“ජයම පතුරන රිචඩ් පතිරණ” රමේෂ් නොදන්නා තැනකින් ගාල්ලේ දේශපාලනයට!!!

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍ය රිචඩ් පතිරණ මහතාගේ පුත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් රක්ෂිතයක ඉඩම් පදිංචි කරුවන්ට ලබාදෙන ලෙස සම්බන්ධීකරණ රැස්වීමේදී කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මධයේ දැඩි කථා බහට ලක්ව ඇත.

ජයම පතුරන රිචඩ් පතිරණ මේ තමයි 2000 වසරේදී දිවංගත අමාත්‍ය රිචඩ් පතිරණ මහතා තම මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය එදා ගාල්ල දිස්ත්‍රික්කයේ පැවති පොදුජන එකසත් පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තරග කරුවන් දෙදෙනෙකු සිටින ලදී ඒ එදා දකුණේ අසහාය නායක අමසිරි දොඩංගොඩ මැතිතුමා සහ ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමන්ලා අතර මනාපය සදහා සීතල යුද්ධයක් හටගත් සමයකි එම මැතිවරණයේදී ගාල්ල දිස්ත්රික නායක දූරය රිචඩ් පතිරණ විසින් දැරීම තුල ඔහුට ගාල්ල දිස්ත්‍රික්කය පුරා මැතිවරණ යාන්ත්‍රණය පුද්ගලික මට්ටමින් සහ රාජ්‍ය මට්ටමින් දියත් කිරීමට හැකි කාල සීමාවක් වන ලදී එහෙත් 1994 දී ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප එක්ලක්ෂ හැත්තා පන් දහසක (1750000) මනාප ප්‍රමාණයක් ලබාගත් අමසිරි දොඩංගොඩ නමැති නායකයා සිහිනයක් වන බව ජනතාව විශ්වාස කරන ලදී එහෙත් එදා (2000) වසරේදී රිචඩ් පතිරණ මනාප (1100000) ක ප්‍රමාණයක් ලබාගෙන ගාල්ල දිස්ත්‍රිකයේ පළමු වෙනියා වෙද්දී දොඩංගොඩ ලබාගත්තේ මනාප (90000) දහසක් පමණි

මේ කතාව අතීතයට ගිය කථාවක් හැබැයි මේ කථාව දන්නා බොහෝ පිරිසක් ගාල්ලේ ඉන්නවා කථා නායකයා රමේෂ් පතිරණ නිසා ඉතිහාසය අලුත් කරන්න රමේෂ් නොදන්නා ඉතිහාසය තමයි ඔය මොකද ඒකාලේ රමේෂ් පතිරණ දේශපාලනයේ හිටියේ නැහැ ඒ තබා ලංකාවෙත් නැහැ එදා රිචඩ් පතිරණ මහතා බද්දේගම මැතිවරණ රැළියකදී කී කථාවක් සිහිපත් කරමි ඒතමයි මේසරේ දොඩං සිදරන් කරනවා කියන කියමන ගාල්ලේ මැතිවරණ වේදිකාවේ රැව් පිළිරැව් දෙන ලදී එකම පක්ෂයේ කණ්ඩායම් මරගනීමට පටන් ගන්නා ලදී මනාපය වෙනුවෙන් එකම පක්ෂයේ කණ්ඩායම් වෙන්වෙන ලදී

එක උදාහරණයක් කියන්න කැමතියි යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ දුෂිත සභාපතිවරයා එළවීමට දොඩංගොඩ පාර්ශවය නොගත් උත්සහයක් නොමැත ඒ සෑම අවස්ථාවකදීම රිචඩ් පතිරණ පෙනී සිටියේ පීඩිතයා දෙස නොව දුශිතයා දේසය එදා යක්කලමුල්ල ප්‍රගතශීලී බලවේගයේ දැඩි විරෝධයක් රිචඩ් පතිරණට එරෙහිව නැගී සිටින ලදී මේ ඉතිහාසයෙන් බිදක් පමණි ගාල්ල යනු දේශපාලන ජයග්‍රහණයේ තිඹිරි ගෙය බව මෙරට දේශපාලකයන් තවමත් හදුනාගෙන නැත ගාල්ලේ මිනිසුන් ට තිබෙන දේශපාලන දැනුම මෙරට කිසිම දිස්ත්‍රික්කයක සිටින ජනතාවට නොමැත 1994 දී එජාප රජය පෙරළීමේ පළමු වෙඩි මුරය ගාල්ලේ ජනතාව තබන විට සහ 2004 එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොදනගනවිට ගාල්ලේ දේශපාලන අධිකාරිය ඉදිරියෙන්ම සිටින ලදී එම අධිකාරී බලය 2004 පසු එනම් රිචඩ් පතිරණ සහ අමරසිරි දොඩංගොඩ දිවිමගින් සමුගත් පසු අවසන් වන ලදී ඒ ගාල්ල දේශපාලන ඉතිහාසයේ කෙටි කථාව වන අතර තවත් බොහෝ කරුණු ඇත

මේ සියල්ල අවසානයේ රමේෂ් පතිරණ නම් රිචඩ් පතිරණ නම් ගාල්ලේ දේශපාලන නායකත්වය පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පවතී සම්බන්ධීකරණ රැස්වීමේදී සිදුකල ප්‍රකාශය නැවත සිහිපත් කරමි රමේෂ් රිචඩ් පතිරණගේ පුතා මිස ගාල්ල ප්‍රගතශීලී දේශපාලනයේ හිමි කරුවා නොවන බව පසක් කරන ලදී එම වැකියෙන් මෙම පැහැදිලි කිරීම අවසන් කලේ තවත් අතුරු කථා කියන්නට අවස්ථාව සලසා දෙමිනි තවත් බොහෝ කරුණු ගාලු දේශපාලනයේ යටිබිම් ගතවී ඇත අප ඒ සියල්ල ඉදිරියේදී හෙළි කරමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *