බූරුවන් නොදන්න බූරු ගැහිල්ලේ සූදු අන්තුවන් සොයා ගියෙමු // ගවේෂණාත්මක සටහන

ගවේෂණයක් ඇසුරින් සැකසුණු බූරුවා පිටියේ කතාන්දරය

බූරුවා ගැහැල්ලේ දී නැත්නම් කුට්ටම් ක්‍රීඩාව එසේත් නැති නම් දෙගොඩ ගැහිල්ල නොවසේ නම් කොළ කුට්ටුමේ ක්‍රීඩාව අනාදිමත් කාලයක සිට ලෝකයේද ලංකාවේද පැවති ක්‍රීඩාවකි.මෙහි දී බූරුවා පිටියේ සිදුවන විශේෂිත කටයුතු අගනේය. එය සත්කින්ම දැනගතයුතු කතාන්දරයකි. මේ බූරුවා පිටියේ දැකිනා ඇසෙනා කියෙන හා සිදුවන දේ පිළිබඳව සිදු කළ ගවේෂණයක් ඇසුරින් සැකසුණු බූරුවා පිටියේ කතාන්දරය මෙසේය. බූරුවා කීවාම අපට ඇරිකාව මතක්වෙයි ඇයි ද යන්න ඇමරිකා‍වේ ජාතික සත්වයා බූරුවාය. එහෙම කියන විට නොව බූරුවා කියන විට මෝඩයා ආදි වශයෙන් ජන සමාජයේ ලංකාවේ සරල අර්ථයක් ලබාදෙයි.සත්තකින්ම  බූරුවා දොන්නා වු බූරු ගැහිල්ලේ සූදු කෙළියේ කතාව නැතිනම් කොළ කුට්ටුමේ කතාව,සූදු සෙල්ලම ගම්මානවල සිට මහා පරිමාන තරු පහේ හෝටලවල ද සිදු කරයි.ජන සමාජයේ සුදු කෙලින පුද්ගලයාට ඒ හාදයා බූරුවා කාරයෙක්නේ යැයි නම් පට බදින්නටද සමාජයේ මිනිසුන් පුරුදුව සිටිති.

පොදුවේ ගත් කළ බූරුවා සෙල්ලම කාඩ් ගැසීම මුදල් මත සිදු කරයි. එකට යටින් ගැසීම පන්කාදු තිබීම, බූරුවා ගැසිමේ ක්‍රීඩාවේ දී සූදුවේදි දැකිය හැකිය.ඕකා පන්කාඳු කාරයා කියා සමහර බූරුවා කරයෝ හදුන්වති. පහේ ගැහිම වු කළි කොළ පනස්දෙක පස් කොඩකට වෙන්වන පරිදි ගසන අතර හතේ ගැසිමේදි ද සත් ගොඩකට කුට්ටමේ කොල ගොඩවල් හතකට බෙදයි.ගම්මල මළ ගෙදරක බූරුවා ගැසීම හෝ රස්සාවක් වශයෙන් හෝ රහස් ස්ථානයක පවත්වාගෙන යන බූරුවා සූදුව පිරිමි මෙන්ම ගැහැණු ද දැකිය හැකිය. මෙහි දී පිරිම් සූදු පිටි මෙන්න කාන්තා සූදු පිටද දැකිය හැකිය. කුට්ටමේ කොළ එක දෙක බෙදන්නට බැරි වු විට ඇලි පරණ වු විට අලුත් කුට්ටමක් දෙනු ලැබේ. එය හතර වංශයේ කුට්ටම් විය යුතුව ඇත.බූරුවා ගැහිල්ලට හතර වංශයේ ස්කෝප්ප, රුවිත, කලාබර,හාරත ආදි වශයෙන් නම් ඇති කොටස් හතරකි. ජෝකර් කියා කොළයක් ඇති නමුත් එය ක්‍රිඩාවට උපකාරි කර ගන්නේ නැත.

එක් එක් බූරුව කරුවන්ගේ සිත දිනාගත් කොළ ඇත. ආසියා,පොරව,හේරා. බූරුවා, සිට අංක දහයේ සිට අංක දෙක දක්වා වංශ හතරින් කොළ ඇත.මෙයට අමතරව කොළ කූට්ටමේ වරිගිකරණයක් ඇත.ස්කෝප්ප, කාලබර, රුවිත,හාරත ආදි වශයෙන් නම්කර ඇත.

මේ මළ ගෙදර හෝ රස්සාවට රහස් ස්ථානයක පවත්වන සූදු පිටියක හෝ තුරු පහේ හොටලයක බූරුවා ගැසිමේදි සමාන හා අසමාන ලක්ෂන  දැකිය හැකිය. පොදු අංග ලක්ෂණ ද රැසකි. මෙහි හැසිරෙන ක්‍රමය භාවිතා කරන නම් හා ප්‍රාදේශිය උප භාෂා සංස්කෘතිය ද, පිටියේ ඔට්ටම් දමන ආකාරය. කුට්ටම කපන ආකාරය ආදි බූරුවා කාරයන් විසින්ම සකස් කර ගත් නීතිරිති සමුදායක් ඇත.ක්‍රම හා ගති ලක්ෂණද දැකිය හැකිය. මෙය නගරයේ සුපිරි බූරුවා ගැසිමට අඩු වැඩියෙන්  ගමේ බූරුවා ගසන බූරුවා ගසන ස්ථානයක නැති නම් බූරු පොළද දැකිය හැකි කරුණුකාරනාය.

බූරුවා ගහන ස්ථානයට භාවිතා කරන නම බූරු පොළයි. මෙහි ඉඳ( අසුන් ගන්නේ) ගන්නේ පැඳුරක් හෝ ගෝනි බිම අතුරා රවුමක් ආකාරයටයි.තරු පහේ බූරු පිටි වල මේස හා පුටු භාවිතා කරයි. තම අත තිබෙන සල්ලි නැනිනම්  මුදල් පෙන්වා සිදුකරන බූරු පොළවල් ද එසේ නැතිව පවත්වාගෙන යන බූරු පොළවල්ද තිබේ.

පොඩි සූදු පොළ හා ලොකු සූදු පොළ වශයෙන් එකම ස්ථානයක බූරු පොළවල් දෙකක්ද සමහර බූරු පොළවල්වල දැකිය හැකිය. මේ අනුව, මුදල් යහමින් ඇති පුද්ලයන්ට උරුම වන්නේ ලොකු සූදු පොලයි. මුදල් අඩු පිරිසට ගමන් කළ හැකි වුනේ කුඩා නැතිනම් පොඩි බූරු පොළටයි.  බූරුපොළ කුඩා වුවද විශාල වුවද එය රවුම් වටකුරු ස්භාවයක සියල්ලෝම සමසේ බිම හිඳගත යුතුය. ඔට්ටන් අල්ලන පිරිස දෙපිරිසකි. ඒ පිටියේ සූදු පිටියේ බිම අසුන්ගෙන සිටින පිරිස පිරිස අතරේය. අනෙත් ඔට්ටන් ඇල්ලිම සූදු පිටය අසල බිම වාඩි වී කුටුටම කපන පිරිස අසල හිටගෙන සිටින පිරිස අතරේ ඇල්ලන ඔට්ටම්ය.

එකට යටින් ගැසීම, හතෙන් ගැසිම අනන්ත ගැසීම සිදුකරන ක්‍රමවේ. මේ අතර ඔට්ටන් ඇල්ලිම දිනුවා පැරදියි ක්‍රියා ඇල්ලිම සිදුකරයි. එක දිගට සූදුවක් ගැසුව හොත් නැතිනම් දිනුම් වාර තුනක් එක දිගට බූරුවා කුට්ම අත ඇති සූදු කෙලින්නා ජය ගත හොත් වැලක්ම  ගැහුවේ නම් තෝමක් ලබා දිය යුතුව ඇත. එය නියම වන්නේද අමුතුව ආකාරයෙනි. තෝම මුදල නියම වන්නේ මුදල් දිනු ජය ගත් ආකාරයටයි.ඒ දිනන ලද මුදලින් සියයට 10කි. නැතිනම් සියයට දහයක මුදලක් එම තෝම ලෙස ගෙවිය යුතුව ඇත. මෙය බූරුවා පොළ පවත්වාගෙන යන පුද්ගලයාට ගෙවිය යුතුය.බූරු පොළ බද්ධ නැති නම් වත්වාගෙන හා සේවා සැපයීමේ ගාස්තුව ලෙසද මෙය සරලව නම් කල හැකිය. එයට තෝම් බෝතලය හෝ තෝම් පෙට්ටිය ක්‍රියා හෝ යමක් බූරුවා පිටියේ තබා දිමේ එයට තෝම් මුදල් දැමිම අනිවාර්යෙන්ම අත් තුනක් හෝ දිගටම සුද්ද වන්නම ජය ගත් පුද්ගලයා විසින් එම බඳුනට දැමය යුතුව ඇත. මේ ලබා ගන්නා මේ බව නිරතුරුවම ජයගන්නාට ඇසෙන්ට කියයි. එය බූරුව පිටිය පවත්වාගෙන යන පුද්ගලයා හෝ ඒ පුද්ගලයාගේ කට හයිය,සබ්දයෙන් කතා කරනන්ට හැකි යම් චණ්ඩි පාට් දමන්ට හැකි පුද්ලයෙක් මේ සඳහා යොදවයි. තෝම් නොදමන්නේ නම් බලහත්කාරකමන් තෝම් වලට පත් කල තෝමා අදාළ ජයගත් පුද්ගලයාගෙන් අයකර ගැනීම සිදුකරයි.

තැන්තුව වු කළි කුට්ටම අතේ තියන පුද්ගලයා පිටියට දමන මුදලයි. හරියට දිනුම් පැරදි කියා වෙනනම ඔට්ටු අල්ලන අතර තැන්තුවට  කුට්ටම කපන පුද්ගලයා නැතිනම් බූරුවා කාරයා තැන්තුවට සරිලන ආකාරයේ සමානව මුදල් දැමිය යුතුව ඇත. සමහර අවස්ථාවල තැන්තුවට කිහිපදෙනෙක් එක්ක මුදල් දමන ආකාරයක් දැකියි හැකිය.‍බූරුවා කුට්ටමේ කොළ බෙදිල්ලේ දි යම් අවුලක් සිදුවුයේ නම් ඔට්ටුව හුරුම්ය. එය ජය පැරදුමකින් තොරව ඒ සූදු වාරය අවසන්වේ. සමහර අවස්ථාවල දී ගහමරා ගන්නාද අවස්ථා ඇත. මෙහි දී බූරුවා පොළ පවත්වාගෙන යන පුද්ගලයාගේ හැකියාව මත මෙය නිරාකරණයවන අවස්ථා ඇති අතර සමහර අවස්ථාවල මිනිමැරුමක් දක්වා දිගුවකට යන අවස්ථාද ඇත.

බූරුවා පොළ තුල ණය දීමේ විවිධ ආකාර දැකිය හැකි අතර ඉන් එක අවස්තාවක් වන්නේ දිනන පුද්ගලයා කිහිප දෙනෙක්ට ණයට දීමයි මෙහිදි මෙම ණයට දීම බූරුවා පොලේ දීම පසු දින හෝ වෙනත් බූරු පිටියක දී ණය ගත් අදාළ පුද්ගලයා නැතිනම් තම හිතවත් බූරුවා කාරයට දිය යුතුව ඇත. බූරු පිටියේ තනි බූරුවා කාරයා හා ගැන්සීයේ බූරුවා කරුවන් යැයි කොටස් දෙකක් ද දැකිය හැකිය. තම නායක බූරුවා කාරයාට තනියට සහායක බූරුවා කාරයන්ගේ රැනක් ද පෙර සුදානම් කරගෙන අදාළ බූරුපිටියට ගොස් සෙල්ලම් කිරීම් සිදුකරන අවස්ථාද ඇත.

බූරුවා පොල පත්වාගෙන යන්නා සූදු පිටියේ සිටින බූරුවා කාරයන්ට සේවා පහසුකම් සැපයිය යුතුව ඇත.තේ,දුම්වැටි, මේ අතර වැදගත්වේ.මෙය සුපිරි තරු පහේ බූරුවා පිටවලට වඩා වෙනස් සරල සේවා සම්පාදනයක් පමණි. මෙම සේවා  දිගින් දිගටම සූදු පොළ පවත්වාගෙන යන්නට සහයෝගය දිමකි.

තවත් පුදුම කතාන්දරයක් ඇත්තේ මේ බූරුවා ගසන පුද්ගලයන්ට එක යායට එක රෑනට පැය ගණනාවක් නොව වරු ගණනාවක් එකම තැන බිම වාඩිවීගෙන සිටිමේ පුදුම හැකියාවයි. මේ අයට බඩ ගින්නක් නම් නැත. කහට කෝප්පයක් හෝ දුම්වැටියක් හෝ මේ පැය ගණනටම හෝ වරු ගණනාවකටම සැහේ.

වෘත්තිය බූරුවා කාරයෝද විනෝදයට අමතර ආදයමක් ගන්නට සිදුකරන  බූරුවා ගසන පිරිසද,ඉඳහිට මේ බූරුවා ගසන පිරිස්ද සිටිති.මේ පිරිස අතර ඇත්තේ මනාවු සම්බන්ධතාවයකි. බූරුවා ගැහිම රස්සාව කරගත් පිරිස මේහි දී විශේෂ වු පිරිසකි.පස මිතුරන් පිරිසකි. අඹ යහළුවන්ය.මළ ගෙයක් හෝ අලුත් බූරුවා ගසන සූදු පෙලක් තිබේ නම් ඒ ස්ථානය ඇමතුමකින් දැනුම් දෙයි. ඒ බූරුවා කාරයන්ගේ සහෝදරත්වයි. කණ්ඩායම් හැගීමයි. තම යතුරු පැදියෙන් හෝ කුළියට ලබාගත් වාහනයක හෝ පිරිස් වශයෙන් හෝ දෙදෙනා වශයෙන් හෝ කිහිපදෙනෙක් වශයෙන් බූරුවා පිටියට පැමිණේ. කුළි වාහන සඳහා ගෙවිමක් කරයි. එය තීරනවන්නේ බූරු කරුවා හෝ පිරිස බූරු පොලේ සිටින කාලය මතයි. මෙයට කියන්නේ සෙල්ලම් කරන කාලය කියලාය. මේ අනුව වාහන කුළිය තිරණය වේ.

උකස් ගැනිම ද ණයට දීමද සිදුකරන ආකාරයක්ද දැකිය හැකිය.එය යම් ජාවාරමකි. තම වාහනය හෝ තම රන් මාලය හෝ මුදුව හෝ උකස් කිරීම ද සිදු කරන්නේ සෙල්ම් කර පරාජය වු විටය. සමහර බූරුවා කාරයන්ට බඩියෙක් ද සිටි ඒ දිනන මුදල් තබා ගන්නට හා සූදුවට අවශ්‍ය මුදල් ලබා දෙන්නට හා බූරුවා කරයාගේ ඕනෑ එපා කම් ඉටුකර දිමට හා ආරක්ෂාව සැපයීම බූරුවා බඩියාගේ සේවාවයි. ගමේ බූරුවා පිටියකදී රහමෙර පානය ද ගත හැක්කේ වෙළෙඳ පොලේ මිලට වඩා දෙගුණයක් ලබාදීමෙනි. සමහර විට කාන්තාවන් ලබාදෙන සෙයක්ද ඇති අතර එය නගරවල හොටෙල්වල දකිය හැකි වුවත් ගම්වල ද නැතුවාම නොවේ.

බූරුවා පිටියේ ආරෂාවටද පිරිසක් යොදවන්ට කටයුතු කරන බූරුවා පිටිය අයිති නැතිනම් පිටිය පවත්වාගෙන් යන පිරිස් සිදුකරයි. එය පොලිසිය පැමිනෙනවා ද නැන්ද කියා ඔත්තු බැලීම මේ අයගේ රාජකාරියයි. ඒ සඳහා  බූරුපිටියට  ඈතින් සකස්කළ ස්ථාන වල හෝ යම් තැනක මේ අය ජංගම දුරකතන ඇතිව අයළුවන් රදවා තබති. සතුරකු මෙහි දී  පොලිස් නිලධාරින් එන්නේ නම් ක්ෂණිකව බූරු පොළ අයිතිකරුට දැනුම් දේ. මේ අනුව,වහාම බූරුවා ගැසිම නතර කර දමති. එය අලුත්ම බූරුවා ගැසිමේ කලාවයි.

සත්තකින්ම  පොලිසිය පැන පිටිය වටලාගෙන බූරුවා කාරයෝ අල්ලාගෙන යන අවස්ථා ඇත. නමුත් බූරු ගැසිමේ වරදට දඩය රුපියල් 100කි. එය වෙනස් කල හැකිනම් අගනේය. මේ සුද්ගේ කාලයේ තිබු නීතියකි. එය අදට ද වෙනස් නොවි ක්‍රියාත්මක වේ.

සූදුව වෘත්තියක් ලෙස සැලකිය නොහැක.නීතියෙන්ද ආගම දහමෙන්ද මෙය වැරදි බවට ඇත. කෙසේ නමුත්  පොතේ ලියා ඇත්තේ එසේ වුවද බූරුව ගැසීම පමණක් රැකියාව කරගනිමින් ගේ දොර අඹුදරුවන් හා තමන්ගේ ජීවිතය ද නඩත්තු කරගන්නා බූරුවා  සූදුවෙන් පමණක් යැපෙන පූර්ණකාලීන සූදු කාරයෝ ද විවිධ මට්ටමෙන් සූදුවට ධුතයන් වු  බූරු කාරයෝ  කුමන පළාතක වුවද විරල නොවෙති.

මහත්තයාට කියන්න මගේ රස්සාව බූරුවා ගැහිම මට දැන් වයස 60 මම වසර හතලිස් එකක් දෙක්ක විතරම බූරුවා ගසන එක තමයි රස්සාව දිනන දවස් අඩුයි පරිදන දවස් වැඩියි. නමුත් ගේම ගහලා සමිතින් එක හොයාගෙන අඩියක්ද ගහලා තමයි මම ගෙදර යන්නේ මා සමඟ වෘත්තියෙන් බූරුවා ගසක පුද්ගලයෙක් කීවේය.ඉහත සදහක් කල පරිදි මළගෙදර සූදුව කතා කිරීමේ දී තෝ මැරුනම දවස් හතක්ම බූරුවා ගහනවා යැයි ජනවහරේ බූරුවා කාරයෝ පවසන කතාන්දරයකි. මරණය දුකක් වුවද සූදු අන්තුවන්ට බොහෝ මළ ගෙවල් ආශීර්වාදයකි.රස්සාව කරන්නට හැකි සුපිරි ස්ථායකි. දින හතක් පුරා මළමිනියට හා දුකට ආවරණය වී ඉතා සුරක්ෂිතව සූදු පිටියක් පවත්වාගෙන යන්නට මොවුන්ට අවකාශය ලැබේ. දින හතකට පසුව තවත් ස්ථානයක හෝ තැනක එවැනිම සූදු පොළක් නිර්මාණය කරගන්නට ජාලගතව සිටින සාමාජික පිරිස සමත්ය. හැම මළගෙදරකම සූදු පොළ පැවැත්වීමට ඉඩ නොලැබුණ ද දිළිඳු ගම්වල ජනයාගෙන් බූරු පොළ පවත්වාගෙන යෑමට නොමඳ අනුග්‍රහයක් ලැබෙයි. සූදු පොළ නිසා ලැබෙන බිම් කුලිය,මළගෙදර පාළුව නැතිවීම ආදී හේතු කිහිපයක් නිසා මළගෙදර ඇත්තෝ බූරුපොළට එකඟ වෙති.

දුකට පත් අවස්ථාවක වැටලීම් සිදුකර මළගෙදර පිරිස අපහසුතාවට පත්කිරීම නීතියට නොව සදාචාරයට එකඟ නොවන හෙයින් මළගෙදරවල පවත්වන සූදු පිටි වැටලීමට බොහෝ දුරට පොලිසිය පැමිණෙන්නේ නැත.සමහර අවස්ථාවල පොලිසිය පැමිණ බූරුවා ගැසීම නතර කරන ලෙස ඉල්ලා පිටිය විසිරුවා හැරින  නමුත් ෂණිකවම වෙනත් ස්ථානයක මළ ගෙදරට පේන දැකින ස්ථානයක බූරුවා සෙල්ලම රෑ පහන්වන තුරු සිදු කරති.

පොලිසිය  ඒ අනුකම්පාවෙන් මනා සේ ප්‍රයෝජනය ගෙන ජංගම බූරු පොළ විවිධ ප්‍රදේශවල නිරුපද්‍රිතව පවත්වාගෙන යනු දක්නට ලැබේ.සමහර විට බූරුවා පොල නිසා තෝම් මුදලින් මුදල්   සරිකර ගන්නාවු  මුදල කුළිය නිසා මළ ගෙදර මිනී පෙට්ටියේ වැඩ ආදිය ද මළ ගෙදර වැඩ ද මිය ගිය ඥාතියාගේ අතින් කිසිදු මුදලක් වැය නොකර සිදු කරන්නට හැකිය.තුන්සිය හැටපස් දවස පුරා නන්නාඳුනන මළගෙවල්වල සරණා නිශාචර සූදු කෙළින්නෝ සිටිති.මේ අයට සත්තකින්ම සිදුවන්නේ  ජයග්‍රහණයන්ට වඩා පරාජයන්ගෙනි. නමුත් එය පෙනි පෙනිත් දැන දැකත් බූරුවා ගැසීමම සිදුකරන්ට බූරුවා කාරයන්ගේ සිරිතයි.

සමහර බූරුපිටවල ඇති සුවිශේෂ අවස්ථාවක්ද ඇත.ඒ මේ අයුරින් කන කර උකසට තබා හෝ පොලියට මුදල් ලබාගෙන සැමියන් දිරිමත් කරමින් සූදු පොළට යවන බිරින්දෑවරු දැකිය හැකිය. ත්‍රිරෝද රථයේ නැඟී මළගෙවල්වල පැවැත්වෙන රැයෙහි ජංගම බූරුපොළ වෙත සිය සැමියා සමඟ දිනපතා යනෙන කාන්තාවන්ද සිටිති.ඒ බූර්යන් සත්තකින්ම බීරියන්ය.සූදු පොළේදී හමුවන යාවජීව සාමාජික පිරිස ඇය හඳුන්වන්නේ බැංකුව යන අන්වර්ථ නාමයෙනි. සැමියා බූරු ඔට්ටු අල්ලන අතරතුර මුදල් පොලියට දීම ඇගේ රාජකාරියයි.ක්ෂණික ණයකි. සැමියා පරාද වන අවස්ථාවල පොලිය අය කර ගැනීමේ පදනම යටතේ ඔහුට ද මුදල් ලබාදෙන අතර සැමියා රතු කට්ට ඉක්මවා මත්පැන් පානය කර ඇත්නම් ත්‍රිරෝද රථයේ රියැදුරු තනතුරද දරමින් ඇය සැමියාගේ සූදුවට සහාය වන්නීය.එවැනි ළඳක් කර කරයට ගන්නා වු බූරුවා මහත්වරු සත්තකින්ම වාසනා වන්තෝ නොවේද, සමහර බූරුවා කාරයෝද කාරියන්ද  වෙනත් කිසිදු රැකියාවක නිරත නොවන අතර වසර ගණනාවක සිට බූරුවා ගැසීම සිය ජීවනෝපාය කරගෙන දිවි ගෙවති.

සත්තකින්ම මියගොස් ඇත්තේ ගැහැණියක්ද පිරිමියෙක් ද කම් නැත.අදාල නැත. ඒ අවසරයෙන් බූරුව සෙල්ලමට යන්නට බූරුවා කරයෝ සමත්ය.කොළ පනස් දෙකේ සැඟව ඇති වාසනාව සොයන්ට මේ බූරුකාරයෝ රැයක් පහන් කරති. ඒ ඇත්තටම ජීවත්වන්ටය. එය එක් අතකට නිවැරදිය. මෙහි දී මෙහි ආදීනව රැසක් ඇති නමුත්, එය බූරුවා කාරයාට අදාළ නොවේ. අප පෙර කී පරිදි බූරුපොළේ දී ලැබුණු බිම් කුලියට තෝන්  (තෝන් යනු බූරු ගැසීමේදී සංවිධායකයා විසින් ජයග්‍රාහකයාගෙන් අයකර ගන්නා කොමිස් මුදලයි) තෝම හෝ තෝන් යැය එක් එක් ප්‍රදේශවල ව්‍යවහාර කෙරේ.මේ බූරු පොළ පවත්වාගෙන අයිතිකාරයා සත්තකින්ම පොහොසත්ය.  එයට හේතුව තෝන් මුදල් සහ බිම් කුළිය එකතු කිරීම හැර කිසිම දිනක ඔට්ටු ඇල්ලීම නොකිරීමය.ඒ අයට කියන්නේ මුදලාලි කියාය.ඔවුන්ට මහා පිරිවරක්ද මැරයෝද ලඟ තබාගෙන කුමාර ජීවිතගත කරති.

මේ අතර සත්තකින්ම තරු පහේ සූදුව ද ලංකාවේ දැකිය හැකිය. උපරිම පහසුකම් ලැබේ. හිමිවේ.මේවාට ගෙවිමක් කල යතුව ඇත. ගමේ බූරු පොලේ මදුරවන් තලමින් සිදුකරන වැස්සද පින්නද ඇතිව මද අඳරේ සිදුකරන බූරුවා ගැසිම හෝටලවල් සිදුවන්නේ ජය රාමයට උපරිම පහසුකම් ඇතිවයි මෙයට සුපිරි ෆන් ඇතිව සිදුකරන බව බූරුව ගසන්නෝ කියිති.මෙම බූරුවා පොලකට ඇතුලු විය යුත්තේ මුදල් පෙන්වාය.සත්තකින්ම සමහර අවස්ථාවල දී  කැසිනෝ ශාලාවක මෙන් විස්කි, බ්‍රැන්ඩි, සිගරැට් නොමිලේ ලැබෙයි. රුපියල් දහයේ සිට දහස දක්වා මුදල් නෝට්ටු භාවිතා කිරීම මෙම ස්ථානය තුළ තහනම්ය. ඔට්ටු ඇල්ලීම සඳහා වලංගු වන්නේ රුපියල් පන්දහසේ නෝට්ටු පමණි. ලක්ෂ ගණනින් මුදල් පරාද වුවද පරාජය බාර ගැනීමට සූදානම් නොමැති උදවිය තමා සන්තකව ඇති රන් මාල බ්‍රේස්ලට් වැනි වටිනා ආභරණ වාහනය පවා උකසට තබා නැවත සූදුවට එක්වෙති.ඒ බූරුවා කරැගේ සිරිතයි. ඒවා උකස් ගැනීම සඳහා වෙනම ස්ථානයක් ආයතනය තුළම පිහිටුවා තිබේ.නැතිනම් පෙර කී ආකාරයේ පුද්ගලයන් හෝටලයේම සිටිති. වාහනය උකසට තබා ඒ මුදලද පරාජය වුවහොත් පරාජිතයා නිවසට ඇරලවීම සඳහා ප්‍රවාහන සේවාවක් ද සපයනු ලබයි.මෙම ප්‍රවාහන සේවයට කියන්නේ බූරුවා ප්‍රවාහන සේවය කියාය. සත්තකින්ම එම නම් නම් නම් කර ඇත්තේ බූරුවෙක් නොවන බවනම් අපි දනිමු. මෙම තරු පහේ හෝ තරු හතේ සුපිරි සූදුපොළ තුළට පැමිණීමට පොලිසියටද තහනම්ය.සමහර අවස්ථාවල එහි සිටින්නේ දේශපාලඥයින්, උසස් රාජ්‍ය නිලධාරින් ව්‍යාපාරිකයන් හෝ ඔවුන්ගේ කුමාර ජිවිත ගත කරන පුතුන්ය.නැතිනම් ධන කූවේ රයෝ ය. ඊට හේතුව මෙම බූරුපොළ පවත්වාගෙන යන්නේ ජනප්‍රිය දේශපාලනඥයකුගේ පූර්ණ ආශීර්වාදය යටතේ හෝ විය හැකි බවයි.

සූදු පොළක් අවසන් වන්නේ එක් අයෙකු හෝ දෙතුන් දෙනකු පමණක් ජයග්‍රහණය ලබා සෙසු සියල්ලන්ම තම තමන්ගේ සන්තකයේ තිබූ සෑම සතයක්ම පරාජය වීමෙන් පසුවය. අතේ ඇති සියලු මුදල් අවසන්වන තුරු ඔවුහු ජයග්‍රහණය ලුහුබඳිති.නොනිමි ආහා වන් පිටු පසයි. ජය පරාජය සොයා තම තමන්ගේ මුදල් සිය කැමැත්තෙන් ඔට්ටු අල්ලන්නට බූරුවා ගසන්නට නීතියෙන් තහනම්ය. බූරු ගැසුවත් ඒදෙස බලා සිටීමත් දඩුවම් ලැබියහැකි වරදකි. එසේ වරදකරුවෙක් වුවහොත් ගෙවිය යුතු උපරිම දඩය මුදලින් රුපියල් සීයකි. බූරු පිටියේ ඇති මුදල් රාජසන්තක වේ.බූරුවා පිටියත් වැටලු විට පොලිසිය පිටියේ මුදල් යම් ප්‍රමානයකිට පොලිස් කරන බවද උසාවි ආසන්නයේ නිවුස් සොයා යන අපට දැක ගත හැකිය ඒවා කියන බූරු කාරයෝද සිටිති.බූරුවා ගැසුවත් බලා සිටියත් එකම දඩුවමකි.දඩයකි.ජීවිතය ද සුදුවකි.ජීවිත උකසට තබා සමහර වෘත්තිකයන්, පරිපාලකයන් සහ දේශපාලනකයන් සූදු කෙළින සමාජයේ මේවා පුදුම සිදුවීම් වන්නේත් නැත.කාන්තාවන්ටද  සූදුවට ද ලැදි පුද්ලයා කොතරම් මුදල් ලැබුන ද විනාශවන බව බුදු දහමේ පවසයි.සූදුව හරද වැරදිද කියා අපි පවසන්නේ නැත. රජු හා බමුණා සූදු ක්‍රිඩාවේ යෙදුනු කතාව නැතිනම් ටොක්කේ කතාව බෞද්ධ පත පොතේ සඳහය.එහි ආදිනව  අප බුදු හිමියෝ දේශනා කළ සේක. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *