කළුකඩ කරුවන් කොරෝනා වෛරසය ඉල්ලමක් කරගනිති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි

රටම එකම විවසනයකින් බැටකන මොහොතක අවස්ථාවාදී කළුකඩ කිහිපයක් එකතුව එහි වාසිය සියතට ගනිමින් සිටින අතර තුර ගමේ නගරයේ ද ඇතැම් වෙළදුන් එම පිළිවෙත අනුගමනය කරන බවට රට පුරා පාරිභෝගිකයින් මැසිවිලි නගති පාරිභෝගික භාණ්ඩ අතරින් එළවලු වෙනුවෙන් මෙම මාපියාව ක්‍රියාත්මක බව ජනතාව චෝදනා කරයි .

ඇතැම් වෙළදුන් එළවලු හිතූ මිලගනන් යටතේ අලවි කිරීම නිසා ජනතාව අසරණව ඇත අතට අසුවන දෙය නිවසට රැගෙන යාමට නිවසට යාමේ අදහසින් වෙළද පොලට යන පාරිභෝගිකයින් සූරාකන කූට වෙළදුන් සම්බන්ධයෙන් පියවරක් ගතයුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි එහි සභාපති රංජිත් ප්‍රනාන්දු සදහන් කරයි

රටම ව්‍යවසනකයට පත්ව ඇති මෙම අවස්ථාවේ මෙරට පාරිභෝගිකයින් ගත කරනු ලබන්නේ ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවකට බව අප කවුරැත් දන්නා කාරණයි. මෙම අසීරැ අවස්ථාවේදී මෙරට පාරිභෝගිකයින් ගසා කන ආකාරය පිළිබදව අප විසින් මෙසේ කරැණු ඉදිරිපත් කරමු.

කොළඔ දී එළවලු අලෙවි වූයේ කිලෝ එක රැපියල් 400.00 ක් වැනි මිලකට වූ අතර කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ දිනයේදී මෙම එළවලු කිලෝ එකක් ‌ෙගාවියන් ගෙන් මිලදී ගෙන ඇත්තේ රැපියල් 12.00 – 30.00 මිලකටය. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ අතරමැදියා විසින් විශාල මුදලක් ගසා කන බවය.

රජය මේ අවස්ථාවේ මේ සදහා මැදිහත් වී ගොවියාට සාධරණ මිලක් ලබා දී පාරිභෝගිකයා අතට සාධාරණ මිලකට එළවලු ලබා දෙන්නේ නම් එය සාධණිය තත්වයක් බවට පත්වේ.

මේ පිළිබදව අදාල ප්‍රදේශයේ ගොවි සංගම් විසින් අප සංවිධානය දැනුවත් කර අතර මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස අප සියලු මාධ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ ගොවියාට හා පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීම සදහා පෙනී සිටින ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *