පළාත් පාලන ආයතන වැඩිකළ වරිපනම් හකුලන ලෙස ජනපති නියෝග කරයි!!!

පසුගියදා මෙරට පළාත් පාලන ආයතන රැසක වරිපනම් බදු අයකිරීම් 300% ප්‍රමාණයකින් වැඩිකිරීම සම්බන්ධයෙන් වාර්තා වන ලදී මේ සම්බන්ධයෙන් එම ආයතන පාලනයේ සීමාවේ පවතින ව්‍යාපාරික ස්ථාන සදහා විශාල වරිපනම් වැඩිවීමක් සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වන ලදී

ගම්පහ දිස්ත්‍රික්කයේ මෙලෙස වරිපනම් වැඩිවීම පළාත් පාලන ආයතන කිහිපයකම සිදුවන් ලදී මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර අමතර අයකිරීම් හා වත්මන් බදු අනුපාත වැඩිකිරීම් අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ය නියෝග කර ඇත.

සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කර ඊයේ (19) වැනිදා සිට දින 30 ක් ඇතුළත එය සරල කරන ලෙස ද ඔහු උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලූම ආණ්ඩුකාරවරුන්ට සහ ප‍්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමත්, ජනජීවි පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දූෂණ සහ අක‍්‍රමිකතා පිටු දැකීම මෙන්ම කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සදහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජය ගැනීම මෙමගින් අපේක්‍ෂා කෙරේ.

එමෙන්ම රටේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක වන උපාය මාර්ග අඩාල කරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් තිබෙන බවද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පාරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරිම් ව්‍යුහයක් හඳුන්වාදෙන ලෙසද ජනාධිපති ලේකම්වරයා දැනුම්දී තිබේ.

විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මූල්‍ය විමධ්‍යගත කරණය සහ ආදායම් බෙදාගැනීමේ ක‍්‍රමවේදය ජාතික ප‍්‍රතිපත්ති ව්‍යුහය සමඟ සමපාත විය යුතු බවද හෙතෙම දැනුම්දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *