මීරිගම කාන්තාවන්ගෙන් පිරි ඉතිරි ගිය වාර්තාගත කාන්තා සමුළුව පැවැත්වූ මීරිගම අම්මා ????

මීරිගම කාන්තාවන්ගෙන් පිරි ඉතිරි ගිය වාර්තාගත කාන්තා සමුළුව පැවැත්වූ මීරිගම අම්මා ????

මැතිවරණය ආසන්නයේදී විවිධ දේශපාලන පක්ෂ මගින් මැතිවරණ කොට්ඨාශ මට්ටමින් ල මංඩල ;තරුණ ;කාන්තා යන සමුළු පවත්වනු ලබනවා. එසේ පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මිරිගම මැතිවරණ කොට්ඨාසය ඉලක්ක කරගනිමින් ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු කරන සුනේත්‍රා සමකෝන් මහත්මිය විසින් ශ්‍රී ‍ලංකා නිදහස් පක්ෂ බල මංඩලයට අනුබද්ධ කාන්තා සමුළුව මීරිගම තලාකොලයාය හෝටල් සංකිර්ණයේ දී පවත්වනු ලැබුවා. එහි විශේෂත්වය මෙම සමුළුවට අසුන් ගැනීමට පවා නොහැකි අයුරින් හෝටල් භූමියද කාන්තාවගෙන් පිරී යාමයි.

මීරිගම නව අපේක්ෂාවන් ඇති කරමින් පැවැත්වූ මෙම සමුළුව මිරිගම ජනතා අපේක්ෂාවන්ගේ එක් සන්ධිස්ථානයක් බව කිව හැකියි..

මෙහිදි ඇය කාන්තාවන්ට ශක්තියක් වන්නට අමිමා කෙනෙකුන් මෙන් කැප වන බවත් දේශපාලන ජීවිතයේ කිසිම බොරුවක් කියන්නෙ නැති බවත් සදහන් කලේ කාන්තාවන්ගේ අත් පොළොසන් මධ්‍යයෙහිය.

ඇය වැඩිදුරටත් මෙසේ සදහන් කලා.

ඇත්තෙන්ම මා මෙම ස්ථානයට පැමිණෙන විට මට ලොකු සතුටක් දැනුණා. මට හිතුණා මම මල් වත්තක් මැද්දේ ද ඉන්නේ කියලා. උදේ පිපෙන සූරියකාන්ත මල් ගොන්නක් විදිහටයි මට ඕගොල්ලන්ව පෙනුනේ. පිපීගෙන එන මලුත් තිබෙනවා. මල් කැකුළුත් තිබෙනවා. ඒවගේම මම දකිනවා පිපිලා තිබෙන මලුත්. ඔබතුමියන්ලාගේ ශක්තිය තමයි අපේ රටට අවශ්‍ය කරන්නේ. ඒ ජීවතවලට ශක්තියක් වන්නට මම සූදානම්.

රටනගා සිටුවන අය තමා ඕගොල්ලෝ. මමත් අම්මා කෙනෙක්. මීරිගම ආසනේ පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයේ ම කාන්තාවන් වෙනුවෙන් මම පෙරමුණ ගන්නවා. මාගේ ආදරණීය අම්මා වරුන්ටත් සහෝදරියන්ටත් දියණිවරුන්ට අද ජිවත් වීමේ ලොකු ලොකු ප්‍රශ්න ගොඩකට මැදිහත් වන්නට සිදුවි තිබෙනවා. එකක් මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය වලින් අපේ රට විනාශ වන විට අම්මා නැගූ කඳුලින් සහෝදරයා ඒවට යොමුවන විට සහෝදරිය හැඬූ කඳුළින් ගත කරන අවස්ථා තිබෙනවා. අපේ තරුණ දරුවන් මේ විනාශයෙන් මුදවා ගන්නට අපි කටයුතු කළ යුතුයි. මිරිගම ආසනය පුරාවටත් දිවුලපිටිය ආසන පුරාවටත් ගමිපහ දිස්ත්‍රික්කයෙත් යනකොට දැකපු දෙයක් තමයි. අපේ කාන්තාවන්ගේ ශ්‍රමය අපතේ යන අයුරු. අපේ කාන්තාවන් බොහොමයක් ගෙවල්වල නිකන් සිටිනවා. ඒ කියන්නේ දරුවෝ හදාගෙන නිවෙස් වල වැඩ කරගෙන සිටිනවා.

නමුත් මේ කාන්තාවන්ගේ ඇයගේ පසුම්බියට මුදල් ගන්න ක්‍රමයක් සෑදිය යුතුයි.. පොඩි ස්වයං රැකියාවක් කරලා නම් මේ ජීවිතය ගොඩනගන්න අපහසුයි. සැමියාට ශක්තියක් වන්නට කාන්තාව ශක්තිමත් විය යුතුයි. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්මට අනුව අපි මේ දේ කළ යුතුමයි. අපේ කාන්තාවෝ විවිධ ස්වයං රැකියා වලට යොමු කළයුතුයි. අපනයන ක්ෂේත්‍රයේ මුල් කරගෙන.

ඔබ කැමතිනම් මම ඒ සඳහා ශක්තියක් දෙන්න සූදානම්. ඒ වගේම මිරිගම ප්‍රදේශයට තෛභාෂා විද්‍යාලයක් අවශ්‍යයි. අපේ දරුවෝ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ඉගෙන ගන්න ආසයි. අපි ඒ දේ වහාම දියයුතුයි. කාර්මික විද්‍යාලයක් මිරිගමට අවශ්‍යයි මගේ මිරිගම මිහිරි ගමක් කරන්න ට මට අවශ්‍යයි. මම එනවා මම ඒකට ශක්තිය දෙන්නට. කාන්තාවක් හැටියට මමත් නිශ්ශබ්දව සිටියා නම්???? බැලුවා බැලුවා අවුරුදු ගාණක් බැලුවා. නමුත් මිරිගම කවදාවත් දියුණුවක් නෑ.

මිරිගම අසරණයි. කාන්තාවන්ට කවුද ඉන්නේ මේ තරුණ දූවරුන්ට කවුද ඉන්නේ. මම අම්මා කෙනෙක් හැටියට මීරිගමට ශක්තිය දෙන්න සූදානම්. මට තව එක දෙයක් කියන්න අවශ්‍යයි. මා වෙනුවෙන් පැමිණි සියළු දෙනාම මොනව හරි අපහසුතාවයකට මුහුණ නම් මා වෙනුවෙන් අනුකම්පා කරලා සමාවෙන්න කියලා. මම ඉල්ලීමක් කරනවා. මම ඇත්තටම බලාපොරොත්තු වුණේ නෑ. මෙච්චර කාන්තාවන් පිරිසක් එයි කියලා. නමුත් මට ආදරේ කරන මා ආදරය කරන හුඟක් මීරිගම ජනතාවත් කාන්තාවනුත් ඉන්නවා. ඒකට හේතුව මගේ සංවේදීකම. සියලු අයට එක සේ ආදරේ කරනවා කියලා ඔබට ප්‍රකාශ කරන්න කැමතියි.,

මම කවදාවත් මගේ දේශපාලන ජීවිතයේ කිසිම බොරුවක් කියන්නෙ නැහැ. කොහොමත් මගේ ජීවිතේ බොරු නැහැ. මම බොරුවක් කියන්නේ නැහැ. කරන්න පුළුවන් දෙයක් නම් කරනවා. කරන්න බැරිනම් අනේ මට මේක කරන්න බැහැ. සමහර විට ඉදිරියේදී කරන්න පුළුවන් කියලා කියනවා. ඒක තමයි මගේ වචනය .ඉතිං ඒක මගේ ආදරණීය කාන්තාවන් දන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *