පරිසරය රැකගන්න එදා රාජ්‍ය නිළධාරීන්ට බැටදීම මෙදා දේශපාලකයන්ට බැටදීම!!

ගම්පහ අනාගත ජල ගැටලුව නොදකින මිනිසුන් වෙනුවෙන්

එදා රාජ්‍ය නිළධාරීන් පරිසරය විනාශ කරන්නන් සමග එකතුව ගම්පහ දිස්ත්‍රික්කයේ පරිසරය විනාශ කරමින් ගෙනගිය වැඩ පිළිවෙලට එරෙහිව නැගී සිටි එකම දේශපාලකයා රන්ජන් රාමනායක විය ඔහු එදා පරිසර විනාශයට උඩගෙඩි දෙන රාජ්‍ය නිළධාරීන් දැඩිව විවේචනය කරන ලදී. එදා රාජ්‍ය නිළධාරීන් මට්ටු කිරීමට පෙරමුණ ගන්නා ලදී ඒ අතීතය නැවත කණපිට පෙරලමින් මේදා ගම්පහ දිසාවේ පරිසරය සුරැකීම වෙනුවෙන් වනජීවී නිළධාරියක විසින් උඩුගම් බලා පිහිනීමේ සාර්ථක උත්සාහයක නියැලෙමින් මීගමුවේ කඩොලාන පද්ධතිය ආරක්ෂා කිරීම සදහා දේශපාලකයන් මට්ටු කිරීම මේදිනවල සමාජ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දෙමින් ඇත.

එදා රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ පස් වැලි මැටි ජාවාරමට එරෙහිව සටන් කරන විට පක්ෂ විපක්ෂ දේශපාලකයන් එකතුව රාජ්‍ය නිළධාරීන් පාරට බස්සන ලදී එදා දිවුලපිටිය ලේකම් වරිය සමග රන්ජන් රාමනායක ඇතිවූ සංවාදය හරියට අසන්නේ නැතිව හෝ අසුනත් නොඇසුනා සේ රාජ්‍ය නිළධාරීන් උද්ගෝෂණය කිරීම සහ මාධ්‍යට ප්‍රකාශ ලබා දෙමින් කටයුතු කල ආකාරය ගම්පහ ජනතාවට හොදට මතකය ඒ රන්ජන් ඇතුළු ගම්පහ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන හඩ නැගුවේ ගම්පහ ජනතාවට 3% පමණක් වූ පිරිසිදු ජලය වෙනුවෙන් මිස වෙනත් ලාභ ප්‍රයෝජනයක් වෙනුවෙන් නොවෙති.

එදා රාජ්‍ය නිළධාරීන් කථා නොකළ පරිසර ගැටළුව අද වනජීවී නිළධාරිනිය විසින් තහවරු කිරීම තුල දේශපාලකයා සහ රාජ්‍ය නිලධාරියා එකතුව ගම්පහ පරිසරයට කරපු විනාශය කතරම් ද ??? කඩොලාන යනු කුමක්ද කියා නොදන්නා දේශපාලකයන් සහ ඔක්සිජන් අවශ්‍ය කුමකටදැයි නොදන්නා ගෝලයන් හමුවේ වනජීවී නිළධාරිනිය පැහැදිළි කරද්දී රාජ්‍ය නිලධාරිනියගේ එම විද්‍යාත්මක පැහැදිලි කිරීම හමුවේ උසුළු විසුළු කල දේශපාලන ගෝලයන් ඇමතිවරයාගේ කථාවේදී අත්පොලසන් දීමට ඉදිරිපත්වීම තුල අපේ රටේ දේශපාලකයා සහ ගෝලයන් රටේ අනාගතය කොතැනට රැගෙන යන්නේ ද ??? රන්ජන්ගේ දේශපාලන භාවිතය අදාල නැත රාජ්‍ය නිලධාරිනියගේ තනතුර අදාල නැත දෙදෙනාම කලේ මහ පොලව අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණ සමාජ ගත කිරීම නොවේද

ගමිපහ වන සංරක්ෂණ නිලධාරිනිය දේශපාලකයින් ඉදිරියේ හිස නොනමා කතා කරයි

රටේ වන සම්පත වෙනුවෙන් පෙනී සිටින රජයේ නිලධාරීන්ට ආදර්ශයක් වන ගමිපහ වන සංරක්ෂණ නිලධාරිනිය දේශපාලකයින් ඉදිරියේ හිස නොනමා කතා කරයි

Posted by Lanka ABC News on Tuesday, February 11, 2020

Leave a Reply

Your email address will not be published. Required fields are marked *