ගම්මාන තුනකට නොමිලේ ජලය බෙදන මුස්ලිම් තරුණයා

මාස දෙකට වැඩි කාලයක් තිස්සේ ජලය නොමැති කමින් පිඩා විදින ගම්මාන

කෑගල්ල සමන් විජය බණ්ඩාර

නියගය නිසා මාස දෙකට වැඩි කාලයක් තිස්සේ ජලය නොමැති කමින් පිඩා විදින ගම්මාන තුනක පවුල් 100 කට වැඩි පිරිසකගේ පානිය ජල අවශ්‍යතාවය වෙනුවෙන් තම ලොරි රථයේ ලීටර් 5000 කට ආසන්න ජලය පුරවාගත් ටැංකි 5 ක් දමා ගෙන එම ලොරි රථයේ රියදුරා වෙමින් දිනකට කිලෝමිටර් 15 කට වැඩි දුරක් ජලය ගමින් ගමට නොමිලේ ඛෙදා හරින 37 වන තරුණයෙක් අපිට අද 23 හෙම්මාතගම නගරයේදි හමුවිය.

ඔහු අපිට අහම්ඛෙන් මෙන් නගර මධ්‍යයේදි හමු වු අවස්ථාවේ අප රථය මග හැර යන්නට ගිය අවස්ථාවේ එය පසු පසින් ගොස් මේ ජලය ගෙන යන්නේ කොයි ගමටදැයි මා එම රථයේ රියදුරාගෙන් ඇසුවේ මෙම ජලය ටැංකි වල ජලය විශාල ප්‍රමාණයක් රැගෙන යන නිසා බොහෝ දෙනෙක් ජලය නොමැති කමින් පිඩා විදින අයුරු මා සිතට දැනුන නිසාවෙනි.

මාගේ පැනයට පිළිතුරු සැපයු ලොරි රථයේ රියදුරා මෙසේ පැවසිය. මේ පැත්තට වැස්ස නැහැ ඒ නිසා ගම්මාන තුනකට විතර දැන් බොන්න ජලය නැහැ. මට හිතුනා ඒ අයට උදව් කරන්න ඔනෑ කියලා ඒ නිසා ගමේ තරුණයන් කිහිප දෙනෙක් සමග මම මේ ටැංකි වලට ජලය පුරවාගෙන ඇවිත් දැන් දින අටක විතර කාලයක සිට මේ ජලය ඛෙදා හරිනවා යැයි ඔහු පැවසිය.

ඔහු සිදු කරන කටයුත්ත අද සමාජයේ ඇගයිය යුතුම කටයුත්තක් වන හෙයින් මා ඔහුගේ රථය පිටුපසින් මාගේ කාර් රථයෙන් ඔහු ජලය ඛෙදා හරින ගම්මාන යන දුම්බුළුවාව සහ කොටේගොඩ දෙසට යන්න වු අතර ඒ යන අතරවාරයේ සිය ගණන් ගම්වැසියන් තැනින් තැන හිස් භාජන මෙන්ම බැරල්ද අතතීව මෙම ජලය රැගෙන එන බලාපොරෝතුවෙන් රැඳි සිටින අයුරු දැක ගැනිමට හැකි විය. මෙම ජලය සිය කැමැත්තෙන් නොමිලේ සිදු කරන ඔහු නමින් මොහොමඩ් බූහාරි මොහොමඩ් ෆාවායිස් නම් වන්නේය. හෙම්මාතගම නගරයේ ව්‍යාපාරයක් කරන ඔහු මෙම ජලය නොමිලේ ගමින් ගමට ඛෙදා හරින කටයුත්ත ගැන මෙසේ අදහස් දැක්විය.

මම හැමදාම හිතපු දෙයක් තමයි මාගෙන් සමාජයට දෙයක් කර යුතුයි කියලා. ඒ නිසා දැන් එකට හොඳම කාලය උදා වේලා කියලා මට හිතුනා ඒ අනුව මාගේ ලොරියෙන් ලීටර් 5000 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු ටැංකි 5 කින් ජලය ඛෙදා දිම සිදු කරනවා. රට පුරා පතින ඇදිරි නීතිය නිසා සමහර ගෙවල් වලට ජලය බිමට ඒ වාගේම මුළුතැන් ගෙයි කටයුතු වලට නැහැ මට තේරුනා මේ අසරණ කමට පිහිට වෙන්න එක මට හැකි පමණින් මම ඒ අයගේ ජල ගැටලූව විසදෙන කම් සිදු කරන්න තමයි අදහස.

මේ වන විට කොටේගොඩ, දුම්බුළුවාව ගම් වලට ජලය ඛෙදා දිම සිදු වෙනවා. මට ජාති භේදයක් නැහැ දුම්බුළුවාවේ සිංහල ගමේ ජනතාවටත් ජලය නැතිනම් මම දිමට ඉදිරියේදි සුදානම් හවස් වරුවේ මාගේ ලොරියෙන් ජලය ලබා ගැනිමට හැම කෙනෙක්ම පාර අයිනට එන්න. දැන් ලොරියේ නලා ශබ්දය ඇහෙන කොට ලොකු කුඩා හැම කෙනෙක්ම ජලය ගන්න පාරට එනවා භාජන අරන් යැයිද ඔහු පැවසිය.

කෙසේ වෙතත් ෆාවායිස් සිදු කරන කටයුත්ත ගැන ගමේ වැඩිහිටියන් සහ බොහෝ දෙනෙක් අගය කරමින් අපට අදහස් දැක්වු අතර ඔවුන් පවසන්නේ මේ තරුණයාගේ කටයුත්ත මුළු රටටම ආදර්ශයක් වන බවයි. ජලය ගමට ඛෙදන මේ තරුණයා මේ සිදු කරන්නේ මහත් වු පුණ්‍ය කටයුත්තක් වන බව අප සමග අදහස් දැක්වු හිටපු මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ෂර්ෆ් මහතාද පැවසිය. එය අනාගත පරපුරටම සහ ලෝකයටම ආඩම්බරයක් වන බවද ඔහු කිය. මෙම කටයුත්තේ තවත් එක් විශෙAෂත්වයක් වන්නේ ජලය පිරවිමෙන් පසුව පාර අද්දර ඇති නිවාස වලට ජලය පිරවු පනිට්ටු මෙම ලොරියේ එන ෆාවායිස්ගේ යාළුවන් විසින් නිවස අසලටම රැගෙන ගොස් දිමයි එය එසේ සිදු කරන්නේ වයසක බොහෝ දෙනාගේ පහසුව ගැන සිතා බව මෙම තරුණයන් අපිට කිවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *