මීගමුවේ කඩොලානට ඇමතිවරු සටනේ “සංවර්ධනය දිගටම කරනවා..වනජීවී පනත කියවන්න”

මීගමුව පිටිපන ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතිය භූමියක ක්‍රීඩා පිටියක් ඉදිකිරීම යාමේ සිද්ධිය මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලයන් සහ ප්‍රධාන මාධ්‍ය ජාලයන් තුල දැඩි කථා බහකට ලක්වන අවස්ථාවක මෙම සිද්ධීන් දෙකට සම්බන්ධ ආයතනන ප්‍රධානීන් වන අමාත්‍යවරුන් දෙදෙනා පරස්පර අදහස් දැක්වීම තුල මෙම ප්‍රශ්නය තවදුරටත් නිමා නොවන තත්වයක ඇත සියලු රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලකයන් ඉදිරියේ තනි සටනක් ගෙන යමින් කඩොලාන පරිසර පද්ධතියේ වටිනාකම පහදන ලදී එහෙත් ඊයේ දිනයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සදහන් කලේ මෙම සංවර්ධන ව්‍යාප්තිය කිසිම බාධකයක් ඉදිරියේ නැවත්වීමට ඉඩ නොතබන බවත් රජය විශාල මුදලක් සංවර්ධන ව්‍යාප්තිය සදහා යොදවා තිබෙන මොහොතක එයින් නිසි ප්‍රයෝජන ගැනීම තම අරමුණ බවත් සදහන් කරන ලදී මෙම සංවර්ධන ව්‍යාප්තිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදුකරන සේවාවක් නිසා බාධාවන් නොතකමින් ඉදිරියට ක්‍රියාත්මක කරන බව සදහන් කරන ලදී

එහෙත් පරිසර සහ වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සදහන් කලේ වනජීවී පනත අනුව කිසිම රක්ෂිතයක් කිසිම කටයුත්තක් සදහා ලබාදීම හෝ පැවරීම සිදු කිරීමට නම් පාර්ලිමේන්තු පනතක් මගින් ඉදිරිපත් කල යුතු බව සදහන් කරයි මේ පනත ගැන ධීවර රාජ්‍ය අමාත්‍යවරයා හරිහැටි කරුණු අවබෝධ කරගෙන නොමැති බවත් රාජ්‍ය නිලධාරිනිය ගත් තීරණය නිවැරදි බවත් සදහන් කරයි ඇය පනතට අනුව නීතියට අනුව කටයුතු කර ඇති නිසා එතුමියගේ සේවය අගයන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කරන ලදී

මීට වසර ගණනකට පෙර මීගමු කලපු සංවර්ධනය වෙනුවෙන් මිලියන් දහසක ව්‍යාප්තිය මගින් සිදුකල සංවර්ධනය සහ කලපුව ආශිතව සිදුකර ඇති පුද්ගලික ඉදිකිරීම් සහ කලපුව අභ්‍යන්තරයේ ඇති ඉදිකිරීම් සම්බන්ධයෙන් ඉදිරි ලිපි මගින් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමට අප වෙබ් අඩවිය සුදානමින් සිටින බව අවධාරණය කරන්මි එවිට පක්ෂ විපක්ෂ මීගමුවේ දේශපාලකයන් පරිසරයට සිදුකල හානිය සම්බන්ධයෙන් ජනතාවට තීරණය ගත හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *