ආණ්ඩු බලයෙන් බාහු බලය පෙන්වා වෙරළ සංරක්ෂණ නිළධාරියාට අමානුෂික ප්‍රහාරයක්

ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග පවතින සමීප සබඳතාවයන් පිළිබඳව පවසමින් පහර දීලා

රාජකාරියේ යෙදී සිටියදී වෙරළ සංරක්‍ෂණ නිලධාරි කි‍්‍රස්ටි විජයකුමාර මහතාට පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වන ලෙස සංවර්ධන නිලධාරී සේව සංගමයේ  ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

ඒ මහතා මෙසේද කීය. හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ සංරක්‍ෂන නිලධාරි පී. ඒ. කි‍්‍රස්ටි විජයකුමාර මහතාට 2020 පෙබරවාරි 17 දින ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් සිදුකර ඇති අමානුෂිික පහරදීම සම්බන්ධයෙන් අප සේවාවේ දැඩි විරෝධය ආණ්ඩුවට පලකරමු.

2020/02/17  දින ගාලූ පාර, ගොඩගම ප‍්‍රදේශයේ පිහිටි රෙබෙකා ගාර්ඞ්න් හෝටලයේ හිමිකරු විසින් වෙරළ සංරක්‍ෂන දෙපාර්තමේන්තුවට අයත් වෙරලෙහි ආරක්‍ෂිත ගල්වැටි ඇතුලූ ප‍්‍රදේශය අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් සිය රාජකාරි කටයුතු වෙනුවෙන් මැදිහත් වු වෙරළ සංරක්‍ෂන දෙපාර්තමේන්තුවේ වෙරළ සංරක්‍ෂන නිලධාරි කි‍්‍රස්ටි විජයකුමාර මහතාට පෙබරවාරි 17 දින ප.ව. 3.15 ට  පමණ ඉහත පුද්ගලයින් අමානුෂික ලෙස පහර දී ඇති අතර පහර කෑමට ලක් වූ ඉහත නම් සඳහන් රජයේ නිලධාරියා මේ වනවිටත් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී.

 අනවසර ගොඩ කිරීම ඡායාරූප ගත කර අදාල කටයුතු නතර කරන ලෙසට කියමින් කි‍්‍රයාත්මක වීමේදී නීති විරෝධි කටයුතුවල යෙදුනු පිරිස වෙරළ සංරක්‍ෂන නිලධාරිවරයා බිම පෙරළා අමානුෂික ලෙස පහර දී නැවත නැගිට්ටවා හිස පොල්ගසක ඇන නිලධාරියා පැමිණි යතුරුපැදියට පවා හානි කරමින් සිදුකර ඇති අමානුෂික පහරදීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය කි‍්‍රයාත්මක නොවීම කණගාටුදායක තත්වයක් බව අවධාරණය කරනවා..

ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග පවතින සමීප සබඳතාවයන් පිළිබඳව පවසමින්  ඕන දෙයක් කරන ලෙස කියමින් මෙම පිරිස රජයේ නිලධාරිවරයාට පහර දී තියනවා.

 මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක් නිලධාරියා මීටියාගොඩ පොලිසියේ CIB/02/113/124 අංකය යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතත් මේ දක්වා පොලිසිය අදාල නීතිමය පියවර ගෙන නොමැති බව වගකීමෙන් සඳහන් කරනවා..

රාජකාරියේ යෙදී සිටිමින් රජය වෙනුවෙන් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් වූ අමානුෂික පහරකෑමට ලක්වූ ඉහත නිලධාරියා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව අදාල පිරිස් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම.

මීටියාගොඩ පොලිසිය මගින් CIB/02/113/124 අංක දරන පැමිණිල්ල යටතේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට ඉදිරිපත් නොවීම.

වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පහරකෑමට ලක්ව ඇති තම දෙපාර්තමේන්තුවේ නිලධාරියා වෙනුවෙන් සෑහීමකට පත්විය හැකි පියවරක් මේ දක්වා නොගැනීම.

රජයේ නිළධාරින්ට මේ ආකාරයෙන් දිගින් දිගටම ආණ්ඩුවට සම්බන්ධ විවිධ පුද්ගලයින්ගෙන් එල්ලවන බලපෑම් වර්ධනය වීම හා ඊට රජය ලෙස නිසි පියවරක් නොගැනීම.

යන කරුනු පිළිබඳව අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා මෙන් අප සංගමය විෂයභාර අමාත්‍යවරයා ඇතුලූ ආන්ඩුවෙන් ද අදාල බලධාරින් ගෙන් ද  ඉතා වගකීමෙන් ඉල්ලා සිටිනවා.පහර දී රාජකාරියට බාධා කරමින් කි‍්‍රයාකළ පුද්ගලයින්ට නීතිය කි‍්‍රයාත්මක නොවී දින තුනක් ගතවීමත්, රජයේ සේවකයින්ට සිය රාජකාරි නිදහසේ කරගෙන යාම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කරන ලෙසත්, ඉහත සඳහන් අංක 02, 03, 04, 05 අවධාරණය කර ඇති කරුණු පිළිබඳවත් පියවර ගන්නා ලෙස බලකරමින් පෙබරවාරි 20 දින දකුණු පළාත් නිලධාරින්ගේ විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර තියනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරි දිනවලදී දීපව්‍යාප්ත විරෝධතාවයකට අවතීර්ණ වන බවද මම ඉතා වැගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව, සංවර්ධන නිලධාරී සේව සංගමයේ  ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *