උවිදු ඔබ විජේවීරගේ පුතා මිස විප්ලවයේ අයිති කරුවා නොවේ

කථා නායකයා උවිදු විජේවීර ඒ තමයි රෝහණ විජේවීරගේ පුතා රෝහණ විජේවීර මේ රටේ සමාජ විපලවයක දැවැන්ත නිරමාණයක් ඒ රෝහණ විජේවීර සහෝදරයා පණපිටින් උදුණක පිලිස්සුනේ රටේ සුවහසක් ජනතාවට හොද රටක් හදන්න ගිහින් එදා ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් සාමාජිකයන්ගේ අතින් සිදුවූ වැරදි මත තමයි විප්ලවයේ ජීව ගුණය නැතිව ගියේ ඒ වැරදි අරගෙන තමයි රජය ජන සංහාරය සිදුකලේ එම කථාව විසුරුණු කථාවක් ඒක දන්නේ එදා සමාජය මිසක් උවිදු නොවන නිසා කථා නායකයා වටා කථාව ගොනු කිරීම අරම්භයා ඒ සියල්ල කතිකාවට භාර කරමි

උවිදු විජේවීර දැනට වසරකට පමණ පෙර මෙරටට පැමිණෙන්නේ රුසියාවේ සිය අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඒ සියලු පහසුකම් ඔහුට රජයෙන් ලැබෙනවා හැබැයි ඒ අරගලයේ දිවි පිදු අතුරුදන් වූ බොහෝ ජවිපෙ සාමාජිකයන්ගේ දරුවෝ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද ජීවිත ගොඩ නගා ගත්තේ කියලා උවිදු දන්නවද ??? ඒ දරුවන්ගේ මව හෝ පියා අහිමි වුණා සිරබත් කැවා අද මාධ්‍ය ඉස්සරහ රෝහණ විජේවීර සහෝදරයාගේ පුතා කියලා ලොකුවට කථාකරන උවිදු ඒ මිනිසුන් ගැන වචනයක් කථා කලාද???

ජනතා විමුක්ති පෙරමුණ 1994 දී නැවත මල් බදුනෙන් මැතිවරණයට ඉදිරිපත්වෙන කොට සමාජයේ බොහෝ මිනිසුන් උසුළු විසුළු කළා 1997 පළාත්පාලන මැතිවරණයෙන් ලංකාවේ පර්දේශේය සභා මන්ත්‍රීවරුන් 102 ක් ලබාගෙන අලුත් ගමනක් ආරම්භ කළා 2004 දී මන්ත්‍රීවරුන් 38 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරා පත්කලා ඒ සියල්ල කලේ එදා විපලවයෙන් බැටකාපු සාමාජිකයින් සහ ඔවුන්ගේ දරුවෝ පාසල් අධ්‍යාපනය අතරමග නවතා එදා ජවිපෙ නැගිටීම වෙනුවෙන් කාලය ශ්‍රමය වැයකරලා පක්ෂය නැවත ගොඩ නැගුවා ජවිපෙට නොව මිනිසුන්ට කොතැනක හෝ වැරදුනා ඒ ජනප්‍රිය දේශපාලනය පසුපස මිනිසු ඇදී ගිය නිසා

උවිදු විජේවීර නිදාගෙන නැගිටලා වගේ කථා කරන්නේ ඒ නිසයි මහ පොලවේ දේශපාලනය කරන්න කොතරම් සංවිධානයක් අවශ්‍යද ඒක උවිදු දන්නෙහිද උවිදු දන්නේ මතුපිට මාධ්‍ය දේශපාලනය පමණක් බව තර්ක විතර්ක අවශ්‍ය නැත උවිදු විජේවීර රෝහණ විජේවීර සහෝදරයාගේ පුතා වූ පළියට ඔහුට ප්‍රකාශ ලබාදීමට ඇති අයිතියට කියන කථා මහ පොලවේ යථාර්තයක් නොවනු ඇත විපලවයේ ජීව ගුණය නොනැසී පවතින බිමක උවිදු ඒ විපලවයේ කොටස් කරුවෙකු නොවන තාක් ඔහු පරජිතයෙකි ප්‍රධාන ධාරාවේ දේශපාල පක්ෂයක් සක්කයක් වීමට උවිදුට සුදුසුකම් තිබුනද විපල්වයේ කොටස් කරුවෙකු වීමටනම් සිහිනයකි ඒ සිහිනය උවිදු දවසක දකින්න හැකිනම් 71 දී 88/89 දී මහ පොලවට පස් කල විරුවන්ගේ අරමුණ සිහිනයක් නොවනු ඇත

බුදු හාමුදුරුවෝ බුද්ධත්වයට පත්වුණේ ආත්ම ගනනක් පෙරුම් පුරලා ඒ තමයි බුදුන් වහන්සේ ආත්ම ගණක කල පාරමිතා බලය ඒ බුදුන්ගේ පුතු රාහුල කුමාරයා බුදුවන බව කිසිම සදහනක් නැහැ බුදුවරුන් පවුලෙන් පරම් පරාවෙන් බිහිවන්නේ නැහැ මතු බුදුවන බෝධිසත්වයන් වහන්සේත් බුදුවූ බුදුවරු 28 දෙනාත් එහෙමයි බුදුන් වහන්සේ තමයි මේ ලෝකය තුන්කල් දැකපු දාර්ශනිකයා වුන් වහන්සේ දේශනාකළ ධර්මය සදාකල් ලෝකයේ පවතිනවා බුදුන් වහන්සේ අසම සමයි කිසිවෙකුට සමකල නොහැකියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *