ගාල්ලේ පළමු මනාපය කාටද ??? මැතිවරණයට පෙර වදනක්

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප සටන ඇරබීම නිසා මේවන විට හංසයා පොහොට්ටුවේ හිටපු මන්ක්‍රිවරු දැවැන්ත සටනකට අවතිරණ වී ඇත. මෙහි දී ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුට සම්බන්ධ වු චන්දිම වීරක්කොඩි,රමේස් පතිරණ, මොහාන්. නිශාන්ත මුතුට්ට්ගම ,ගිතා,මේවන විට කරලියට පැමිණ ඇත්තේ මුදල් (සල්ලි) වර්ෂාවක්ද අරගෙනයි.

චන්දිම එදා එක අද?

ගාල්ල දිස්ත්‍රික්කයේ 2015 මහ මැතිවරණයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගත්තේ චන්දිම වීරක්කොඩි මහතාය. හෙතෙම අමරසිරි දොඩංගොඩ පරපුරේ සමාජිකයෙකි. නැති නම් දොඩගොඩ මහතාගේ ගේ බැනාය.අමරසිරි දොඩංගොඩට නොදෙවිනි තැනැක් හිමිවු චන්දිම මේවන විට දැනටම ඉදිරියෙන් පැමිණ ඇත්තේ සිය දක්ෂතාවය හැකියාව හා පළපුරුද්ද මතයි.

චන්දිම එක ද ? දෙක ද? සටන තිර්නාත්මකයි!

හෙතෙම ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම රැකියාවන් ප්‍රමාණයක් ලබාදෙමින් වෙනත් කිසිදු මන්ත්‍රිවරයෙකුටත් නොහැකි ආකාරයෙන් ජනතාව අතරට ගොස් ඇත.පොහොට්ටුවට සම්බන්ධ වු පලාත් සභා නගර සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු විශාල පිරිසක් චන්දිම වීරක්කොඩි සමඟ මේ වන විටත් එක්ව සිටින්නේ ජනපති,අගමැතිගේ ද සැලකිම මෙන්ම ගාල්ල දිස්ත්‍රික්යේ සංවර්ධන කමිටුවේ සභාපති කමම මේ වන විටම ලැබීම නිසාය.

චන්දිම රෑට නිදිය ගන්නේ නැද්ද ?
දින පතා සවස 3.00 ට පමණ ආරම්භ කරණ ජන්ද කමිටු රැස්වීම් සමහර දිනවල දි අවසන් වන්නේ රෑ 10.00 ද පසු විමෙනි. චන්දිම වීරක්කොඩි හට ගාල්ල දිස්ත්‍රික්කයේ විසිරුණු මනාපයක් පැවතීම එයට හේතුවයි රමේස්ද, මොහාන් , නිශාන්තද රැස්විම් වලට යමින් මනාප සටනට එක්ව ඇත. පියසිරි හිටපු පළාත් සභා මන්ත්‍රිවරයාද ,සම්පත් අතුකොරල ද මේවන විට මැතිවරණ සටනට පැමින ඇත.

දොඩංගොඩ රැහැණේ වන්දිම ඉදිරියෙන්ම… නැවත පොහොට්ටුවට පැමිනි සමයේ සහ ජනාධිපතිවරණය මැතිවරණය ආරම්භයේදී චන්දිමට ජනතා ආකර්ෂණය තිබුණේ සෘණ අගයකය එහෙත් වර්තමානයේදී චන්දිම වීරක්කොඩි ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස සියලු කණ්ඩායම් සමග සුහද වීමත් පොහොට්ටුවේ සභාපතිවරුන් සමග ගනුදෙනු කිරීමත් නිසා ක්‍රමයෙන් මනාප සටනේ ඉදිරියට එමින් ඇත කෙසේ හෝ මේවන විට චින්දිම වීරක්කොඩි ඉදිරියෙන්ම සිටින්නේ ගාල්ල දිස්ත්‍රිකයේ මැතිවරණ කොට්ඨාස දහයේම වැඩි පිරිසක් ඒ මහතාට සහයෝගය දක්වන පසුබිමකය

රමේෂ් පතිරණ මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප සටනේ ඉදිරියෙන්ම කියවෙන නමයි එහෙත් ඔහුට ලැබුණු ඇමති තනතුර රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරු වලින් ඔහු ජාතික දේශපාලනයට තල්ලු වීම හරහා මේ කාලසීමාව ඔහුට අතිශයින් කාර්ය බහුල වීම තුල යම් අවාසියක් ඇති සෙයක් පෙන්වුවද මහින්ද රැල්ලේ ගාල්ලේ පළමු මනාපය රමේෂ් ට හිමි වීම තව දුරටත් වලංගුව පවතින නිසා ගාල්ලේ මනාප සටනේ තවමත් පෙරමුණේ සිටින්නේ රමේෂ් බවට සැකයක් නැත එහෙත් පසුගියදා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකල ප්‍රකාශය ද රමේෂ් පතිරණට බලපා ඇත.එහෙත් තවමත් ගාල්ලේ මනාප සටනේ ප්‍රථමයා රමේෂ් ය ඔහුගේ ස්ථානයට අභියෝගයක් තිබේ ද ?? එය ඉදිරියේදී කථා කලයුතු තත්වයකි

ගාල්ලේ පැරණි වාම ප්‍රගතිශීලී බලවේගය මෙවර මොහාන් සමග එකතුව ඇත මොහාන් රත්ගම ආසනය නියෝජනය කලද ඔහුට වැඩිම ජනතා මනාපය හිමිවන්නේ බද්දේගම හිනිදුම සහ කරන්දෙණිය ආසන වලින් බවට වාර්තා වෙයි ඒ මොහාන් ගාල්ලේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වශයෙන් ඇති සබදතා නිසාය එලෙසින් බලන කල ගාල්ලේ මනාප සටනේ මොහාන් ද කැපී පෙනෙන තැනක ඇත

වජිර! ගයන්ත මනාව සටන දෙවන ලෝක යුද්ධය දක්වා යයි ද.

හංස සටනේ දී ගියවර වැඩිම මනාව ගත්තේ ගයන්ත මන්ත්‍රිවරයා ය. වජිර දෙවැනි තැනට පත්වුයේ ඉතාම අඩු මානාප පරතරයක් ඇතිවයි. බන්දුලාල් ,ද විජේපාලද තම මන්ත්‍රි ආසන රැක ගන්නට කටයුතු කරණු බව පෙනේ.

මනුෂ නානායක්කාර මනාප වටේ ටැට බඳිති.පියසේන ගමගේ ගමින් ගමට යයි!

මනුෂ නානායක්කාර හා පියසේන ගමගේද මනාප තරඟයට එක්ව ඇත.

දෙරණ දිලිත්,සජිත්,මෛත්‍රී එයි ද නොයිද ?

මෙයට අමතරව, පොහොට්ටුවෙන් දෙරණ දිලිත් ජයවීර ද මෛත්‍රි ගුණරන්න සජිත් එක්ක මෛත්‍රි ගුණරත්නද එක් වෙන බව රාවයක් පවතී.සජිත් එක්ක දැනට සිටින සජිත් වාස් ගුණවර්ධන ද හංසයාගෙන් එන බවට ආරංචියක් පවතී.

බලමු බලුමු මහ මැතිවරණය ලඟයිනේ නාම යෝජනා දෙන කොට බලාගන්න හැකියි. පස්සේ කියන්නම් ආදි වඳන් මේ අය කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව පුදුම කරවන්නට විය හැකිය.

වාසු,හේමකුමාර පරපුරේ තාරක නානායක්කාර ගමට යයි තරුණ පිරිස් අල්ලයි.

මැතිවරණයට දින නියම වී නොමැති අවස්ථාව වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ක්‍රමය ශිතල යුද්ධයක් දක්වා වරිජනය වී ඇති බව පෙනේ. මේ අතර තාරක නානායක්කාර ද ගාල්ල දිස්ත්‍රික්යේ එජාප තරුණ නායකයෙක් වශයෙන් කරලියට එක්ව ඇත්තේ තරුණ ජවය ද එක් කොටගෙනයි.

ශාන් මහා ඇමති සද්ධයක් නෑ.අයි මැක්කැයි ඇමතිතුමා කතා නැත්තේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ශාන්,යූචී.ඩී ආරියතිලක මැතිවරන සටනට එනවාද නැද්ද තවම සංඥාවක් නැත.

කරුණු මෙසේ සිදු වෙද් දී ජනපති වරණයේ ප්‍රතිපලය කිසිදු පක්ෂයකට ගත නොහැකි වී ඇත. පොහොට්ටුවේ වැඩිපිරිසක් මේවන විට හංසයාට කිරි පොවන්නට යන සෙයක් දැකිය හැකිව ඇත. මේය ඉතා දරුණු වන්නේ ඉදිරි මහ මැතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂ ගන්නාවු තීන්දු තිරණ මත වෙනස් වනු ඇත.

ජනතා විමුත්ති පෙරමුණ හුදකලා සටනක් දියත් කරමින් පක්ෂයේ ජන්ද ප්‍රති ශතය වැඩිකරන්නට කටයුතු කරමින් සිටිති.තතු දත් ආරංචි කියන්නේ මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී අසුනක් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් වෙන්වී ඇති බවට පුර්ව සමීක්ෂණයෙන් පැහැදිලි වී ඇත

නමුත් දැනට පවතින තත්ත්වය නම් ප්‍රබල පක්ෂ සන්ධාන දෙකටම සම සම ව මනාප බෙදි යාමක් දැකිය හැකිය. සියලුම මන්ත්‍රිවරු මුදල් ලක්ෂ ගණන් වැය කරන්නට දැනටම සැලසුම් කර ඇත.

ඉදිරියේ සිදුවන්නෙ කුමක්ද ? අපි බලා සිටිමු. තවත් දේශපාලන තොරතුරු යාවත්කාලින කරවන කතාවක් අරගෙන යළි හමු වෙන්නමි .ජනතාවට වාසනාව ජය ඇතිවුනත් නැති උනත් අපේ මන්ත්‍රී හාමුලාට නොනලාට ජයම තමයි අප ප්‍රාර්ථනා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *