බොරතෙල් මිළ අඩු වෙලා දිනපතා මාධ්‍ය හමු තිබූ ආර්ථික පර්යේෂණ ඒකකය කොහිද???

බොරතෙල් මිළ සීග්‍රයෙන් බැස ඇති සමයක තෙල් මිළ අඩු විය යුතුයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති

මේ වන විට ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් සීග්‍රයෙන් පහළ යමින් තිබේ.මේ සතියේ අග වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 70 සිට 54 දක්වා අඩුවී ඇත.මේ ලෙසින් ලෝක වෙළෙඳපොළේ බොර තෙල්මිලෙහි මෙම අඩුවීම අනුව වනවිට මෙරට ඉන්ධන මිලෙහි රුපියල් 20ක පමණ අඩුවීමක් සිදුවියයුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

පසුගිය කාලය පුරාම ඩොලරය රුපියලකින් ඉහල ගිය අවස්ථාවේ එදා විපක්ෂයේ සිටි උදය ගම්මන්පිල බන්දුල ගුණවර්ධන මහත්වරුන් දිනපතා මාධ්‍ය සාකච්චා පවත්වමින් ඩොලරය ගැන සදහන් කරන ලදී සාකච්චා සම්මන්ත්‍රණ ද රට පුරා පවත්වන ලදී ඒ සදහා මෙරට ප්‍රධාන පුද්ගලික මාධ්‍ය ආයතන දෙකක් එම මාධ්‍ය හමු සහ සම්මන්ත්‍රණ වෙනුවෙන් ගුවන් කාලය වැඩි ප්‍රමාණයක් ලබාදෙන ලදී එහෙත් එවැනි තත්වයක් බොරතෙල් මිල බැසීම තුල එම මාධ්‍ය ආයතන කථා නොකිරීම ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙති

පසුගිය සමයේ පොදුජන පෙරමුණ විපක්ෂය ලෙස කටයුතු කරන විට එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස බන්දුල ගුණවර්ධන විසින් ආර්ථික පර්යේෂණ ඒකකය කියා ආර්ථිකය සම්බන්ධව තමන්ට දේශපාලන වාසි ලබාගැනීම සඳහා මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ අතර මාධ්‍ය තුළ ඒ සඳහා පැහැදිලි ගුවන් කාලයක්ද දක්නට තිබිණි.නමුත් ආණ්ඩු පෙරළියත් සමග මන්ත්‍රී බන්දුල ගුණවර්ධ අද අමාත්‍යවරයකුවී සිටින අතර ඔහුගේ ආර්ථික පර්යේෂණ ඒකකය වසා දමා ඇත.

කිසිඳු මාධ්‍යයකින් මේ මිල පහළ යාමේ වාසිය ජනතාව වෙත ලබා නොදීම ගැන ප්‍රශ්න නොකරණවා මෙන්ම ලෝක වෙළෙඳපොළ තුළ බොර තෙල් බැරලයක මිල අඩුවීම ගැනද ප්‍රශ්න නකරන්නේ නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *