එයාර් බස් ගනුදෙනුවේ මුදල් ගිහින් තියෙන්නේ කාටද කියලා පැහැදිළියි!!!

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි

ඇලෝසියස් ලංකාවට ගෙනාපු මුද්‍රණ යන්ත්‍රයෙන් තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සෞභාගයේ දැක්ම මුද්‍රණය කලේ මෙම යන්ත්‍රය ගෙනාවේ බැදුම්කර වංචාවෙන් ගෙනාපු යන්ත්‍රයෙන් තමයි මේක කලේ කෝ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේනවා කිව්වා මතකද අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මහත්තයා හෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අර්ජුන් මහේන්ද්‍රන් කවදාවත් අත්අඩංගුවට ගන්නේ අපිටයි කිව්වේ බැදුම්කර හොරු කියලා 2015 දී හදපු රජය අපකීර්තියට පත්කන්න වැඩකරපු අයත් ගෙදර යවන්න ඕන අපි කට කැඩෙනකන් කීවා

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු ලබන එකක් නොවෙයි එදිනෙදා කටයුතු කරන්න හොදයි පාඩුව තමයි ත්‍රීවිල් ගන්නවා වගේ ගුවන් යානා 14 ගත්තා ගෙවා ගන්න බැරි විදියට අද ඔප්පු වෙලා තියෙනවා එක ගුවන් යානයකින් එක එක විදියට ඩොලර් මිලියන 18 ක් ඕඩර් එකට විතරක් කියලා පගාවක් අරගෙන තියෙනවා ඩොලර් මිලියන 2800 ක ව්‍යප්තියකින් ඩොලර් මිලියන 18 ක් ගන්නවා කියන්නේ චුටි එකක් එකට තමයි කපිල චන්ද්‍රසේනයයි එයාගේ නොනයි දාලා තියෙන්නේ මිනිහට දීපු සල්ලි වලිනුත් බාගයක් එවලා තියෙනවා අර නිමල් පෙරේරා මහත්තයට නිමල් පෙරේරා මහත්තයා තමයි

එයා තමයි ශ්‍රන්ග්රිලා එකට විකුණපු ඉඩම සම්බන්ධයෙන් එයා 2017 දී උසාවියට ගෙන ගියා මොකද නාමල් රාජපක්ෂ මහත්තයාට දීපු පගාව බාරගත්තට ඒ පගාවෙන් තමයි අර තංගල්ලේ හෝටලය මිලදී ගත්තේ එය උසාවිට ගිහින් වරද පිළිගත්තා එතකොට එම නිමල් පෙරේරාගේ ගිණුමටම තමයි මේ එයාර් බස් ගනුදෙනුවේ මුදල් ඇවිල්ල තියෙන්නේ දැන් හිතාගන්න පුළුවන් කාටද මේ මුදල් ගියේ කියලා මට මතක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියපු කතවක් ඒ තමයි එක ඩොලර් එකක් හරි රාජපක්ෂලා හොරකම් කළා කියනවනම් වෙඩි තබාගෙන මැරෙන බව එදා මහින්ද මහත්තයා කීවා මෙම වංචාවේ මුදල් ගිහිපු තැන ඉතාම පැහැදිළියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *