු පාලනයකින් තොරව මුදල් අරමුණු කරගත් වැඩ නිසා ජනතාව දැඩි අපහසු තාවයන්ට පත්ව ඇත

විශේෂයෙන් එළවලු වෙළදුන් හිතු මතේ ගනන් වැඩිකර ඇත ඇතම් වෙළදුන් සෑම එළවලු වර්ගයක් ම 250g රැ 100 අලවි කරන අතර ඇතැමුන් 500g රැ 100 අලවි කිරීම අද දිනයේ දක්නට ලැබුණි තවත් වෙළදුන් එළවලු මලු රැ 500 ට සහ 1000 ට අලවි කරමින් සිටින අතර පාරිභෝගික ජනතාව මිළ ගනන් නොතකා භාණ්ඩ මිලට ගැනීමට පෙළඹීම සිදුව ඇත්තේ තොර ගැනීමට වෙනත් විකල්ප නොමැති නිසාය ජංගම අලවි කරුවන්ට මේ දිනවල හොද අදායමක් ලැබෙන්නේ කොරෝනා පිහිටෙන්ය තත්වය ඉදිරි දින කිහිපයේ වැඩි වර්ධනය වීමට ඇති නිසා වහාම මෙවැනි අවස්ථාවාදී කූට වෙළදුන් නීතියේ රැහැනට ගත යුතු බව ජනතාව මැසිවිලි නගති.

බොහොමයක් වෙළදුන් එළවලු දන්සල් පවත්වන සමයක පිටකොටුවේ සහ දඹුල්ලේ එළවලු මිල පහත වැටී ඇති කාලයක මේ සිදුකරන අසමත් ජාති ව්‍යාපාර ජනතා අප්‍රසාදයට පත්ව ඇත බිතර වෙළදාම ගැන කීමට දෙයක් නැත අඩු මිලට පසුගිය දින කිහිපයේ මෙන්ම බිත්තර අලවි කලද එම බිතර බහුතරයක් ආහාරයට ගැනීමට නොහැකි තත්වයෙන් නරක් වී ඇති බව දන්නේ පරිභෝජනයට ගැනීමට යාමේ දීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *