ඊසි කෑෂ් ක්‍රමයට සිදුකළ කුඩු ජාවාරම පොලිසියට කොටු වේ

ඊසි කෑෂ් ක්‍රමයට සිදුකළ කුඩු ජාවාරම පොලිසියට කොටු වේ අඹු සැමි යුවළ ලඟ එම අවස්ථාවේදී රුපියල් ලක්ෂ පහක කුඩු

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වරපලාන ප්‍රදේශයේ කුලී නිවසක රැදී සිටමින් දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්ට ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදාහැරීම සිදු කළ බව කියන අඹු සැමි යුවළක් මල්වතුහිරිපිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

මොවුන් සතුව බෙදාහැරීමට සුදානම් කරමින් තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 17,000 ක ප්‍රමාණයක් , කේරල ගංජා මිලි ග්‍රෑම් 43,000 ක් , අපි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදාහැරීමට යොදාගත් ජංගම දුරකථන පහක් සහ සිම් කාඩ්පත් පහක් හා රුපියල් 12,000 ක් අත් අඩංගුවට ගෙන ඇත. තිබී ඇති හෙරොයින් ප්‍රමාණයේ වෙළඳ පොල වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බවත් පොලීසිය පවසයි.

අරලගංවිල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් වන මොවුන් මීට මාස දෙකකට පමණ පෙර වරපලාන ප්‍රදේශයේ නිවසක කාමරයක් කුලියට ගෙන විවිධ ප්‍රදේශයන්ට මත් කුඩු බෙදාහැරීම සිදු කොට ඇති බව ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වූ බව පොලීසිය සදහන් කරයි. මොවුන් අවුරුදු 42 සහ 37 වයසේ පසුවන්නවුන්ය.

මොවුන් ආරක්ෂක ස්ථානයක් ලෙස වරපලාන ප්‍රදේශයේ නිවස යොදා ගනිමින් ඊෂි කෑෂ් මුදල් ලැබුනු පසුව අනුරාධපුර , පොලොන්නරුව , අරලගංවිල , සිරිපුර , හිගුරක්ගොඩ , කදුරුවෙල , මහියංගනය වැනි දුර බැහැර ප්‍රදේශයන්ට බස් රථ වලින් ගොස් බෙදා හැරීම සිදු කොට ඇති බව හෙලිවූ බව පොලීසිය පවසන අතර සැකකාර කාන්තාවගේ තනපට තුල තිබී කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් හෙරොයින් සොයාගෙන ඇත.

මොවුන් කොළඹ ප්‍රදේශයෙන් හෙරොයින් රැගෙනවිත් ඇසුරුම් කොට බෙදා හැරීම සිදු කොට ඇති බව හෙලිවී ඇති අතර අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සටියදීද මෙම ජාවාරම සිදු කොට ඇති බවත් පොලීසියට අනාවරණයවී තිබේ. මෙම සැකකරුට විවිධ අපරාධ සම්බන්ධයෙන් විවෘත වරෙන්තු පහක් ඇති බවද පොලීසිය පවසයි.

මොවුන්ගේ ජංගම දුරකථන වල තොරතුරු පරීක්ෂා කිරීමේදී පැය දෙකක් තුල ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් ලබා ගැනීම පිණිස ඇමතුම් 150 – 200 ක් පමණ ලැබී ඇති බව පෙනී ගිය බව මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත මුණසිංහ මහතා සදහන් කළේය.

බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ක්‍රියාත්මක කොට ඇති අපරාධ නිවාරණ වැඩ පිළිවෙල අනුව
මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය තුල සිදු කෙරෙන සාර්ථක ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ බුද්ධි අංශ තොරතුරු මත මෙම ජාවාරම්කකාර යුවල ඉතා කෙටි කාලයක් තුල අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙම ජාවාරම්කාර යුවල අත් අඩංගුවට ගැනීම පිනිස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගම්පහ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී බස්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් දුෂණ මර්දනය අංශාධිපති උප පොලිස් පරීක්ෂක ඊ.බී.ජේ.බණ්ඩාර මහතා ඇතුළු සැරයන් ඩයස් – 27515 , කාන්තා පොලිස් සැරයන් උපේන්ද්රා – 5198 , සැරයන් වීරවර්ධන – 4263 , කාන්තා පොලිස් කොස්තාපල් ඉෂාරා – 2742 සහ කොස්තාපල් දොඩන්කුඹුර – 38601 යන නිලධාරීන් ක්‍රියාකොට ඇති අතර සැකකාර යුවල ඊයේ (13) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *